April 25, 2018

බොහෝ වේලාවක් දියයට සිටීමේ හැකියාව ඇත්තෝ


දීර්ඝ කාලයක් පුරා දියයට සිටීමේ  හැකියාවක් ඇති මිනිසුන් ලෙස ගිනිකොන දිග ආසියාවේ ගෝත්‍රික විශේෂයක් (ජන කණ්ඩායමක්) පරිණාමනය වී ඇති බවට තොරතුරු වාර්තා වේ. අග්නිදිග ආසියානු දූපත් වල වසර 1000 කට වැඩි ඉතිහාසයක් ඇති මුහුදු දියෙහි දඩයම් එකතු කරන්නන්ගෙන් සමන්විත ගෝත්‍රිකයන් වූ Bajau Laut වරු (බජාව් ලෝට්) ඔවුන්ගේ සුවිශේෂී නිදහස් කිමිදුම් හැකියාව නිසා ප්‍රසිද්ධියට පත්ව තිබේ. සාගරයෙන් ලබාගනු ලබන ආහාර හා සම්පත් මත සම්පූර්ණයෙන්ම පාහේ යැපෙන sea nomads (මුහුදු නොමෑඩ්) නමින්ද හඳුන්වන Bajau වරු සෑම දිනකම දිනකට සමුච්චිත පැය පහක් පමණ දිය යට ගත කරති.

මිනිසුන් භූමිෂ්ඨ විශේෂයක් නම් බජාව් වරු මුහුදු සතුන් (දිය බල්ලන්) මෙන්  ක්‍රියාකරන්නේ කෙසේද? Copenhagen (කෝපන්හේගන්) සහ UC Berkeley (බර්කලි) විශ්ව විද්‍යාල පර්යේෂකයින් විසින් කරන ලද අධ්‍යයනයකට අනුව ඔවුන්ගේ ශරීරයට හානියක් නොවී දිගු කාලයක් තිස්සේ මුහුදු ජලය යට හුස්ම රඳවාගෙන සිටීමට sea nomads’ වරුන්ට හැකියාව ඇති බව Cell සඟරාව වාර්තා කරයි. මෑතකාලීන පරිණාමනයෙන් ඔවුන්ගේ ප්ලිහාව ප්‍රමාණාත්මකව විශාල වීම ඒ සදහා හේතුවී ඇතැයිද වාර්තාවේ සදහන් වේ.

දිය යට කිමිදීමේදී සීල් වැනි සැබෑ සාගර ක්ෂීරපායීන් විසින් යොදා ගනු ලබන උපක්‍රමයම  සියලු මනුෂ්‍යන්ටද යොදාගත  හැකි බව පෙර ක්‍රියාත්මක කරන ලද භෞතවෙදික පර්යේෂණ වලින් සොයාගෙන තිබේ. අපේ හෘද ස්පන්දනය වේගය අඩුවීම: අත්‍යාවශ්‍ය ඉන්ද්‍රියයන් වෙත ඔක්සිජනිකෘත උණුසුම් රුධිරය ගලායාම පවත්වාගෙන යාම සදහා පර්යන්ත රුධිර වාහිනී තදින් හැකිලීම: ප්ලිහාව සන්කෝචනය වී රුධිර සංසරණ පද්ධතියට ඔක්සිජන් රැගෙන යන රතු රුධිර සෛල (RBCs) අතිරේක සංචිතයක් යැවීම.

බටහිර පළපුරුදු කිමිදුම්කරුවන් පවා සමච්චලයට ලක් කිරීමට බොහෝ බජාව් කාන්තාවෝ සහ පිරිමි සමත් වෙති. ඒසදහා ඔවුහු ලී වලින් සාදන ලද ආරක්ෂක කණ්නාඩි සහ බරු සමහරක් පමණක් භාවිතා කරමින් නිතිපතා මීටර 70 (අඩි 230) ක් ගැඹුරට මුහුදේ ගිලී සිය දෛනික ආහාර හා සම්පත් රැස්කර ගනිති. කෙසේවෙතත් ඔවුන්ගේ මේ ආන්තික හුස්ම හිරකරගෙන සිටීමේ හැකියාව ජානමය අනුවර්තනයන්ගෙන් ලැබුනේද? එසේත් නැතිනම් ජීවිතයේ මුල් අවධියේදීම ආරම්භ කර නැවත නැවත සිදුකරන පුහුණුව හේතුවෙන් ලබාගත් හැකියාවක්ද? යන්න දශක ගණනාවක සිට විද්‍යාඥයන්ගේ කුතුහලයට හේතු වි තිබේ.

මෙම ගැටලුව විසදීම සදහා පර්යේෂකයන් විසින් බජාව්වරුන්ගේ සහ Saluan (සාලුවන්) වරු නමින් හඳුන්වන Sulawesi ඉන්දුනීසියානු දූපත අසල වාසය කරන එනම් බජාව්වරුන්ගේ අසල්වැසි ප්‍රදේශවල ජීවත්වන තනි තනි පුද්ගලයින්ගේ ජානමය ස්වරූප හා ජානමය පසුබිම සසඳා බලන ලදි. මේ සදහා ළඟ ඥාතිත්වයක් නැති බ්ජාව්වරු  43 කගේ  සහ සාලුවන්වරු  33 කගේ ඩීඑන්ඒ සාම්පල සහ ප්ලිහාව සම්බන්ධ අතිධවනික සංඥා පර්යේෂකයන් විසින් රැස් කරගෙන ඇත.
  
සාලුවන්වරු කිසිවෙකුට නැති ප්‍රමාණයෙන් විශාල ප්ලිහාවන් බජාව්වරුන්ට ඇති බව එම මුර්තන සැසදීමේ පර්යේෂණ මගින් සනාථ වි තිබේ.  වැඩි කිමිදීමේ කාලයක් සදහා අවශ්‍යවන රතු රුධිර සෛල (RBCs) වැඩි ප්‍රමාණයක්  ශරීරය තුල ගබඩා කර ගැනීමට මෙම විශාල ප්ලිහාවන් උපකාරි වේ. එපමණක් නොව කිමිදුම්කරුවන් ලෙස කටයුතු නොකරන බජාව්වරුන්ටද විශාල ප්ලිහාවන් ඇති බව ඔවුන් හඳුනාගෙන තිබේ. ඒඅනුව මෙම බජාව් ජනයා පිහිනීමට උපත ලබා ඇති බව හෙවත් කිමිදීම සදහා ජානමය අනුවර්තනයක් සහිත මිනිසුන් බව සනාථ වේ යැයි පර්යේෂකයෝ ප්‍රකාශ කරති.

අන්තර්ජාලය ඇසුරෙන් සකස් කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/PX9cnMCbV2Q?t=7

0 comments:

Post a Comment