November 7, 2016

තරබාරුකම ඇති වන්නේ කෙසේද?

 
කැලිඊෆෝනියාවේ ජාතික විශ්ව විද්‍යාලයේ ජීව රසායන විද්‍යාඥ ජුලියෝ ලුකිනියෝ ප්‍රමුඛ ජීව රසායන විද්‍යාඥයන් කණ්ඩායමක් තරබාරුකම පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණයක් පැවැත්වීමෙන් නවතම විද්‍යා තොරතුරු රැසක් අනාවරණය කළහ. නවතම පර්යේෂණයන්ට අනුව කාන්තා පරපුර සීඝ්‍රයෙන් තරබාරුවට ගොදුරු වන බව අනාවරණය වී ඇත. තරබාරුවට ඉවහල් වන මේද සෛල කුසගින්නට එරෙහිව ක්‍රියාත්මක වන අතර ශරීරයේ ආරක්ෂාවද සපයයි. එයින් නිකුත්වන හෝමෝන හා රසායන ද්‍රව්‍යයන් ආසාදන ඇති කෙරෙන හෙයින් තරබාරුව ඇති කෙරේ. මෙම සෛල නිරන්තරයෙන් වර්ධනය වන බැවින් නිදන්ගත ආසාදනයන්ට මඟ පාදයි.

වර්තමානයේ අවයව ලෙහෙසියෙන්ම ආසාදනය වීමට හේතු වී ඇත්තේ මිනිසා අනුගමනය කරන අක්‍රමවත් ආහාර රටාවන් හා ක්‍රම වේද නිසාය. කැලරි අවශෝෂණය වීමේදී මේද සෛලයන් විශාල වන අතර හය ගුණයකින් පමණ ප්‍රසාරණය වේ. ශරීරය විශාල වී ස්නායු පද්ධතියට බෙහෙවින් බලපෑම් ඇතිකරන හෙයින් තරබාරු අය අලස කමින් නිදා ගැනීමට යොමු වීමෙන් හෘදයාබාධ, දියවැඩියාව වැනි රෝගයන්ට ගොදුරු වේ.

විද්‍යා හා තාක්ෂණ නිලධාරි ,

ගම්පහ 

0 comments:

Post a Comment