April 20, 2018

පුවත් පිළිබඳ තොරතුරු සැපයීමට ෆේස්බුක් මගින් නව මෙවලමක්

ෆේස්බුක් විසින් නව මෙවලමක් නිකුත් කර ඇති අතර එමගින් ෆේස්බුක් පරිශීලකයින්ට පුවත්පත් වාර්තාවන් සහ ප්‍රකාශකයින් ඇගයීමට ලක් කිරීම පහසු වනු ඇත.

ෆේස්බුක් හි මෙම නවතම තොරතුරු වාර්තා වෙනස්කම් එක්සත් ජනපදයේ සියලුම පරිශීලකයන් සඳහා පසුගිය අඟහරුවාදා සිට භාවිතා කිරීමේ පහසුකම ලබාදී තිබේ.

සමාජයීය ජනමාධ්‍ය සේවාවක් ලෙස ෆේස්බුක් පවසන්නේ මෙම මෙවලමේ අරමුණු කර ඇත්තේ "කියවීමට, විශ්වාස කිරීමට සහ බෙදාහදා ගැනීමට" සුදුසු පුවත්/වාර්තා/අදහස් තමන් විසින්ම තෝරා තීරණය කරගැනීමට ඒවායේ සන්දර්භය පිළිබද වැඩි තොරතුරු පරිශීලකයාට ලබාදීම බවයි.

අදාල පුවත විශ්වසනීයද යන්න තීරණය කිරීම සඳහා වඩාත් ප්‍රයෝජනවත් විය හැකි තොරතුරු වර්ග ලබාගැනීමේ අධ්‍යයනයක් මෙම මෙවලමට පාදක වි තිබේ. නිවැරදිව ප්‍රවෘත්ති මූලාශ්‍ර හඳුනාගැනීමට උපකාර කිරීම සඳහා ප්‍රකාශකයන් පිළිබද හැකි තරම් තොරතුරු පරිශීලකයාට ලබාදිය යුතු බව සමාගමේ  අදහසයි.

එක්සත් ජනපද පරිශීලකයන්ට දැන් News Feed කවුළුවේ විවෘත කළ හැකි “About This Article (මෙම ලිපිය පිළිබද)” යන බොත්තම ක්ලික් කළ හැකි අතර එවිට ෆේස්බුක් මගින් අදාල ප්‍රවෘත්ති ලිපිය සහ ප්‍රකාශකයා ගැන වැඩි විස්තර සපයයි.

උදාහරණයක් ලෙස ලිපියෙහි මූලාශ්‍රය පිළිබඳ මූලික තොරතුරු කියවීමට පරිශීලකයාට හැකි වේ. මෙම ප්‍රකාශකයා විකිපීඩියාවෙහි ලැයිස්තුගත කර ඇත්දැයි දැක ගත හැකිය. මිට අමතරව ප්‍රකාශකයා විසින් ප්‍රකාශයට පත් කරන ලද මෑත කාලීන සිදුවීම් දෙස බැලීමට පරිශීලකයින්ට පුළුවන් වන අතර එම ආයතනයේ/ප්‍රකාශකයාගේ Facebook page (ෆේස්බුක් පිටුව) ද බැලීමට හැකිවේ.


මෙම මෙවලම මගින් පරිශීලකයින් කොපමණ සංඛ්‍යාවක් අදාල පුවත ෆේස්බුක් වෙබ් අඩවියේ බෙදාහදා ගෙන ඇත්දැයි මෙන්ම ඒවා ඇති ස්ථානද හඳුනාගත හැකි අතර කුමන ෆේස්බුක් මිතුරන් විසින් බෙදා ගැනීම සිදු කර ඇත්දැයිද දැනගත හැකිවේ. ෆේස්බුක් හි බොහෝ විට සිදුකරන බෙදා ගැනීම (share) හැර ෆේස්බුක් හි හෝ අන්තර්ජාලය තුල නිරවද්‍ය තොරතුරු පදනම්ව ඔබ විසින් කරන ලද නිර්මාණ මගින් විශ්වාෂනිය මුලාශ්‍ර කතුවරයෙක් ලෙස අන්තර්ජාලය/ෆේස්බුක් ඔබව ලොවට හඳුන්වාදෙනු ඇත.  

a diverse set of people and publishers ( ප්‍රකාශක සමුහයක විවිධාකාර පුද්ගලයින්)”ගේ  යෝජනා වලින් නව අංග නිර්මාණය කළ බව ෆේස්බුක් පවසයි. එම කණ්ඩායමට සමාගමේ ෆේස්බුක් මාධ්‍යවේදී ව්‍යාපෘතියේ අය ඇතුළත් විය. ෆේස්බුක් සහ ප්‍රවෘත්ති ප්‍රකාශකයින් අතර සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් එම ව්‍යාපෘතිය පසුගිය වසරේදී ආරම්භ කර තිබේ.

ෆේස්බුක් භාවිතා කරන්නන් පිරිසක් සමඟ පරීක්ෂණයක් ආරම්භ කරන බවද සමාගම  නිවේදනය කරන ලදී. ලිපියේ කර්තෘගේ නම මත ක්ලික් කිරීමෙන් පරීක්ෂණයට සම්බන්ධ වූවන් සඳහා වැඩි විස්තර ලබා ගැනීමට අවස්තාව ලබා දී තිබේ. කර්තෘ පිළිබඳව සපයන තොරතුරු ලිපිය සහ ප්‍රකාශකයන් පිළිබඳ ලබාදෙන තොරතුරු හා  සමාන වේ.  ෆේස්බුක් පවසන්නේ, කතුවරයා පිළිබඳ වැඩි විස්තර ඇති විට ලිපියක විශ්වසනීයත්වය පිළිබඳව තීරණය කිරීමට පහසු වනවාද යන්න සොයා බැලීමට එමගින් අපේක්ෂා කරන බවයි.

එය වෙනත් රටවල් වල ප්‍රවෘත්ති සංග්‍රහයන් පරීක්ෂා කරමින් පවතින බවත් නව මෙවලම භාවිතයේ ප්‍රගතිය මත අනාගතයේ දී එය ජ්‍යාතන්තර ලෙස දියත් කිරීමට සලකා බලන බවද  ෆේස්බුක් පවසා තිබේ.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

0 comments:

Post a Comment