පරිගණකය යනු බහුවිධ කාර්යයන් සඳහා සැකසුණු විශ්මිත උපකරණයකි. එය වරෙක ටයිප් රයිටරයක් මෙන් භාවිතා කළ හැක. වරෙක රූපවාහිනියක් ලෙසද, වරෙක වීඩියෝ ධාවක යන්ත්‍රයක් ලෙසද, වරෙක කැසට්/සී ඩී ධාවකයක් ලෙසද, වරෙක ගුවන් විදුලි යන්ත්‍රයක් ලෙසද, වරෙක ක්‍රීඩා කිරීම සඳහාද යනාදී වශයෙන් තවත් ලයිස්තුවක් කිව හැකි වන පරිදි විවිධ ප්‍රයෝජන සඳහා යොදා ගනී. මෙම ලිපියෙන් ඒ කිසිවක් ලෙස නොව, ෆැක්ස් යන්ත්‍රයක් ලෙස පර්ගණකය භාවිත කරන ආකාරය විමසා බැලීමටයි මේ සූදානම් වන්නේ.
පරිගණකයෙන් ෆැක්ස් යැවීම හා ගෙන්වා ගැනීම සඳහා සපුරාලිය යුතු මූලික දෘඩාංගමය අවශ්‍යතා දෙකක් වනවා. එනම් රැහැන් සහිත දුරකථනයක් තිබීම සහ පරිගණකයට සම්බන්ධ කළ මොඩමයක් තිබීමයි. මෙම මොඩමය අභ්‍යන්තර හෝ බාහිර එකක් වීමේ ප්‍රශ්නයක් නැහැ. එහෙත් අභ්‍යන්තර මොඩමයක් මිළෙන් අඩු නිසා ඔබට දැනටමත් දුරකථන පහසුකම් තිබෙනවා නම් අභ්‍යන්තර මොඩමයක් සවි කර ගැනීම ආර්ථික වශයෙන් ලාභදායි වේවි. මෙම ලිපියෙන් අභ්‍යන්තර මොඩමයක් හරහා ෆැක්ස් යැවීමේ කටයුත්ත කරන්නේ කෙසේද කියා විමසා බලමු.
එනම් බිත්තියේ ඇති දරකථන socket splitter එකෙන් ඔබ මීට පෙර දුරකථනයට සම්බන්ධ කර තිබූ රැහැන දැන් මොඩමයේ line නම් ස්ථානයටත් එතැනින් එන phone නම් ස්ථානයෙන් ලබාගත් අමතර රැහැනක් මගින් දුරකථනයටත් යනාදී වශයෙන් රැහැන් සම්බන්ධ කරගන්න. (phone නම් ස්ථානයෙන් ගන්නා රැහැන මෙහිදී අත්‍යවශ්‍ය නොවේ. එය අවශ්‍ය වන්නේ දුරකථනයෙන් ඇමතුමක් ලබාගැනීමේ අවශ්‍යතාවයද එවිට එකවිටම ඉටුකරගැනීමට හැකි බැවිනි)
මෙහි ඇති send fax නම් button එක මගින් අලුතින් ෆැක්ස් එකක් යැවීම ආරම්භ කළ හැකි අතර වෙනත් දුරකතණයකින් ඔබේ දුරකථණය නාද කර වූ විට මෙම මෘදුකාංගය මගින් ෆැක්ස් එකක් ලැබෙන බව ස්වයංක්‍රීයව දැනුම් දීමක් කරයි එවිට receive fax යන්න මත ක්ලික් කිරීමෙන් එම ෆැක්ස් එක ඔබේ පරිගණකයට ගෙන්වා ගැනීමට පුළුවන්. අවශ්‍යනම් මෙම ෆැක්ස් එකේ මුද්‍රිත පිටපතක් ඔබට ලබාගත හැකි අතර නොඑසේ නම් එය කියවා බලා මකා දැමීමට වුවද පුළුවන.







0 comments:
Post a Comment