April 23, 2018

දිවා ආලෝකයෙන් විෂබීජ නාශකයක් බවට පත්වන තුනී ප්ලාස්ටික් පටලය


එබෝලා වයිරසයෙන් ආරක්ෂාවීම සදහා Kinshasa හි කොංගෝ ජාතික සෞඛ්‍ය සේවකයන් තම සහෝදර සෞඛ්‍ය සේවකයන්ට විෂබීජ නාශක ඉසීම පුහුණු වන ආකාරය රුපයෙන් දැක්වේ. පූර්ණ ශරීර ආරක්ෂණ ඇඳුමේ මතුපිට විෂබීජ සහිත නම් එම ඇඳුම ඉවත් කිරීමේ ක්‍රියාවලිය සෞඛ්‍ය සේවකයන්ට රෝග විෂබීජ ආසාදනයවීමේ හැකියාව ඇති ප්‍රධානතම අවස්ථාව වේ.

ඒඅනුව ඉබෝලා වෛරස් රෝගයේ වැනි මාරාන්තික ක්ෂුද්‍ර ජීවීන්ගෙන් සෞඛ්‍ය සේවකයන්ව ආරක්ෂා කිරීම සඳහා දිවා ආලෝකය මගින්  විෂබීජ නසන නව ආම්පන්නය (තුනී ප්ලාස්ටික් පටලය) අනාගතයේදී ඉතා ප්‍රයෝජනවත් වූ ඇත. මෙම සොයාගැනීම පිළිබද අධ්‍යයන වාර්තාව journal Science Advances (විද්‍යාවේ ප්‍රවර්ධන) සඟරාවේ පල කර තිබේ.

හිරු එළියට අනාවරණය කර තැබූ විට  හයිඩ්රජන් පෙරොක්සයිඩ් කුඩා ප්‍රමාණයක් නිපදවීමට සමත් තුනී ප්ලාස්ටික් පටලයක් සංවර්ධනය කළ බව අධ්‍යනයේ සංවිධායකයෝ පවසති. බාධක ලෙස ක්‍රියාකළ හැකි තුනී ව්‍යුහයක් මෙම පටලයට තිබේ. එය සමහර දේවල් පෙරියාමටත් වෙනත් දේවල් අවහිර කර රඳවා ගැනීමටත් සමත් වේ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, ඖෂධ ශාලා විසින් අලෙවි කරන සාමාන්‍යය විෂබීජ නාශකයක් වේ.

ඉබෝලා බටහිර අප්‍රිකාවේ කොටස් හරහා පැතිර ගිය විට සෞඛ්‍ය සේවකයින් 500 ක් පමණ මිය ගියහ. ආසාදිත රෝගීන් සමඟ සමීපව කටයුතු කරන රෝගීන් රැකබලාගන්නා සෞඛ්‍ය සේවකයන්ට බොහෝ විට ආරක්ෂණ ඇඳුම් ආයිත්තම් පැළඳ සිටීමට සිදුවේ. නමුත් මෙම ආරක්ෂණ ඇඳුම්වල ක්ෂුද්‍රජීවී විෂබීජ රැදී තිබීම නිසා එම ඇඳුම් ඉවත් කිරීමේ ක්‍රියාවලියේදී ආසාදනය පැතිර යාමේ හැකියාව ඉතා ඉහළ මට්ටමක පවතියි.

ජීවී බැක්ටීරියාවක් හෝ වයිරස් තිබේ නම්, එය තවදුරටත් ප්‍රවාහනය හා ආසාදනය සදහා හේතු විය හැකි  බව කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ Gang Sun පවසයි. Gang Sun, ආරක්ෂණ ඇඳුම් ආයිත්තම්වල බාහිර මතුපිට ආරක්ෂා කිරීමට සමත් නව තුනී ප්ලාස්ටික් පටලය නිර්මාණය කිරීමට සමත්වූ පර්යේෂක කණ්ඩායමේ සාමාජිකයෙක් වේ.

මෙම පටල වලට මතුපිට පිහිටි රසායනික අණු හිරු එළියේ දී වාතයේ ඇති ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් පෙරොක්සයිඩ කුඩා ප්‍රමාණයක්  නිපදවයි. Gang Sun පැහැදිලි කරන්නේ මෙම ක්‍රියාවලියේදී හයිඩ්රජන් පෙරොක්සයිඩ් කුඩා ප්‍රමාණයක් නිපදවන නමුත් එම ප්‍රමාණය ක්ෂුද්‍ර ජීවි විෂබීජ විනාශ කිරීමට ප්‍රමාණවත් බවයි.

දැනට නිපදවා ඇති බොහෝ විෂබීජනාශක රසායනික ද්‍රව්‍ය අධි බලැති පාරජම්බුල කිරණ මගින් ක්‍රියාත්මක කෙරන නමුත් නව පටලය සාමාන්‍ය දිවා ආලෝකයෙන් ක්‍රියාත්මක වීම නිසා එය ඉතා වටිනා සොයා ගැනීමක් බව මෙම අධ්‍යනයට සහභාගී නොවූ  Maryland විශ්වවිද්‍යාලයේ ආහාර විශේඥ Rohan Tikekar පවසයි.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

0 comments:

Post a Comment