November 28, 2016

සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් මගින් පුද්ගලිකත්වය පුරෝකථනය

ඔබගේ අංකිත ඇඟිලි සළකුණු  සැම තැනම පැතිර ඇති අතර එමගින් ඔබ පිළිබද බොහෝ දේ  හෙළිදරව් කරනු ඇත.

සැමවිටම සම්බන්ධව පවතින සමාජ මාධ්‍ය සහ “Internet Thing (අන්තර්ජාලකරණය)” තුළින් ගෙගාබයිට් බිලියන 2.5 ක ඇස්තමේන්තුගත පෞද්ගලික දත්ත (තොරතුරු) සෑම දිනකම එළි දැක්වේ. එම තොරතුරු සියල්ල විවිධ සමාගම්වලට, රජයන්ට පමණක් නොව සාහසිකයන්ටද ලබා ගත හැකිය. 
එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය තුළ පිහිටි The Psychometric Centre (මනෝ මිතික කේන්ද්‍රය) සහ Ubisoft පරිගණක ක්‍රීඩා වැඩසටහන් නිෂ්පාදන සමාගම එක්ව “Predictive World (පුරෝකථන ලෝකය)” නම් අන්‍යොන්‍ය වශයෙන් ක්‍රියාත්මක වන වැඩසටහනක් සකස්කර තිබේ. එමගින් ඔබගේ සමාජීය රූපකාය භාවිතාකර ඔබගේ චර්යාවන් සහ ජිවන ක්‍රමය  පිළිබද පුරෝකථනය කරන අයුරු විනිවිද දැකිය හැකිය. ලොවෙහි ක්‍රියාන්විත වික්‍රම (action-adventure) ක්‍රීඩාවක් වූ Watch Dog2 තුළින් මෙම ව්‍යාපෘතිය ළඟදීම සජීවීව එළි දැක්වෙනු ඇත.  

මෙම වැඩසටහනට  ඔබගේ මුහුණු පොත් ගිණුම සරලව සම්බන්ධ කිරීම පමණක් සෑහේ. එවිට වැඩසටහනේ ඇති ඇල්ගොරිතමය මගින් ඔබගේ පොදු තොරතුරු සහ අන්තර්ජාල ක්‍රියාකාරකම් සියුම්ව සෝදිසි කර ඔබ ගැන අනාගත සහ වර්තමාන පුරෝකථන 60 කට වැඩි ප්‍රමාණයක් ලබාදෙනු ඇත. ඔබගේ වයස, ලිංගිකත්වය, කලා ලැදියාවන්, ඇබ්බැහිවීම් පමණක් නොව විවිධ අන්තරායන්ට ගොදුරුවිමට ඇති හැකියාවන්ද මෙම පුරෝකථනයට ඇතුලත් වේ. 

එය විනොදජනක වුවද එමගින් ඔබගේ  තොරතුරු තවත් ජාලයකට ලබාදීමක් සිදුවේ. මෙම වැඩසටහන ඔබගේ තොරතුරු රැස් නොකරන බව දැන්වීම ඔබ පිළිනොගත්තද තොරතුරු තවදුරටත් ඇතුලත් කළ හැකිය.   


අන්තර්ජාලය ඇසුරෙණි.

0 comments:

Post a Comment