November 30, 2016

Google ආයතනයේ සියුම් අධ්‍යන තාක්ෂණය මගින් රෝග විනිශ්චය

ප්‍රමාණවත් පරිදි ජායාරුප ලබාදී නිවැරිදි අල්ගොරිතමයද ඇතුලත් කළ හැකි නම් පරිගණකයට ජායාරුප වඩාත් නිවැරිදිව නිරීක්ෂණය කළ හැකිය. එපරිද්දෙන් හානියට පත්වූ ඇස්වල ජායාරුප පරිගණකයට ලැබෙන්නේ නම් එයට මිනිස් ඇසට වඩා සියුම්ව අක්ෂි රෝග හදුනාගත හැකි වේ.

දියවැඩියා රෝගීන් නිතරම පාහේ diabetic retinopathy නම් අක්ෂි පටල රෝගයට භාජනය වේ. මෙහිදී ඇසේ පිටුපස රෙටිනාවේ ඇති කුඩා රුධිර වාහිනී හානියට පත්වී කාන්දුවීම ආරම්භ වේ. දියවැඩියා රෝගීන් තුනෙන් එකකට මෙවැනි අක්ෂි හානි සිදුවන අතර මුලදී හදුනාගෙන ප්‍රතිකාර නොකළහොත් රෝගීන් ස්ථිරව අන්ධ වීමට ඉඩ තිබේ. එහෙත් රෝග ලක්ෂණ මුලින් හදුනාගත්තේ නම් රෝගය ප්‍රතිකාර මගින් සුව කළ හැකිය.

ගැටලුව වි ඇත්තේ එවැනි රෝග විනිශ්චය කළ හැකි අක්ෂි විශේසඥයන්ගේ සායනය ලබා ගැනීමට මින්සුන්ට ප්‍රමාණවත් අවස්ථාවන් නොතිබමයි. ලොව පුරා මිලියන 387 ක් පමණ වන දියවැඩියා රෝගීන්ගේ අති බහුතරයකට ඔවුන්ගේ ඇස් පරික්ෂාකර ගැනීමට අවකාශයක් නොමැති වීමෙන් රෝගය වලක්වා ගැනීමේ ක්‍රමවේදය හොදින් ක්‍රියාත්මක නොවේ. වැඩකරන ජනතාවගේ ඇස් පෙනීම දුර්වල වීමට හෝ අන්ධවීමට ප්‍රධාන හේතුවක් ලෙස diabetic retinopathy රෝගය හදුනාගෙන තිබේ.
මෙම ගැටලුවට පිළියමක් ලෙස Google ආයතනය විසින් සියුම් යාන්ත්‍රික අධ්‍යන තාක්ෂණික ක්‍රමවේදය සංවර්ධනය කර තිබේ. රෝගීන්ගේ ඇස් වල ජායාරුප මගින් දියවැඩියා retinopathy රෝගය හදුනාගැනීම/ විනිශ්චය කරන ස්නායු ජාලයක්  පරිගණක වලට මෙමගින් ඉගැන්වේ.

අමෙරිකානු වෛද්‍ය සංගමයේ  (American Medical Association) සඟරාවෙහි මේ පිළබද අධ්‍යනයේ තොරතුරු Google ආයතනය විසින් පල කර ඇති අතර  හර්ද රෝග සහ සමහර පිළිකා රෝග විනිශ්චය ජායාරුප අනුසාරයෙන් පරිගණක විසින් සිදු කරන ආකාරයද එහි පැහැදිලි කර තිබේ.  


අන්තර්ජාලය ඇසුරෙණි.

https://www.youtube.com/watch?v=Ys1sBhz2EWg

0 comments:

Post a Comment