July 7, 2017

රෝග නසන ගෝවා

ගෝවාපවුලට අයත්, ගෝවා, මල් ගෝවා, කාලේ (බොකුටු ගෝවා, අතු ගෝවා) බ්රෑසෙල්ස් (රිකිලි ගෝවා) නපා ගෝවා, බ්‍රෝකලි ගෝවා, රාබු, නෝකෝල්, අබ වැනි එළවළු වර්ගවල ප්‍රබල  පිළිකානාශක  සහ ප්‍රතිඔක්සිකාරක ගුණයක්ද සහිත ග්ලුටතියෝන්(Glutathione) නමින් විද්‍යාඥයින් විසින් නම් කර ඇති මෙම, ට්‍රයිපෙප්ටයිඩ් අණු වි‍‍ශේෂය, රැධිරයේ අන්තර්ගතව ඇති බව පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත.මෙම සංයෝගය ජිවීන්ගේ ආයු කාලය වැඩි වීමට තුඩු දෙන බව මීයන් යොදා ගෙන කරන ලද පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.


විශේෂයෙන් බ්‍රෝකලි ගෝවා මගින් පිලිකා දියවැඩියාව සහ හෘද රෝග ඇති වීමේ අවධානම අඩු වන බව පර්යේෂණ වලින් පෙන්වා දී ඇත
පෙනහලු සහ ගුද මාර්ගයේ ඇති විය හැකි පිලිකා සෑදීමේ අවධානම අඩු කරයි.
මෙම අහාර රැව වැඩීමට හේතු වන අතර තවද කෙස් නිරෝගිව තබා ගැනීටමද හේතු වේ.
Sulforaphane නම් රසායනිකය මේවායේ අඩංගු වන අතර මෙමගින් histone deacetylase (HDAC) නම් එනසයිමය අක්‍රීය කරන අතර මෙය පිලිකා සෛල ඇති වීමට හේතු වේ.
පියයුරැ පිලිකා ද වැලැක්වීමට මෙම අහාර උපකාර වන බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත.

මේවයේ අධික පෝෂණ ගුණයක් ද සහිත වේ
අහාර 75 ග්රෑම් වල අඩංගු පෝෂණය
§  17 calories
§  4 grams of carbohydrate   කාබෝහයිඩ්ඩ්‍රෙට
§  1 gram of protein     ප්‍රොටීන්
  • 81.5 micrograms of vitamin K
  • 11 milligrams of magnesium
  • 22 micrograms of folate
        vitamin B-6, calcium, potassium, and thiamin.
 choline, beta-carotene, lutein, and zeaxanthin flavonoids kaempferol, quercetin, anapigenin.

නවතම පර්යේෂණයකින් පෙන්වා දී ඇත්තේ පැලවීගෙන එන බ්‍රෝකලි ගෝවා නිස්සාරනය දෙවන වර්ගයේ දියවැඩියාව පාලනයට යොදා ගත හැකි බවයි.
මෙහි අඩංගු Sulforaphane නම් රසායනිකය රැධිරයේ සීනී මට්ටම පාලනයට හේතු වන බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත.

මෙය රෝගීන්ට ලබා දීම මගින් ඉතා සාර්ථක ප්‍රතිළුල ලබා ඇති බව නිරාහාර රැධිරයේ සීනී මට්ටම මැනීමෙන් පෙන්වා දී ඇත.


උපුටා ගැනීම  Science daily

0 comments:

Post a Comment