July 21, 2017

ගොළුබෙල්ලාගේ මතකය මකා දැමීම

ගොළුබෙල්ලාගේ මතකය මකා දැමීමට විද්‍යාඥයෝ සමත් වී ඇති අතර එම අධ්‍යනය  පාදක කොට සංකාව (Anxiety) සහ Traumatic Stress Disorder (PTSD/ ක්‍ෂතිජ ආතති ආබාධ) යන රෝග ප්‍රේරක මතකයන් මකා දැමීමට හැකි විභවයක් පවතින බව වාර්තා වේ.

අධ්‍යනය ක්‍රියාත්මක කළ කොළම්බියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ (CUMC) සහ McGill විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් එහි ප්‍රතිඵල Current Biology සගරාවේ පළ කර තිබේ.

නියුරෝන අතර සම්බන්ධතා ශක්තිය වැඩිකිරීම සහ ඒවා වැඩි කාලයක් පවත්වාගෙන යෑම මගින් මොලයේ කොටසක් දීර්ඝ කාලීන මතකයන් නිර්මාණය කරයි. ඒ නිසා එම සම්බන්ධතා දුර්වල කිරීම මගින් සමහර සුවිශේෂී මතකයන් වෙනස් කිරීමේ හැකියාවක් පවතියි.

මෙම අධ්‍යනයේදී Aplysia නම් මුහුදු ගොළුබෙල්ලාගේ එක් චාලක නියුරෝනයකින් සම්බන්ධ වී ඇති සංවේදී නියුරෝන දෙකක් පර්යේෂකයෝ උද්දීපනය කළෝය. එහි අරමුණ වූයේ මතකයන් දෙකක් නිර්මාණය කිරීම විය. යම් විශේෂිත සිදුවීමක් හා සම්බන්ධතා දක්වන සහසම්බන්ධ (associative) මතකය සහ එම සිදුව්ම සමග සෘජුව නොව වක්‍රව සම්බන්ධයක් සම්බන්ධතා නොවන (non associative) මතකය ලෙස මෙම මතක දෙක සලකනු ලැබේ.

CUMC අධ්‍යනයේ සම කතෘ Samuel Schacher මේ සම්බන්ධයෙන් ඉදිරිපත්කර ඇති උදාහරණය නම් “අපරාධවලට ප්‍රසිද්ධ ප්‍රදේශයක ඔබ ගමන් කරන විට ඔබට එක් අදුරු පටු මගක් තුලින් යෑමට සිදු වීමෙන් විශාල චිත්තාවේගයක් ඇතිවීම (associative) සහ ඉන් ස්වල්ප වේලාවකට පසු ඔබට තැපැල් පෙට්ටියක් දර්ශනය වීම (non associative) වේ.

 වර්ග දෙකක kinaseM (PKM) ප්‍රෝටීන අණු අවහිර කිරීමෙන් ගොළුබෙල්ලාගේ මොළයේ සහසම්බන්ධතා සහ සහසම්බන්ධතා නොවන මතකයන් ඇති කරන සම්බන්ධතාවල ශක්තිය මකා දැමීමට හැකි බව ඔවුන් සොයා ගෙන තිබේ. මෙම ප්‍රෝටීන සම්බන්ධතාවයන්  පවත්වා ගෙන යෑමට මූලික වේ. PKM API III ප්‍රෝටීන අණු මගින් සහසම්බන්ධතා (associative) මතකයන්ද PKM API ප්‍රෝටීන අණු මගින් සහසම්බන්ධතා නොවන (non associative) මතකයන් ද අවහිර කරනු ලැබේ.

ගොළුබෙල්ලා සදහා කරන ලද මෙම පරීක්ෂණ සාර්ථක වුවද මිනිසුන් සදහා එය අත්හදා බැලීමට කාලයක් ගත විය හැකි බවද කෙසේ වෙතත් මෙම ක්‍රමය මගින් චිත්‍රපට වල මෙන් තමන් අකමැති මතකයන් මකා දැමීමට හැකියාවක් නොමැති නමුත් නිරෝගි ජීවිතයකට තදින් බාධා කරන මතකයන් පමණක් මකා දැමීමට හැකි විභවයන් පවතින බවත් පර්යේෂකයෝ ප්‍රකාශ කරති.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

0 comments:

Post a Comment