April 20, 2018

හිස කෙස් වලට කෝමාරිකා


ගෙවත්තට ඔසු පැළයක් කෝමාරිකා Liliaceae කුලයට අයත් Alo Indica නමැති උද්භිත නාමයෙන් හඳුන්වන කෝමාරිකා ශාකය කුමාරිගෘහ කන්‍යාසෘතු කුමාරි,කුමාරිකා යන නම්වලින් ද හඳුන්වයි. කෝමාරිකා ශාකය ඇමරිකාවඅප්‍රිකාවඉන්දියාවපකිස්ථානය සහ ශ්‍රී ලංකාව වැනි ඌෂ්ණ කලාපීය ප්‍රදේශ ආශ්‍රිතව ඉතා සරුවට වැඩෙන ශාකයකි.
කටු සහිත දික් හැඩැති ඝනකම් පත්‍ර ඇති මෙම ශාකය පඳුරු වශයෙන් දක්නට හැකිය.ඉතා වටිනාකමක් සහිත මෙම ඖෂධය සෑම ගෙවත්තකම තිබිය යුතු මෙන්ම ඉතා පහසුවෙන් වැවිය හැකි ශාකයක් ලෙස හඳුනාගෙන තිබේ.    


හිස් කෙස් වල ඇති බොහෝ ගැටලුවක් වන්නේ

හිස් කෙස් වියලීම
අකලට සුදු වීම
හිස කෙස් ගැලවී යාම
කෝමාරිකා හිස කෙස් වල ඇති බොහෝ ගැටලුවට කදිම විසදුමක් සපයයි.

කෝමාරිකා ජෙලි වල ප්‍රොටියෝලිටික ඉනසයිම බහුල වේ.මෙමගින් හිස් කබලේ ඇති මැරැනු සෛල ඉවත් කිරීමට හේතු වේ.මැරැනු සෛල හිස් කබල මත වැඩිපුර එකතු වීම හිස් කෙස් ගැලවීයාමට මෙන්ම තට්ටය ඇති වීමට හේතු වේ.

කෝමාරිකා ජෙලි මගින් හිස් කබල පිරිසිදු කර හිස් කෙස් වර්ධනයට උත්තේජනය කරවයි.
කෝමාරිකා ජෙලි වල ක්ෂාරීය ගුණයක් ඇති අතර හිස කෙස් වල ph අගය නඩත්තු කිරීමට මහෝපකාරීවේ.හිස කෙස් වල තෙතමනය ඇති කර වර්ධනයට මග සලසයි.

කෝමාරිකා ජෙලි වල දිලීරනාශක ගුණයක් ඇති අතර හිස් කබලේ ඇතිවන දිලිර රෝග වලක්වා හිස කෙස් ගැලවීයාම වලක්වයි.
කෝමාරිකා මගින් හිස කෙස් වලට කන්ඩිෂන් ගුණයක් ඇති කරන ඇති කරන අතර හිස කෙස් සිනිදු සහ
ශක්තිමත් කරවයි.

කෝමාරිකා ජෙලි වෙනත් ද්‍රව්‍ය සමග මිශ්‍ර කර ආලේප කෙරේ.

එනම් කෝමාරිකා ජෙලි පොල් තෙල් මිශ්‍රණය

කෝමාරිකා ජෙලි පොල් කිරි මිශ්‍රණය

කෝමාරිකා ජෙලි කිරි හෝ යෝගටි මිශ්‍රණය

කෝමාරිකා ජෙලි මී පැණි මිශුණය
                                           
කෝමාරිකා ජෙලි එරඩු තෙල් හො ඹලිව් තෙල් මිශ්‍රණය

මෙම ආලේපන හිස කෙස් මත ගල්වා ෂැම්පු යොදා සෝදා ඉවත් කර හැක.

ශාක සාර ෂැම්පූ නිෂ්පාදනයේ ද කෝමාරිකා ජෙලි භාවිතා කෙරේ.


 කෝමාරිකා ජෙලි පොල් තෙල් මිශ්‍රණය හිස මත ආලේප කිරීම මගින් කෙටි කලකින් නිරෝගී කෙස් කලබක් ලබා ගත හැකිය.

උපුටා ගැනීම - අන්තර්ජාලය 


0 comments:

Post a Comment