November 23, 2016

පිටසක්වල ජිවය සෙවීමට කෘතීම බුද්ධිය භාවිතය

සමුදුරු තරම් සුවිශාල වූ අවකාශයේ තොරතුරු (අවකාශ දත්ත) වලින් වාසයට සුදුසු බාහිර ග්‍රලෝක හෝ භුමි සොයා ගැනීම සදහා වේගවත්ව සිතීමට හැකියාව ඇති පරිගණක අත්‍යාවශ්‍ය වේ.

බාහිර ග්‍රහලෝක වල වායුගෝලය විශ්ලේෂණය කර කුමන බාහිර ග්‍රහලෝකවලට  පාරභෞමික ජිවය පවත්වාගෙන යාමට හැකියාව තිබේදැයි හදුනාගැනීම සදහා විද්‍යාඥයින්ට උපකාර කළ හැකි කෘතීම බුද්ධියක් (artificial intelegence) විද්‍යාඥන් විසින් සංවර්ධනය කර ඇත.

1990 දශකයේ මුල් භාගයේදී අපගේ සෞරග්‍රහමණ්ඩලයට පිටතින් ඇති ග්‍රහලෝක හදුනාගැනීමට තාරකා විද්‍යාඥයෝ සමත් වුහ.එතැන් සිට විද්‍යාඥයින් බාහිර ග්‍රලෝක 3400 ක් පමණ හදුනාගෙන තිබේ. ඒවායින් කුමන ග්‍රහලෝක වල පාර්භෞමික ජිවය පැවතීමට පහසුකම් පවතීදැයි තීරණය කිරීමට විද්‍යාඥයින්ට දැන් අවශ්‍ය වී තිබේ. එහෙත් දැන් එක් ග්‍රහලෝකයක් පිළිබද අධ්‍යනය සදහා පර්යේෂකයෝ දින හෝ සති ගණනක් වෙහෙස විය යුතුය. 2018 වසරේදී දියත් කරන James Web අභ්‍යවකාශ දුර දක්නය (space telescope) වැනි නව උපකරණ මගින් ලබාදෙන සුවිශාල අවකාශ දත්ත හදුනාගැනීමේ ක්‍රියායනය මිනිසුන් වන විද්‍යාඥයින්ට පමණක් ක්‍රියාත්මක කළ නොහැකිය. මෙලෙස දත්ත ක්‍රියායනය ප්‍රමාදවීම නිසා නව සොයාගැනීම් වැළකීයාම හෝ බොහෝසේ ප්‍රමාදවීම හෝ සිදුවිය හැක. එනිසා දත්ත ක්‍රියායනය ප්‍රමාදවීම වැලැක්වීමට London University College (ලන්ඩන් විශ්වවිද්‍යාල විද්‍යාලය) විසින් RobERt නම් කෘතීම බුද්ධිය නිර්මාණය කරන ලද අතර එමගින් අවකාශ දත්ත මිනිසුන්ට වඩා අධික වේගයකින් ගැඹුරින් සුපරීක්ෂණය (දත්ත ක්‍රියායනය) කර වාසයට සුදුසු ග්‍රහලෝක පිළිබද ඉඟි දැනගත හැකි වේ.

ආසන්නයේ ඇති තාරකා නිසා ග්‍රහලෝක මගින් පරාවර්තනය කරන සියුම් ආලෝක කොටස් එම වායුගෝල හරහා ගමන් කරයි. එහිදී එම ආලෝක කොටස් වායුගෝලයේ ඇති විවිධ වායු මගින් අවශෝෂණය හෝ විශේෂ තරංග ආයාමයන් සහිත ආලෝක කොටස් එතුලින් ගමන් කිරීම හෝ සිදුවේ. පෘථිවියේ සිට නිරීක්ෂණය කරන විද්‍යාඥයන්ට එම වර්ණාවලි භාවිතා කර බාහිර ග්‍රහලෝකයේ වායුගෝලය සැදී ඇති ආකාරය හදුනාගැනීමට මෙන්ම පාරභෞමික ජිවින්ට හෝ අනාගත මානව ගවේෂකයන්ට එහි ජිවය පවත්වාගෙන යාමට එම ග්‍රහලෝකයට පහසුකම්  සැලසිය හැකිදැයි තීරණය කළ හැක. මේ සදහා නිරීක්ෂකයෝ අදාළ අවකාශ දත්ත ක්‍රියායනය කළ යුතුය.

ලන්ඩන් විශ්වවිද්‍යාල විද්‍යාලයේ  පර්යේෂකයන් නිර්මාණය කළ RobERt කෘතීම බුද්ධිය මගින් මිනිසුන්ට කිසිදා කළ නොහැකි වේගයකින් අවකාශ දත්ත මෙලෙස ගැඹුරින් ක්‍රියායනය (විශ්ලේෂණය) කර වාසයට සුදුසු බාහිර ග්‍රහලෝක ඉක්මනින් හදුනාගත හැකි වේ.


අන්තර්ජාලය ඇසුරෙණි 

0 comments:

Post a Comment