April 9, 2018

කුරුලෑ සහ පරිණාමය


මනුෂ්‍යයින් ලෙස අපට ලොකු සතුටක් ඇත. ඒසමගම අනේකවිධි බිල්පත් ගෙවීමට මෙන්ම අස්ථිර අර්බුද වලට මුහුණදීමට අපට සිදුවේ. බොහෝ සතුන්ට නොමැති නමුත් මිනිසුන්ට කුරුලෑ වලින් සාපේක්ෂව මෙතරම් පිඩා ඇතිවීමට හේතුව කුමක්ද? එය මිනිසාගේ පරිණාමිය ඉතිහාසය හා බැඳී තිබේද?

Acne Vulgaris ලෙස විද්‍යාත්මකව හැඳින්වෙන කුරුලෑ, සමේ ඇති තෙල් සහ මියගිය සෛල නිසා රෝමකුප ඇහිරීම මගින් ඇතිවේ යයි සාමාන්‍යයෙන් සැලකේ. සමේ චර්ම ස්ථරයේ ආසාදන ඇතිවීම නිසා රතු කුරුලෑ ගැටිති ලෙස කුරුලෑ මතු වේ. බාහිර සම මතුපිට සහ ගැඹුරු සිදුරු තුල පවතින සාමාන්‍යයෙන් උපද්‍රවයක් නොකරන බැක්ටීරියාවක් වන Propionibacterium acnes වලට ප්‍රතිචාර ලෙස කුරුලෑ ඇතිවේ.

බොහෝදෙනෙක් අපේක්ෂා කරන පරිදි අපිරිසිදු බව කුරුලෑ සඳහා බොහෝසේ බලනොපාන නමුත් ආහාර රටාව සහ ජාන ඒ සඳහා බලපෑම් කරයි. එය ලොව පුරා පවතින ඉතාමත් පොදු රෝගයකි. එහෙත් පැපුවා නිව් ගිනි හි Kitavan දුපත් වැසියන් තුල මෙම රෝගය දුර්ලභ බව පැවසේ. වැඩිවියට පත්වන යෞවොනොදයේ මුල් අවධියේදී කුරුලෑ මතුවීම සාමාන්‍යයෙන් අත්දකිනු ලැබේ. හෝමෝන වෙනස් වීම හේතුවෙන් සමෙහි ස්නේහමය ග්‍රන්ථි සහ Sebum නම් තෙල් ශ්‍රාවය මේ සඳහා බලපාන බව හඳුනාගෙන තිබේ. බොහෝ ක්ෂීරපායි සතුන් sebum නිපදවීම මගින් සෑදෙන ඉටි ආලේපනය වැනි ආවරණයක් නිසා සම සිදුරු කර ගෙන යාහැකි විෂබීජ වලින් ආරක්ෂා වෙයි.

අනෙකුත් පරිණාමිය පුර්ව ජාතකයන්ට වඩා මිනිසා පරිණාමනය වීමේදී සලකියයුතු ප්‍රමාණයකින් ලෝම (කෙස්) අඩු වීම නිසා මෙම ගැටලුව පැන නැගී ඇති බව වාර්තාවේ සදහන්ය. කෙසේවෙතත් අපගේ ශ්‍රාවක ග්‍රන්ථින් අඛණ්ඩව සමේ ඇති sebum සාමාන්‍ය ප්‍රමාණයක් ඉවත් කරයි. මෙලෙස ශ්‍රාවය වන sebum ස්නේහය උරා ගැනීමට අවශ්‍ය වන ප්‍රමාණයකින් ලොම් අප ශරීරයේ නොමැති වීම මිට හේතුව බව පරිනාමවේදී න්‍යායවාදීන් වන Stephan Kellet සහ Paul Gilbert ප්‍රකාශ කරති.

ලෝම වලින් පිරුණු නිරුවත් hominid වරුන්ගේ සිට වර්තමානයේ සෘජුව සිටගත් මානවයා බවට මිනිසා පරිණාමනය වීමෙන් ලද ප්‍රතිපලයක් ලෙස කුරුලෑ සැලකිය හැකි බව මෙමගින් දක්වා සිටියි. එය මිනිසා නොනැසී පැවති සිටීමට හෝ ප්‍රතිජනනයට බාධාවක් නොවන නිසා මිනිස් ජාන වල එය තවදුරටත් පවතියි.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර  

0 comments:

Post a Comment