November 17, 2016

බලශක්තිය සඳහා නව බැටරි විශේෂයක්

ශක්තිය ගබඩා කිරිම සඳහා විකල්ප ක්‍රමයක් ලෙස Turbo Charged ( තලබවන ආරෝපිත) තාක්ෂණය  ස්මාට් දුරකථනයේ සිට ස්මාට් ජාල දක්වා වූ බොහෝ උපකරණ වල අභිවෘද්ධියට හේතු වනවා ඇත.

ඇමෙරිකාවේ Nevada කාන්තාරයේ යෝධ කාර්මාන්තශාලාවක් ඉදිවෙමින් පවති. එය වර්‍ග මීටර 600,00 ක භුමියක් පුරා පැතිරුණු මන්දිරයක් වැනිය. Tesla Motor සමාගම නම් විදුලි මෝටර් රථ සමාගම එය ඉදිකරනුයේ ඔවුන් නිෂ්පාදනය කරන වාහන සඳහා අවශ්‍ය එක් උපාංගයක් වන බැටරි නිපදවීම සඳහා පමණි. හොඳ තත්වයේ නැවත ආරෝපණය කල හැකි විදුලි මොටර් රථ බැටරියක මිල ඉතා ඉහල වේ. එහෙත් ඒවා වසර කිහිපයකට පසු දැඩි ලෙස අකර්මණ්‍ය වේ. විනාශකාරි අධික රත්වීමකින් වළකා මෙවැනි අකර්මණ්‍ය වූ කෝෂ විනාශ කිරීමද ඉතා ආරක්ෂකාරිව සැලසුම් කර  කළ යුතුය. විදුලි මෝටර් රථ සඳහා භාවිතා කිරිමට දරාගත හැකි මිලකට වඩා හොද කෝෂ (බැටරි) යක අවශ්‍යතාවය සාක්ෂාත් කරගත් Tesla සමාගම හා ප්‍රධාන විධායක නිලධාරි Elon Musk මෙම electrical  Turbo Charged බැටරි නිෂ්පාදනයට යොමු වී තිබේ.

මෑතකදී සිදුවු ඛේදවාචකයක් ලෙස  Samsung සමාගමේ  Galaxy Note 7  ස්මාට් දුරකථනයේ බැටරිය පුපුරායාම සැලකිය හැකිය. ඒ නිසා  එම ස්මාට් දුරකථන සියල්ල විකිණීම තහනම් කිරීමට සහ නිෂ්පාදනය නවතා දැමීමට Samsung සමාගට සිදුවිය. මේ සම්බන්ධයෙන් samsung සමාගමේ  සභාපති                       මේ පාඩුව මගේ හදවතේ විශාල වේදනාවක් ඇති කළා යැයි ප්‍රකාශ කළේය. ලාභදායි වූ වඩා හොද කෝෂ වල අවශ්‍යතාවය ඉතා ඉහළ මට්ටමක වර්තමානයේ පවතින අතර ඒ සඳහා පොසිල ඉන්ධන භාවිතා නොවන ඕනෑම තාක්ෂණයක් ආදේශ කර ගැනීම යෝග්‍ය වේ. කෙසේවෙතත් එවැනි විභවයක්  සහිත  කෝෂයක් නිෂ්පාදනය ඉතා වෙහෙසකාරි ක්‍රියාවක් බව Musk  හා අන් අයගේ අත්දැකිම වේ. ලාභදායි ලෙස ශක්තිය ගබඩාකර ලබාදීමට හැකි  උපකරණයක් සෑදීම පර්යේෂකයන්  තුළ  බොහෝ කලක සිට පැවති අභියෝගයකි. Turbo Charged තාක්ෂණයට අපට අවශ්‍ය ශක්තිය අපට අවශ්‍ය පරිදි ලබා දීමට හැකි විභවයක් ඇති බව ඔවුන්ගෙ අදහසයි. එනම් එය  ශක්තිය භාවිතා කිරිමේ විප්ලවයක් ලෙසද හැදින්විය හැක.

අන්තර්ජාලය ඇසුරෙණි

https://www.youtube.com/watch?v=VxL3GtDE22M

0 comments:

Post a Comment