July 21, 2017

අධි මානුෂික වෛද්‍යවරුන්ගේ යුගයක් සදහා කෘතීම බුද්ධියේ ප්‍රවේශය

විවිධ ක්ෂේත්‍රවල මනුෂ්‍ය ක්‍රියාකාරකම් බොහොමයක් අභිබවා යාමට කෘතීම බුද්ධිය සමත්වේද? ඔබ එය විශ්වාෂ කරන්නේද? ඇමෙරිකාවේදී ඉහත කරුණු මතුවුයේ එරට පිහිටුවා ඇති මුලික රෝග විනිශ්චය වෙනුවෙන් වූ වෛද්‍ය විද්‍යාව සදහා එක්සත්ජනපද ආයතනය (US Institute of Medicine) විසින් පලකළ වාර්තාවක් පාදක කොට ගෙනය. ඇමෙරිකාවේ පමණක් සැම රෝග විනිශ්චය 10 කට 1 ක් දෝෂ සහගත බවත් ප්‍රාථමික සාත්තු සේවයේදී සෑම රෝගීන් 20 කින් එක් අයෙකුට වැරදි රෝග විනිශ්චය ලැබෙන බවත් එවැනි දෝෂ නිසා වසරකට 80,000 ක ප්‍රමාණයක් මියයන බවත් එම වාර්තාවේ සදහන් වේ.

රෝගියාගෙන් ලැබෙන තොරතුරු අසම්පුර්ණ වීම,  සත්තු සේවකයන් අතර සිදුවන අතපසුවීම්, වෛද්‍යවරුන්ගේ තීරණවල ඇති මතිග්‍රාහක ආවරණය, අධික සේ වෙහෙසුණු කාර්ය මණ්ඩලය, අමතර සේවා සදහා යොමු වන ක්‍රියාපිළිවෙත් යනාදිය නිසා ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් වූ රෝග විනිශ්චය කනගාටුදායක ලෙස ඉහත වාර්තාවේ පරිදි දෝෂ සහගත විය හැකිය. ස්වභාවිකව මනුෂ්‍යාට සිදුවිය හැකි වැරදි මෙම ක්‍රියාවලියේදී වැදගත් කරුණක් බව පැහැදිලි වේ. එනිසා කෘතීම බුද්ධියට ඇති අඛණ්ඩ කලබල හෝ විඩාවට පත්නොවන ශක්තිය, මතක ශක්තිය රෝග විනිශ්චය කාර්ය වෙනුවන් යොදා ගැනීම සදහා සංවර්ධනය කිරීම සාධාරණ අවශ්‍යතාවයක් බව එම වාර්තාවේ සදහන් වේ.

වෛද්‍යවරයාගේ ඇස් වරින්වර රෝගියාගේ මුහුණ සහ සටහන් කර ගැනීම වෙත යොමු වන අතරවාරයේදී පහත ක්‍රියාකාරකම් රෝග විනිශ්චයේදී සමහර විට සිදුවන බවද එහි දක්වා ඇත. “කොතරම් කාලයක සිට මේ රෝග ලක්ෂණ ඔබට තිබෙනාවාද?” ඔබ (රෝගියා) අතීතය මෙනෙහි කරයි: “සති කිහිපයක්, සමහර විට ඊටත් වැඩියෙන්” එය සටහන් කර ගැනේ. “ දවසක සමහර වේලාවන්ට රෝගය වැඩිවෙනවාද?”, මතක් කර ගැනීමට අමාරු ප්‍රශ්නයක් ඔබට සිතේ “කියන්න අමාරුයි, රෝගය මතුවෙනවා නැතිවෙනවා”, එයද සටහන් කර ගැනේ. මෙලෙස තවත් ප්‍රශ්න කිහිපයක් අසා සටහන් කර ගැනීම හා වෛද්‍ය වාර්තා බැලීම සිදුවන අතර හදවත (pressure) , ඇස් යනාදිය පරික්ෂා කෙරේ. මේ ආකාරයේ වූ රෝග නිරීක්ෂණයකින් කළ රෝග ව්නිශ්චය අනුව නියම වූ ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව රෝගියාට තමා සති කිහිපයකට පෙර  බිම ඇදවැටුණු බව සිහිවේ. ඒ සමගම එය වෛද්‍යවරයාට පැවසිය යුතුව තිබුනිදැයි මෙන්ම එවැන්නක් හෝ විශේෂ සිද්ධියක් පිළිබදව තමාගෙන් විමසීමක් නොකළේ මන්දැයි රෝගීයාට සිතෙනු ඇත. එනම් රෝග විනිශ්චය බොහෝ ප්‍රශ්ණ , පිළිතුරු , පරික්ෂා කිරීම් , වෛද්‍යවාර්තා, කාලය, මතකය, දැනුම යනාදිය අවශ්‍ය මනුෂ්‍යා අතින් අතපසුවීම් සිදු විය හැකි සංකීර්ණ ක්‍රියාවලියකි.   


අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර  

0 comments:

Post a Comment