July 10, 2017

4G වලට වඩා වේගවත් PCell තාක්ෂණය

දැනට පවතින 4G තාක්ෂණයෙන් ලැබෙන වේගය අභිබවා යා හැකි තාක්ෂණික හැකියාවකින් යුත් නවතම රැහැන් රහිත ජාලය ලෙස PCell (Personal Cell) හැඳින්විය හැකියි. මෙම තාක්ෂණික ක්‍රමවේදය සොයාගෙන ඇත්තේ Artemis නම් ආයතනය මගිනි.



දැනට 4G තාක්ෂණයෙන් දත්ත සේවා සැපයීම සඳහා භාවිතා කරනු ලබන්නේ ප්‍රාදේශීයව යම් යම් ස්ථානවල ඉදිකරනු ලැබූ විශාල කුළුණුය. නමුත් මෙම කුළුණුවල සිට දත්ත දුර්වලවීමකින් තොරව යැවිය හැකි වන්නේ ඉතා කෙටි දුරක් පමණි. අදටත් 4G තාක්ෂණය නාගරික ස්ථාන කීපයකට පමණක් සීමා වී තිබෙන්නේ එබැවිනි.  එනිසා  4G තාක්ෂණය අදටත් ගම්බද අයට සිහිනයක් වී ඇත.
මේ ගැටළුවට හොඳ විසඳුමක් සපයන්නට  PCell තාක්ෂණයට හැකි වනු ඇතැයි විශ්වාස කළ හැකියි.

මෙම තාක්ෂණය ක්‍රියාත්මක වනු ලබන්නේ 4G තාක්ෂණයට වඩා වෙනස් ආකාරයකටයි. මෙම PCell උපකරණ ඉතා කුඩා ප්‍රමාණයේ රවුටර්යක් වැනිය. එය සෑම නිවසකටම එකක් වන සේ සවි කරනු ලැබේ. ගුවන්විදුලි සිග්නල් වඩාත් දියුණු මට්ටමකට වැඩිදියුණු කිරීමෙන් මෙම PCell උපකරණ අතර සන්නිවේදනය සිදු කරනු ලබනවා. 

මේ තාක්ෂණයේදී භාවිතා කරන PWave ගුවන්විදුලි තරංග දත්තයන් සම්පේ‍්‍රෂණය කිරීම සදහා භාවිතා කරන්නේ miliwatt 1 ක් පමණයි. එම හේතුව නිසා මෙම ජාලයත් සමග සම්බන්ධ වීමේදී දුරකතනයන් මගින් වැයවෙන්නේ ඉතාමත්ම සුළු බලයක් වන අතර නිරන්තරයෙන් තරංග සෙවීම ද අවශ්‍ය වන්නේ නැහැ.
එම සමාගම නිවෙස් වල වහලවල් 350 ක් පමණ PCell උපකරණ සවි කරමින් මුළු නගරයම ආවරණය කිරීමටද බලාපොරොත්තු වන බව පැවසෙනවා. ඉදිරියේදී ලෝකවාසී ජනතාවට මෙම සුපිරි වේගවත් ජාලයේ පහසුකම් අත්විදීමට හැකියාව ලැබෙනු ඇති බව නිෂ්පාදකයින් පවසනවා. නමුත් මේ තාක්ෂණය සාමාන්‍ය ජනතාව අතර කෙසේ ව්‍යාප්ත වනු ඇත්දැයි තවමත් නිගමනය කරන්නට බැහැ.

Vidatha - Nochchiyagama.
Sources: https://en.wikipedia.org/wiki/PCell_(telecommunications), https://techguru.lk/explained/pcell-1000-times-faster-than-4g/

3 comments:

meke dina wakawanu weradi

Thank you for your comment. The article is revised accordingly.

Yes,we warmly welcome such comments. Thanks again Gayan Dewapriya for your attention & comment - for Admin

Post a Comment