April 3, 2018

නිරෝගී හිස කෙස් සදහා

Castor oil

හිස කෙස් ගැලවී යාමට වැලැක් වීමට වැදගත් වේ.එරඩු තෙල් හිස මත සම්භාවනය කරන පැය භාගයක් තබා  ෂැම්පූ යොදා ස්නානය කිරීම මගින්  හිස කෙස් ගැලවී යාම වලක්වා ගත හැකි වනු ඇත.
එරඩු  තෙල් පොල් තෙල් සමග මිශ්‍ර කර ආලේප කිරීම මගින්  හිස කෙස් වර්ධනය උත්තේජනය කර ගත හැක.
මෙම තෙල් හිස් කබල මතු පිට සම්භාවනය කිරීම මගින් දිලීර ආසාදන වලක්වා මතු පිට පෝෂණය කරවයි. හිස කෙස් ගැලවී යාම වලක්වයි.

මෙම තෙල් මගින් හිස කෙස් ඝන කරන අතර අකලට සුදු වීමද වලක්වයි.
අධික විටමින් E සංයුතියකින් සපිරි එරඩු  තෙල් මගින් හිස කෙස් වල තෙතමනය රදා පැවැත්මක් සිදු කරන අතර ගැබුරැ කන්ඩිෂන් ගුණයක් හිස කෙස් වලට ඇති කරයි.
හිස් කෙස් අග වල එරඩු තෙල් ආලේපනය කිරීමෙන් මෘදුව සහ සුමුදුව තබා ගැනීමට වැදගත් වේ.

එරඩු තෙල් ලූණු නිස්සාරනය සමග මිශ්‍ර කර හිස කෙස් මත ආලේප කිරීම මගින්

හිස කෙස් වර්ධනය උත්තේජනය වේ.
හිස කෙස් ශක්තිමත් වේ.
පොල් තෙල් සමග එරඩු තෙල් මිශ්‍ර කර ජල තාපකයක මිනිත්තු කිහිපයක් රත් කර හිස කෙස් මත ආලේප කර ගත හැක.

එරඩු තෙල් ඉගුරැ යුෂ සමග මිශු කර හිස කෙස් මත ආලේප කිරීමෙන් හිස කෙස් නිරෝගීව තබා ගත හැකි වේ.
එරඩු තෙල් ආමනඩ් තෙල් සමග මිශ්‍ර කර හිස කෙස් මත ආලේප කර හැකිය

එරඩු තෙල් කෝමාරිකා යුෂ සමග මිශ්‍රකර හිස මත ආලේපනය කර හැකිය.

එරඩු තෙල් අලිගැට පේර යුෂ සමග මිශ්‍ර කර හිස මත ආලේප කර හැකිය

එරඩු තෙල් ගස් ලබු යුෂ සමග මිශ්‍ර කර හිස මත ආලේප කර හැකිය

එරඩු තෙල් ගස් ලබු යුෂ මිශ්‍ර කර හිස මත ආලේප කර හැකිය

මෙම ආලේපන හිස මත ආලේප කර පැය භාගයක් පමණ තබා ෂැම්පූ යොදා සෝදා හැරීමෙන් හිස කෙස් සදහා පැන නගින බොහෝ ගැටලු අවම කර ගත හැකිය.

උපුටා ගැනීම - Benefits of castor oil

0 comments:

Post a Comment