April 9, 2018

පෘතුගාලයේ විදුලිබල භාවිතය ඉක්මවා පුනර්ජනනීය බලශක්ති උත්පාදනය


පෘතුගාලයේ පුනර්ජනනීය විදුලි උත්පාදනය දශක හතරකට පසු පළමු වතාවට එරට විදුලි බල ඉල්ලුම ඉක්මවා ගොස් ඇතැයි වාර්තාවේ. ඇත්ත වශයෙන්ම, මාර්තු මාසයේ දී, රටේ බලශක්ති පරිභෝජන අවශ්‍යතාවයෙන් සියයට 103.6 ක් පුනර්ජනනීය බල ශක්ති උත්පාදනයෙන් සපයා ඇත.

මාර්තු මාසයේ සමහර දිනවල ඇති වූ ඉල්ලුම සපුරාලීමට පොසිල ඉන්ධන අවශ්‍ය වි තිබුණු නමුත්  සමස්තයක් වශයෙන් පිරිසිදු බලශක්ති ප්‍රමාණයක් භාවිතා විය.

පෘතුගීසි පුනර්ජනනීය බලශක්ති සංගමය සහ ZERO තිරසාර කණ්ඩායම විසින් මෙම වාර්තාව  සපයා ඇති අතර ඒ සදහා දත්ත ලබා ගැනීම වර්තමානයේදී අපහසු වූ නමුත් පෘතුගාලයේ සම්ප්‍රේෂණ පද්ධතිය ක්‍රියාකරවන්නන්ගේ (REN) දත්ත භාවිතා කර වාර්තාව සකසා තිබේ.

අවමය ලෙස මාර්තු 7 වන දින විදුලිය ඉල්ලුමෙන් සියයට 86 ක පුනර්ජනන බලශක්ති  භාවිතය වාර්තා වන අතර උපරිමය ලෙස  මාර්තු 11 වන දින සියයට 143 ක පුනර්ජනන බලශක්ති භාවිතය වාර්තා වේ. මේ සදහා  ජල විදුලි බලයේ දායකත්වය සියයට 55 ක්ද  සුළං විදුලි බලයේ දායකත්වය  42% ක්ද විය.

2050 වන විට කාබන් උදාසීන රටක් බවට පත්වීමට පෘතුගාලය අරමුණු කර තිබේ. එබැවින්, මෙම දත්ත ඔවුන් සතුටට පත් කරනවා නොඅනුමානය. කෙසේවෙතත්, පිරිසිදු බලශක්ති විප්ලවයක් ලොව පුරා ඇති කිරීමට බලාපොරොත්තුවන අය සඳහා අවශ්‍ය වන සීමාවන් කිහිපයක් තිබේ.

මෙම තත්වය පෘතුගාලයට විශේෂිත වූ අතර, එය සාපේක්ෂව ඉතා කුඩා කාබන් පියසටහනක් සහ අද්විතීය බලශක්ති සැපයුම් තත්වයකි.

මිලියන 10.3 ක ජනගහනයක් ජීවත් වන ප්‍රධාන ගෝලීය අගනගරයක විශාලත්වයෙන් යුත් මෙරට මෙම නව වාර්තාව ඉතා සිත්ගන්නා සුළු වුවත්, පිරිසිදු බලශක්ති විප්ලවයක් සඳහා ලොව පුරා පවතින අධික විදුලි ඉල්ලුමක් සහිත සංකීර්ණ දේශපාලන, යටිතල පහසුකම්, ආර්ථික විචල්‍යයන් වැනි සීමාවන්ද සැලකිය යුතුවේ.
  
අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභවයන් ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/afrD-MwxniE?t=4

0 comments:

Post a Comment