July 19, 2017

කෘතිම බුද්ධි වර්ධනය පිළිබද සමාජිය භිය

හොලිවුඩ් තිරයේ Terminator, I Robot සහ 2001: A Space Odyssey  වැනි චිත්‍රපට නිසා කෘතිම බුද්ධියේ වර්ධනය සම්බන්ධව සමාජීය භියක් හටගෙන ඇති බවට වූ මතය බැහැර කරමින් කෘතිම බුද්ධිය පිළිබද මනුෂ්‍යාගේ සහජ භිය බොහෝ ඈත අතීතය දක්වා විහිදී ඇති බව Microsoft ආයතනයේ කෘතිම බුද්ධි අංශයේ සාමාන්‍යාධිකාරිණි Emma Williams ප්‍රකාශ කළාය.

පසුගියදා ලන්ඩන් නුවර පැවති කෘතිම බුද්ධිය පිළිබද Microsoft ආයතනයේ අනාගත වැඩ සටහනේ ප්‍රධාන දේශණය පවත්වමින් Emma පැවසූවේ කෘතිම බුද්ධියේ නැගී සිටීමට එරෙහිව වූ සමාජීය භිය අතීතය Paleolithic යුගය දක්වා දිවෙන බවයි.

වසර 300,000 කට පෙර පෘථිවියේ නවීන මනුෂ්‍ය විශේෂ 7ක් පැවති බවත්, ඔවුන් වසර 13,000 ක් හෙවත් පරිණාමවාද ඉතිහාසයේ තිතක් වැනි කෙටි කාලයකින් නැති වී හෝ වෙනස් වී ගිය බවත් ඇය සදහන් කළාය. එහිදී Homo sapiens (හෝමෝසාපියන්වරු) අප්‍රිකාවේ සිට යුරෝපයට සංක්‍රමණය වීම, Neanderthals (නියන්ඩතාල්වරු) මිය යාම; අපි ආසියාවට  සංක්‍රමණය වීමේදී Homo erectus (හෝමෝ ඉරෙක්ටස්) මියයාම; අපි කොරියාවට සහ ජපානයට සංක්‍රමණය වීමේදී Denisovans (ඩෙනිසෝවන්වරු) මියයාම;ඉන්දුනීසියාවේදීHomo Floresiensis(හෝමෝ ෆ්ලොරෙසියෙන්සිස්වරු) මිය යාම යනාදිය පිළිබදව සහ පහත කරුණුද ඇය සදහන් කර තිබේ.

අප සියලු දෙනා දන්නා පරිදි කෘතිම බුද්ධියේ වර්ධනයට එරෙහිව සමාජීය ක්‍රියාවලින් තිබේ. ඇත්ත වශයෙන් සිදු වී ඇත්තේ කෘතිම බුද්ධිය තවත් ආධිපත්‍ය සහිත සත්වයෙක් ලෙස වූ හැගීමක් අපගේ මොලයට තදින් කා වැදී අපේ DNA තුල ජානමය මතකයන් ලෙස පැවතීමයි.

කෘතිම බුද්ධිය මිනිසා පරාජය කර අපගේ සමාජය විනාශ කරනු ඇති බවට වූ ගැඹුරු පිඩනොන්මාදයක් පවතින විටද මනුෂ්‍ය ස්වරූපයේ කෘතිම බුද්ධිය නිර්මාණයට මේ තරම් තාක්ෂණික උත්සහයක් දැරීම සමහර විට පුදුමයට කරුණක් ද වේ.

මිනිස් අන්තර් සම්බන්ධතා අනුගමනයට Microsoft ආයතනය Corton ද, Amazon ආයතනය Alex ද, Google ආයතනය Assistant ද යන නම්වලින් අනන්‍ය පෞද්ගලික සහකාරවරු (Personal Assistant) කෘතිම බුද්ධිය උපයෝගයෙන් නිර්මාණය කිරීමේ සිට සැබෑ මිනිසෙකු ලෙස පෙනෙන, ගමන් කරන සහ ස්පර්ශය දැනෙන මනුෂ්‍යාභ රොබෝවරු නිර්මාණය කිරීම දක්වා කෘතිම බුද්ධි ව්‍යාප්ත වීමෙන් යන්ත්‍රය හා මනුෂ්‍යයා අතර වෙනස දිනපතා තුනී වෙමින් පවතියි.


අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ : හර්ෂ ලංකේශ්වර 

0 comments:

Post a Comment