April 19, 2018

අපිරිසිදු ජලයෙන් ආසනික් ඉවත් කරන පාසි වර්ගයක්


ප්ලාස්ටික් ආහාරයට ගන්නා බැක්ටීරියා සිට තෙල් ගිලීමේ බැක්ටීරියාව දක්වා වන නව සොයාගැනීම් මගින් නිර්මාණය වූ පරිසරය සුරැකීම සඳහා ස්වභාව ධර්මයේ නව ක්‍රම අපව පුදුමයට පත් කරන බව පෙනේ. දැන්, ආසනික් අඩංගු ජලය පවිත්‍ර කර බීමට සුදුසු පිරිසිදු වතුර ලබාදීමට හැකියාවක් ඇති පාසි වර්ගයක් සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වි ඇත.

Warnstofia fuitans යනු ස්වීඩනයට ආවේනික වූ ස්වදේශීය පාසි වර්ගයකි. Phytofiltration නමින් හැදින්වෙන ක්‍රියාවලියක් මගින්  අපවිත්‍ර ජලයේ ඇති ආසනික් 82% ක ප්‍රමාණයක් ඉවත් කිරීමට සමත් වූ Stockholm විශ්ව විද්‍යාලයේ පරීක්ෂකයෝ ජලයේ ඇති බර ලෝහ ඉවත් කිරීමට Warnstofia fuitans පාසි වර්ගයට ඇති හැකියාව හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

 “අපේ අත්හදා බැලීම්වලට අනුව මෙම පාසි වර්ගයට ආසනික් ඉවත් කිරීම සඳහා අධික ධාරිතාවක් තිබෙනවා” යැයි පර්යේෂණ සහකාර Arifin Sandhi (අරිෆින් සන්ධි) පවසයි. මෙම ක්‍රියාවලිය සඳහා පැය 1 කට වැඩි කාලයක් ගත නොවේ. ජලයේ හානි කර තත්වය නැති කිරීමේ මට්ටම දක්වා arsenide (ආසනයිඩ්) සහ arsenate (ආසනෙට්) යන දෙවර්ගයම ඉවත් කිරීමට මෙම කාලය ප්‍රමාණවත් බවද ඔහු පවසයි.

සජීවී සහ මියගිය යන අවස්ථා දෙකේදීම මෙම පාසි වර්ගය ක්‍රියාකාරී වන ලෙස පර්යේෂණ මෙහෙයවා තිබේ. ජලයේ ආසනික් ඉවත් කිරීමට හැකි පරිසර හිතකාමී ක්‍රමයක් ලෙස මෙය හැදින්විය හැකි අතර මෙම පාසි සාමාන්‍ය හා අසාමාන්‍ය ලෙස ලොහාලෝහ මට්ටම් පවත්නා දිය ඇලි සහ අනෙකුත් ජල මාර්ගවල වගා කළ හැකිය. අධ්‍යයනයේ ප්‍රතිපල වාර්තාවට අනුව ජලීය පාසි (Warnstofia fuitans) ආසනික් වලින් අපවිත්‍ර වි ඇති ජලය 82% ක්  පැයක් ඇතුළත පිරිසිඳු කරයි.

වසර 1000 කට වඩා පැරණි පතල් සහ ලෝහ පිරිපහදු කිරීම පිළිබඳ ඉතිහාසයකට ස්වීඩනය හිමිකම් කියයි. ලී නිෂ්පාදනවලදී  ආසනික් සංයෝග භාවිතා කිරීම 2004 දී තහනම් කරන ලද නමුත් පතල් කර්මාන්තය හේතුවෙන් ලෝහ තවමත් භූගත ජලය හා ජල පද්ධති වෙත ළඟා වන බව පර්යේෂකයෝ ප්‍රකාශ කරති. එපමණක් නොව ආසනික් ස්වාභාවිකව සෑදෙන මූලද්‍රව්‍යයක් වන අතර එහි ස්වාභාවික තත්වය සමහර භුමි ප්‍රදේශ වල සහ ස්කැන්ඩිනේවියානු රටේ යටි පාෂාණ වල දක්නට ලැබේ. මේ හේතුවෙන් බෝගවගාවල වාරිමාර්ග සඳහා යොදා ගන්නා ජලයේ සහ පානිය ජලයේ ආසනික් ඉහළ මට්ටමක පවතී. ශාක පසෙහි ඇති  ආසනික් අවශෝෂණය කරන බැවින් එය අවසානයේ තිරිඟු, එළවළු සහ කොළ වැනි හරිත ආහාර වල ඇතුලත් වේ.

එනිසා "අප ශරීර ගත වන  ආසනික් ප්‍රමාණය අප ආහාරයට ගන්නා ආහාර ප්‍රමාණය මත රඳා පවතියි.”යැයි පර්යේෂක Maria Greger (මරියා ග්රෙගර්) පවසයි.

පාරිසරික දූෂණය පිළිබද ඔවුන්ගේ කාර්යය ප්‍රකාශයට පත් කරමින් පානීය හෝ වාරිමාර්ග ජලය සඳහා ජලය යොදා ගැනීමට පෙර ආසනික් පෙරාදනය කිරීම හා සම්බන්ධ “plant-based wetland system (ශාක පදනම් වූ තෙත්බිම් පද්ධතිය)" ක් ඔවුන් සංවර්ධනය කරන බව සදහන් කර ඇත.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

0 comments:

Post a Comment