July 13, 2017

පොදු ප්‍රවාහන සේවය සදහා රියදුරු රහිත වාහන

රියදුරු රහිත (ස්වයං) මෝටර් වාහන ධාවනයේ ඉදිරි පියවරක් ලෙස පොදු ප්‍රවාහන සේවය සදහා රියදුරු රහිත කුඩා බස් රථ ධාවනය කිරීමට මේ වසර අගදී එංගලන්තය කටයුතු කරන බව වාර්තා වේ.

Milton Keynes නගරයෙහි මින් පෙර ක්‍රියාත්මක කළ රියදුරු රහිත පොදු ප්‍රවාහන සේවා අත්හදාබැලීමේදී ඒ සදහා මගීන්ට පෙර ලියාපදිංචිවීමට සිදු වූ නමුත් මෙවර ප්‍රවාහනය අපේක්ෂා කරන මහමඟ සිටින ඕනෑම මගීයෙකුට නව සේවාව ලබාගත හැකිය. ගඟ අසළ නැවතුම්පලින්  සහ රැහැන් මෝටර් රථ පර්යන්තයෙන් ගමන් ආරම්භ කරන නව ප්‍රවාහන සේවය අතරමැද නැවතුම්පළවල් 4 ක නැවත්වීමට නියමිතය.

රියදුරු රහිත පොදු ප්‍රවාහන සේවයට රියදුරෙකු නොමැති වුවත් පරීක්ෂණ ධාවනයේදී ආරක්ෂක නියාමකයෙක් සම්බධව සිටියි. තවද වේගය පැයට කිලෝමීටර 15 කට සිමා කර ඇති බැවින් දරුණු රිය අනතුරක් සිදු නොවන අතර ගැටලුකාරී අවස්ථාවකදී බසයේ වේගය අඩු කිරීමට හෝ ස්වයංක්‍රිය පාලනය වෙනස් කිරීමට ආරක්ෂක නියාමකට හැකියාව තිබේ.

හිත්රෝ ගුවන්තොටුපලින් දැනට ක්‍රියාත්මක ස්වයංක්‍රිය පොදු ප්‍රවාහන සේවයේදී ඒ සදහාම නිර්මාණය වූ මාර්ග භාවිතා කරන නමුත් නව රියදුරු රහිත පොදු ප්‍රවාහන සේවය මගින් මහාමාර්ගයේ සාමාන්‍ය මගී හා මෝටර් වාහන ගමනාගමනයට කිසිදු සිමා කිරීමක් සිදු නොවේ.

දැනට දුම්රිය හෝ බස්රථ සේවා නොමැති මාර්ග සදහා රියදුරු රහිත පොදු ප්‍රවාහන සේවාව පහසුවෙන් හදුන්වාදිය හැකි බව මෙම අත්හදබැලීම මෙහෙයවන  TRL ආයතනයේ Simon Tong පවසයි.

පසුගිය සැප්තැම්බර් මාසයේ සිට රියදුරු රහිත කුලී රථ ධාවනය Uber සමාගම මගින් Pittsburgh නගරයේදී ක්‍රියාත්මක කළ අතර මෙම වසර අගදී ස්වයංක්‍රිය ප්‍රවාහනය තරඟකාරී Lyft සමාගම මගින් Boston නගරයේ ක්‍රියාත්මක කරන බවද වාර්තා වේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

 https://www.youtube.com/watch?v=SjCqE7aYUyE

0 comments:

Post a Comment