July 18, 2017

ස්මාට් දුරකථනය සමග වූ සිතුවිළි බලපෑම

ස්මාට් දුරකථනය සමග වූ සිතුවිළි බලපෑම නිසා අපගේ මොලයේ ශක්තිය හීන වන බව අධ්‍යනයකින් වාර්තා කර තිබේ. තරුණ පරපුර බොහෝවිට ස්මාට් දුරකථනවලට අධික ලෙස ඈලිගැලී යොමුවී සිටින බවට දෝෂාරෝපණයක්ද  පවතියි. එහෙත් එම දෝෂාරෝපණය එතරම් සාධාරණ නොවන බවත් අතැගිලි තුඩු මතට අසීමිත දැනුම් සහ තොරතුරු  ස්මාට් දුරකථනයෙන් ලබාදී ඇති බවටත් විවාද කළ හැකි වුවද අපගේ මොළයේ ශක්තිය සහ සමහර බුද්ධි කොටස් අඩු කිරීමට ස්මාට් දුරකථනයට හැකියාව ඇති බව නවතම අධ්‍යනයකින් පෙන්වාදී තිබේ.

පාරිභෝගික සමීක්ෂණ සංගමයේ (Association of Consumer Research) අන්තර්ජාල සඟරාවේ පර්යේෂකයෝ තම අධ්‍යන වාර්තා පළකරමින් තර්ක කරනුයේ එය හුදෙක් අපගේ අවධානය අඛණ්ඩව දුරකථනය හා සැරිසැරීම නිසා සිදුවන බවයි.

මේ සදහා මොළයේ ශක්තිය ගලායාම “brain drain” උපකල්පිතය පරික්ෂා කිරීමට පර්යේෂකයෝ කටයුතු කළෝය. එනම් ළගාවීමට හැකි සමීපයේ ඇති ස්මාට්දුරකතන අපගේ සීමාසහිත වූ ඥානාත්මක  සම්පත් ප්‍රයෝජනයට ගැනීම සහ එමගින් වෙනත් කාර්යයන් සදහා අවශ්‍ය ඥානාත්මක සම්පත් හීනවීම හා ඥානාත්මක ක්‍රියාශීලි බව අඩුකිරීම සම්බන්ධව පරික්ෂා කිරීම.

අවධානය ලෙස හැදින්වෙන ක්‍රියාවලිය සදහා මොලයට ඇත්තේ සීමිත සම්පත් ප්‍රමාණයකි. එම සීමිත ධාරිතාව මගින් අවධානය සහ ඥානාත්මක ක්‍රියාකාරකම් පාලනය වේ. දුරකථනය වෙත අපගේ අවධානය අධිකව යොමුවන විට සහ එය මැඩපැවැත්වීමට අප උත්සහ ගන්නා විට මෙම සීමිත සම්පත යම් ප්‍රමාණයකින් වැය වේ. එවිට වෙනත් කාර්යයන් සදහා යොමු කිරීමට අවශ්‍ය සම්පත් හීන වීම සිදුවේ. එයින් පිළිබිඹු වනුයේ වෙනත් කාර්යයන්හි පලදායිතාවයට බලපෑම් සිදුවී ඇති බවයි.

ස්මාට්දුරකතන ඇස් සිමාවේ එනම් සාක්කුවේ, බෑගයේ හෝ අසළ කාමරයක තිබෙන විට ඒ කෙරෙහි ඇති අවධානය නිසා සමහර සරල කාර්යයන් මෙන්ම කුඩා දේවල් මතක තබා ගැනීමටද අසමත් වන බව පර්යේෂකයින් හදුනාගෙන තිබේ. විශ්ව විද්‍යාල සිසුන් 520 කගේ මතකය හා බුද්ධිය ඔවුන් සමීපයේ දුරකථන ඇති විට පරික්ෂා කර ඇත. එහිදී ගණිතය, මතකය සහ තර්කනය පිළිබද දක්ෂතාව මිනිය හැකි විභාග ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු දීමට ඔවුනට සිදුවුයේ තම ස්මාට්දුරකතනය මේසයේ, සාක්කුවේ, බෑගයේ හෝ අසළ කාමරයේ තබාගෙනය. මෙම අධ්‍යනයේ නිරීක්ෂණද අනුව ඉහත කරුණු දක්වා තිබේ. 


අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර 

0 comments:

Post a Comment