November 1, 2016

කිමිදීමේ සූරයාගේ වගතුග

සත්ව ලෝකයේ අවිහිංසක මෙන්ම මිනිසාගේ ස්වරූපයෙන් ඇවිදින පෙන්ග්වින්(Penguin) ජීව ලෝකයේ ඉතාමත් අපූරු සත්ව විශේෂයකි. දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයෙහි පෙන්ග්වින් විශේෂ 17ක් සිටින අතර උත්තර ධ්‍රැව ප්‍රදේශයෙහි වර්ග 2ක් දක්නට ලැබේ. කුඩා ශරීරයක් ඇති විශේෂය ඇංඩලි යනුවෙන් හැඳින්වෙන අතර ලොකු වර්ගය එම්පරර් යනුවෙන් හැඳින්වේ. ඇඩෙල වර්ගයේ පෙන්ග්වින් පක්ෂීයෙකු අඩි 4ක් පමණ උස වන අතර උගේ පාද අඟල් 3ක් පමණ උසය. ඔවුන් ගමන් කරන්නේ සෟජුව ඉදිරිය බලාගෙනය. ඇඩෙලි වර්ගයේ පෙන්ග්වින් පක්ෂියෙකුගේ ගමන් වේගය පැයට සැතපුම් 10 ක් පමණ වේ. අධික ශිත සෟතුවේදී ඇන්ටාන්ටිකාවේ සිට සැතපුම් 500 ක් දුරට ඇවිදගෙන යන් පක්ෂීන් පිළිබඳව සත්ව විද්‍යාඥයන් විශේෂයෙන් සඳහන් කර ඇත.

ඇතැම් විට හිම කඳු මුදුනක තැනිතලා පෙදෙසක එක් පෙන්ග්වින් රංචුවක 20,000 ක් 30,000 ක් අතර පෙන්ග්වින් පක්ෂීන් සංඛ්‍යාවක් දැකිය හැක.

පෙන්ග්වින් ගැහැණු සතාත් පිරිමි සතාත් වෙන් වෙන්ව හඳුනාගැනීම  දුෂ්කර වන අතර ශරීර ප්‍රමාණයෙන් හා ස්වරූපයෙන් දෙදෙනාම එක සමානය. ගැහැණු සතා එක්වරකට බිත්තර 2 ක් පමණ දමයි. බිත්තර දින 40කට පමණ පසුව පුපුරා පැටවුන් බිහිවෙයි. මේ කාලය තුළ පෙන්ග්වින් කුරැල්ලා සහ කිරිල්ලිය මාරුවෙන් මාරුවට බිත්තර රකිති. උන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ මූදු පැලෑටියක් වන ප්ලැංක්ටන් සහ එවැනි මූදු පැලෑටියි. එහෙයින් මුහුදේ ආහාර සේවීමට උන්ට සිදු වේ. උගේ කෙටි පියාපත් දියමත පිහිනීමට උපකාර වන අතර පැයකට සැතපුම් 25 ක පමණ වේගයෙන් ඌට  පිහිනීමට හැක.

0 comments:

Post a Comment