July 26, 2017

වක්‍ර මුළු හා හැරවුම් තුළින් රිංගා යන ජෛව රොබෝ බට

පැයට කිලෝ මීටර 35 ක වේගයෙන් දිගහැරෙමින් වක්‍ර මුළු හා හැරවුම් තුළින් රිංගා මීටර 72 ක උපරිම දුරක් ගමන් කළ හැකි නව ජෛව රොබෝ බට කුතුහලය දනවන රොබෝවකි. පැටලිලි සහිත මාර්ග තුළින් දිගහැරෙමින් අවුල් ලිහා ගමන් කරන මෙම නම්‍යශීලි රොබෝ බට ක්‍රියාකරන ආකාරය භුතයෙක් අරක් ගත් උද්‍යාන නලයක් (හෝස් ) සේ දිස්වේ.

මනුෂ්‍යයන් හෝ සත්වයන් හෝ රොබෝවරුන් මෙන් නොව ශාක ගමන් කරනුයේ (චලනය වනුයේ) ලියලා වැඩිමෙනි. එය ඉතා මන්දගාමී ක්‍රියාවලියක් වුවද ඕනෑම වක්‍ර මුළුවක් හෝ ඇහිරුණු ඉතා කුඩා ඉඩක් (අවකාශයක්) තුළින් වුවද ශාකයට ලියලා වැඩි ගමන් කළ හැකිය. (ඇගිලිවල නියමල මෙන් )
ශාකයේ මෙම ක්‍රියාවලියම ඊටත් වඩා සාපේක්ෂව අධික වේගයකින් නව රොබෝ බට ක්‍රියාත්මක කරයි. කුටීර තුනකට ගොනුවී ඇති මෙම බට වාතයෙන් පිරෙන විට නව බට ලෙස දිගහැරේ. සෑම කුටිරයකටම වාතය ලබාදෙන වේගය පාලනය කිරීමෙන් බටය ගමන් කරන දිශාව පාලනය කළ හැකිය.

එනිසා ශාක මෙන් වූ රොබෝ බට වලට රේඩියෝ ඇන්ටෙන ආකාරයෙන් විවිධ ත්‍රිමාණ ව්‍යුහ ලෙස දිගහැරීමට අමතරව කිලෝ ග්‍රෑම් 75 ක බර ඇසුරුම් පෙට්ටි එසවීමට සහ කපාට හැසිරවීමට ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබේ. අනාගතයේදී හදිසි අවස්ථාවල මුදවා ගැනීමේ කාර්යයන් වෙනුවෙන් භාවිතා කළ හැකි ලෙස මෙම රොබෝ බට වර්ධනය වනු ඇත.
 
“අපි ජෛයව රොබෝ බට නිෂ්පාදනය ස්වයංක්‍රිය කිරීමට බලාපොරොත්තු වෙමු. එවිට ඒවායේ මිල නොසැළකිය හැකි තරම් කුඩා වේ.” යයි රොබෝ බට නිපදවූ කැලිෆෝනියාවේ Stanford විශ්ව විද්‍යාලයේ Wright Hawkes පවසයි. වෛද්‍ය ක්‍ෂේත්‍රයේ කැතිටර (cathitar) ඇතුළු සියලු ශල්‍යකර්ම සදහා භාවිතා කිරීමට හැකි ලෙස රොබෝ බට සංවර්ධනය වීමේ විභවයක් ඇති බව ඔහු තවදුරටත් සදහන් කරයි.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

https://youtu.be/6oxIbOLQ7d0?t=6

0 comments:

Post a Comment