November 2, 2016

බීට් ගැන ඔබ නොදත් දේ....

 වර්තමාන කාලයේදී සුඛෝපභෝගි ආහාර ලෙස බොහෝමයක් ආහාර නම් කර ඇත. එළවළුව වර්ග බොහොමයකට මෙම නම ආරෝපණය කරඇත. එවැනි ආහාරවල ඇති සෞඛ්‍ය හා ගුණාත්මක භාවය ගැන නොසලකා හැර මෙවැනි අදහසක් ප්‍රකාශකර ඇත. අප කාඅතරත් බීට් ලෙස හදුන්වන එළවළුව සුඛෝපභෝගී ආහාරයක් ලෙස සැලකිය හැකිද?  


බීට් යනු මොනවාද?


            බීට්, බීට්රූට් යනුවෙන්ද හදුන්වනු ලැබේ. ටේබල් බීට්, ගාඩ්න් බීට් හා රෙඩ් බීට් යනු Beta vulgaris වල අන්තර්ගත බීට් විශේෂයන්ගෙන් සමහරකි. බීට් වගා කරනුයේ ඒවායේ පත්‍ර හා අල සදහායි. වගාකරනු ලබන අනෙකුත් වගීය සුගර් බීට් නම් වේ. ඒවායේ මදය සුදු පාටින් යුක්ත වන අතර Chard නමින් හදුන්වනු ලබන කොළ එළවළුවක්ද වේ.

           බීට් බොහෝ විට තද රතුපාටින් යුක්තවේ. කෙසේ වෙතත් ඒවා රත්‍රංපාටින්, සුදුපාටින්, ලබාගත හැක. වාර්තාගත ඉතිහාසයන් පටන්ගත්දා පටන් ඒවා වගාකර ඇත. ඒවා ආහාර සදහා මෙන්ම බෙහෙත් වර්ග සදහාද යොදාගෙන ඇත. වෛද්‍ය කටයුතු සදහා යොදාගෙන ඇත්තේ උණ, බඩේ අමාරුව හා සමෙහි රෝග සදහායි. 


බීට් වල ඇති ඹෟෂධීය ගුණ

             අධි රුධිර පීඩනය අඩු කරයි. අධි රුධිර පීඩනය ඇති අයට බීට් අනුභව කිරීමෙන් හෝ බීට් යුෂ පානය කිරීමෙන් ය අඩු කරගත හැකි  බැව් පර්යේෂණ මගින් සොයාගෙන ඇත.
බීට් යුෂෙහි ඇති නයිට්ට්‍රෙට් නිසා  අධි රුධිර පීඩනය අඩුකිරීමට හේතුවන බව සොයාගෙන ඇත. පහසුවෙන් ලේ සංසරණය කිරීමට හැකිවන සේ ලේ නහර පුළුල් කිරීමට මෙම නයිට්ට්‍රෙට් වලට හැකියාවක් ඇත. පර්යේෂකයින් අවබෝධකරගෙන ඇති ආකාරයට, බීට් යුෂ  කෝප්පයක් පානය කිරීමෙන් සැලකියයුතු ප්‍රමාණයකින් අධි රුධිර පීඩනය ඇති අයගේ අධි රුධිර පීඩනය අඩුවන බවයි.

ස්නායු හානිය අඩුකිරීම
           දියවැඩියා රෝගීන්ගේ ස්නායු හානිය අඩු කිරීමට බීට්වල අඩංගු Antioxidant වන Alpha-lipoic නැමති අම්ලය උපකාරි වන බව පර්යේෂණ මගින් වාර්තා වී ඇත.

  
ව්‍යායාම වැඩිදියුණු කිරීමට
         බීට් යුෂ පානය කිරීමෙන් ව්‍යායාම කරන අවස්ථාවේදී මස්පිඩු වලට ඔක්සිජන් ලබාගැනීම වැඩිදියුණුකර  ව්‍යායාම කිරීම වේගවත් කිරීමටත්, ක්‍රමාණුකූලව කිරීමටත් හැකිවන බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත.  ව්‍යායාම කිරීම, හෘදරෝග වර්ධනය වීම අඩු කිරීමටත් අනෙකුත් හෘදස්පන්දනය කිරීමේ අක්‍රමිකතාවයන් මර්ධනය කිරීමටත් ඉවහල් වේ. මෙය විශේෂයෙන්ම දියවැඩියාව ඇති අයට මහෝපකාරි වේ. මක්නිසාද යත් එවැනි අයට ආබාධිත තත්වයන් තදින් බලපවත්වන බව යි.

බීට්වල ඇති ආහාර පෝෂණය
          බීට්වල  ඉතාමත් අඩු කැලරි ප්‍රමාණයක් ඇති අතර ඇන්ටි ඔක්සිජන් ප්‍රමාණය ඉතාමත් අධිකය. එසේම මෙහි අන්තර්ගත Betalains  නැමති phytonutrients අඩංගු වේ. එසේම මෙහි Folate, Manganese වැඩි ප්‍රමාණයක් අඩංගු  වන අතර, Chlolesterol  නොමැති අතර ඉතා සුළු ප්‍රමාණයක් මේදය අඩංගු වේ.
බීට් 100g  කාබෝහයිඩ්‍රේට් 9.96g  ක්ද සීනි 7.96g ක්ද   Dietaryfiber 2g  ක්ද ප්‍රෝටීන්  1.68g ක් සහ විටමින් සහ ඛණිජලවන ඇතුලත්ය. 

සකස් කලේ-
ඒ.ඒ.සී.වී. අතාවුද
විද්‍යා හා තාක්ෂණ නිලධාරි - අරණායක

0 comments:

Post a Comment