November 24, 2016

සුපිරි සන්නායකත්වය

නවක විද්‍යාඥයකුගේ ජිවිත කාලයෙන් අඩක් එනම් වසර 30 ක පමණ කාලයක සිට ලොව විප්ලවකාරී ලෙස වෙනස් කරන නව සොයාගැනීමක් සදහා තිබු අපේක්ෂාව ඉතා දීර්ඝකාලීන වේ. චීනයේ චංචුං හි ජිලන් විශ්ව විද්‍යාලයේ යන්මිං මා පවසන පරිදි තෝරාගත් පර්යේෂක කණ්ඩායමක් මිනිසුන්ගේ සාමාන්‍ය ජිවන රටාව වෙනස් කළ හැකි විප්ලවකාරී සොයා ගැනීමක් ආසන්නයේ සිටියි.

කාමර උෂ්ණත්වයේ සහ පරිමන්ඩිත පීඩනය තුළ ක්‍රියාකාරී වන සුපිරි සන්නායකයක් යනු විප්ලවීය සොයාගැනීමකි. 

කිසිදු ප්‍රතිරෝධයකින් තොරව (ශුන්‍ය) විදුලිය සන්නයනය(ගමන් කළ ) හැකි ද්‍රව්‍ය සුපිරි සන්නායක වේ. මෙම සංසිද්ධිය ප්‍රථම වරට සොයා ගන්නා ලද්දේ ඕලන්ද ජාතික විද්‍යාඥ Heike Kamerlingh Onnes ය. 1911දි ඔහු රසදිය විදුලිය සදහා දක්වන ප්‍රතිරෝධය - 4.200C උෂ්ණත්වයේදී ශුන්‍ය දක්වා පහල බසින බව සොයා ගත්තේය. එලෙසම තවත් ද්‍රව්‍ය කිහිපයක් ඊට වඩා සුළු වශයෙන් ඉහළ උෂ්ණත්ව වලදී සුපිරි සන්නායකත්වයක් දක්වන බවද සොයා ගැනිණි. එහෙත් එවැනි සුපිරි සන්නායක භාවිතය සදහා අවශ්‍ය අසීමිත ශීතකරණයේ අපහසුව නිසා මෙම සංසිද්ධියේ ප්‍රයෝජනවත් බව නැති විය.

ඉහළ උෂ්ණත්වයේදී සුපිරි සන්නායකයන් 1986 වසර වනතෙක් සොයා ගැනීමට නොහැකි විය. 1000C ක තරම් ඉහළ උෂ්ණත්වයකදී ක්‍රියාකරන සුපිරි සන්නායකයන් 1986දි සොයා ගන්නා ලදී. එමගින් කාමර උෂ්ණත්වයේදී ක්‍රියාත්මක වන සුපිරි සන්නායක සොයාගත හැකි බව තහවුරු විය.
එහෙත් මෙම දෙවන පියවර මේ දක්වා වසර 30ක් ගත වුවද සාර්ථකවී නොමැති බව එක්සත් රාජධානියේ එඩින්බර්ග් විශ්ව විද්‍යාලයේ Paul Attfield ප්‍රකාශ කර තිබේ. එතරම් ඉහළ නොවන උෂ්ණත්ව වල ක්‍රියාකරන සුපිරි සන්නායක සොයා ගන්නා ලද නමුත් ක්‍රියාත්මකවීම සදහා අධික ලෙස ඉහළ පීඩනයක් අවශ්‍ය විය.
 

ප්‍රවාහනය සහ විදුලිබල සම්ප්‍රේෂණය වැනි ආදේශක වලින් ලොව විප්ලවකාරී වෙනසකට භාජනය කළ හැකි සුපිරි සන්නායක අද දිනයේදී ප්‍රායෝගික නොවුවත් සුපිරි සන්නායක කරළියට පැමිණීමට වැඩි කල් ගත නොවනු ඇත.

අන්තර්ජාලය ඇසුරෙණි.

https://www.youtube.com/watch?v=2xOAb68agy0

0 comments:

Post a Comment