November 7, 2016

සිඟිති ජීවීන් බෝකරන ඇමීබයසියා

බ්‍රෙස්ලයා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාඥ ඇන්ටෝනායෝ ටෙයිෂේරියා, ඇමීබයසියා හෙවත් ඇමීබා රෝගය පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණයක් පැවැත්වීමෙන් නවතම විද්‍යා තොරතුරු රැසක් හෙළිදරව් කළේය. ඇමීබා රෝගය හෙවත් ඇමීබයසියා නමින් හැඳින්වනුයේ එන්ටැමීබා හිස්ටොලිටිකා නමැති ඒකසෛලික පරපෝෂිතයෙකුගෙන් සෑදෙන රෝග ගණනාවකි. ඇමීබාවන් කීප වර්ගයකට මනුෂ්‍ය ශරීර ගත වී සිටිය හැකි වූවද ඔවුන් අතරින් ආසාදන සාද වන්නේ මිනිස් රක්තාන සහිත එන්ටැමීබා හිස්ටොලිටිකා පමණකි. ඇමීබාගේ නියම වාසස්ථානය මහ බඩවැලය. ආන්ත්‍රික ඇමීබා රෝගයේ ලක්ෂණ විවිධාකාරය. සමහරකුට සුළු බඩේ කැක්කුමක් පමණක් ඇති වන අතර ඇතැමෙකුට උග්‍ර ලේ අතීසාරය සෑදේ.

ඇමීබයසියාවට ප්‍රතිකාර සේ සැලකෙනා ඖෂධ රැසක් ඇතත් ඒ එකක්වත් රෝගය නිට්ටාවට සුවකළ හැකි යයි කිව නොහැක. මේ ඖෂධ අතර තවමත් මුල් තැන ගන්නේ එමටීන් නම් බෙහෙතයි. මෙයින් ලෙඩේ උග්‍රතාවය ඉක්මනින් අඩු වෙයි. ඇතැම් අය අතීසාරය උග්‍ර අවස්ථාවල පෙනිසිලින් ටෙට්‍රසයික්ලින් ආදී ඖෂධ පාවිච්චි කරති.

විද්‍යා හා තාක්ෂණ නිලධාරි ,
ගම්පහ

0 comments:

Post a Comment