November 9, 2016

පුනර්ජනනීය බලශක්තිය භාවිතයට නැඹුරු විය යුත්තේ ඇයි?

ශ්‍රී ලංකාවේ ජල විදුලි බල නිෂ්පාදනය ආරම්භ කිරීමේ පුරෝගාමියා  සම්මානනීය ඉන්ජිනේරුවකු වන D.J. විමලසුරේන්ද්‍ර මහතායි. 1950 ලක්ෂපාන විදුලි ව්‍යාපෘතියෙන් ආරම්භ වූ මෙය, මේ වන විට විදුලි බලාගාර 120  ක් දක්වා වර්ධනය වී ඇත. (1996 දී දික්ඔය බලාගාරයෙන් පටන්ගෙන 2013 ගම්පොල බලාගාරය දක්වා) ජාතික විදුලි බල සැපයුමට විශාල දායකත්වය මේවා මගින් ලබා දී අති අතර ජලය අඩු වූ විට තාප විදුලි බලය ද ප්‍රයෝජණයට ගනියි. නමුත් පූර්ණ සංවර්ධනයක් ලෙස රටක සැලකිය හැක්කේ පරිසරය රැකගෙන ආර්ථිකය ගොඩ නගා ගැනීමයි. මෙසේ පරිසරයට ප්‍රමුඛතාවය ලබා දෙමින් සිදු කරන සංවර්ධනයේ දී පරිසර හිතකාමී බලශක්ති නිෂ්පාදනය වැදගත් වේ. නැවත නැවතත් ජනනය කල හැකි හෙවත් පුනර්ජනනීය බලශක්තිය උපරිමව යොදා ගැනීම වැදගත් වන්නේ එබැවිනි. එම නිසාම මුළු ලොවේම අවධානය මෙම පුනර්ජනීය බලශක්ති උත්පාදනය කෙරේ යොමුව ඇත.
පුනර්ජනනීය බලශක්ති ලෙස යොදා ගත හැකි ක්‍රමවේද රැසක් අද ලොව පුරා ව්‍යාප්තව ඇත. ජල විදුලිය, සූර්ය ශක්තිය, සුලං බලය, රල ශක්තිය, ජීව වායු ශක්තිය ඒවා අතර වේ. 


ලංකාවට මින් වැදගත් වන්නේ ජල විදුලි බලයයි. ඊට හේතුව අන් සෑම දෙයකටම වඩා මෙය පරිසර හිතකාමී වීමයි. විදෙස් රටවලින් ණය ලබා ගෙන ආරම්භ කල නොරොච්චෝලේ, කල්පිටිය වැනි විදුලි බලාගාරවලින් අපේක්ෂිත තරම් විදුලිය ජනනය කිරීමට හැකිව නැති බැවින් මහා පරිමාණ ව්‍යාපෘති ඇති කරනවාට වඩා කුඩා ප්‍රමාණයෙන් ජල විදුලිය නිෂ්පාදනය පිළිබද අවධානය යොමු කල යුතුය. පවතින කුඩා ජල විදුලි බලාගාර 120 හි ධාරිතාව 225MW කි. මේවා මගින් වාර්ෂිකව 900GW ක් පමණ ජාතික විදුලිබල පද්ධතියට එකතු වන අතර පවුල් 745000කගේ පමණ අවශ්‍යතා පිරිමැසේ. එසේම ස්ථිර රැකියා 4800 ක් පමණ ලැබී තිබේ. මෙම කුඩා විදුලි බලාගාර පෞද්ගලික ව්‍යවසායකයන් ද වන අතර ඉතා අඩු මුදලකට නිපදවන විදුලිය වැඩි මිලකට විදුලිබල මණ්ඩලයට විකිණීම නිසා කුඩා පරිමාන විදුලිබලාගාර පිහිටුවීමේ මුඛ්‍ය අදහසට බාධා පැමිණ ඇත.
නමුත් මෙම බලාගාර මගින් වසරකට ලබා දෙන 900 GW සඳහා තාප බලාගාර යොදා ගන්නේ නම්, ඒ සඳහා වන ඩීසල් වියදම ද පරිසර  හානිය ද ඉතා විශාලය. Co2 ටොන් 549000 ක් හා So2 ටොන් 11000 ක් පමණ වායු ගෝලයට මුදා හැරීම නිසා වායු ගෝලය දූෂණය මෙන් ම ජීවීන්ට ද හානි සිදුකරයි. එබැවින් රජයේ අවධානය කුඩා පරිමාන ජල විදුලි බලාගාර කෙරෙහි යොමු විය යුතුවේ.

පුනර්ජනනීය  විදුලිබල ව්‍යාපෘති සඳහා පහසුකම් සැලසීමට ව්‍යවස්ථාපිත බලය ඇත්තේ සුනිත්‍ය බල ශක්ති අධිකාරියටයි. (Sustainable Energy Authority) ඊට අමතරව විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාව වැදගත් කාර්යක් ඉටු කරයි. මෙම කාර්යයේ දී ආයෝජකයින් පසුබට වී ඇත්තේ අනුමැතිය ලබා ගැනීමට රාජ්‍ය ආයතන රැසක් හරහා ඉතා පිඩාකාරී හා දීර්ග වු ගමනක් යාමට සිදු වීම, ඉඩම් සම්බන්ධ ගැටළු සහ දැනට පවතින සම්ප්‍රදායික පරිපාලන රටාව විසින් සිදුකර ඇති  ඇති බාධා වේ. කරුණු මෙසේ වීම හෙයින් විදුලිබලය උත්පාදනය සඳහා වැඩි වැයක් දැරුව හොත් විදුලි බිල වැඩි වීම වැලැක්විය නොහැක. එහිදී ජනතාව අපහසුතාවයට ලක් වෙයි.

0 comments:

Post a Comment