October 3, 2014

අවම වශයෙන් එකයි - ගණිත විනෝදය

 
අවම වශයෙන් එකක් යන්නෙහි ගණිතමය තේරුම එකක් හෝ ඊට වැඩි බවයි.යම් ගැටළුවකට හෝ සිද්ධියකට අදාල පිළිතුරු ප්‍රමාණය නිවැරදිව ප්‍රකාශ කළ නොහැකි නමුත් පිළිතුරු පවතින බව ප්‍රත්‍යක්ෂ අවස්ථාවන් වලදී අවම වශයෙන් එකක් යන්න සාමාන්‍යෙයෙන් භාවිතා කරයි.

The Curious Incident of The Dog in The Night නව කථාවේ කථානායකයා වන ක්‍රිස්ටෝපර් අවම වශයෙන් එකක් හි ගණිතමය ආදර්ශනය පිළිබඳ හාස්‍යජනක කථාවක් මෙසේ ඉදිරිපත් කරයි.

දුම්රියේ ගමන් ගන්නා මගීන් තිදෙනෙකි. එක් අයෙකු අර්ථ ශාස්ත්‍රඥයෙකු ද අනෙකා තර්ක විශාරදයෙකු ද තුන්වැන්නා ගණිතඥයෙකු ද විය. දුම්රිය එංගලන්තයේ සිට ස්කොට්ලන්තය දෙසට ගමන් කරමින් තිබුණි. එය එංගලන්ත දේශ සීමාව පසු කළ සැනින් දුඹුරු පැහැති ගවයෙකු තණ පිට්ටනියක සිටිනු ඔවුහූ දුටුවෝය. දුම්රිය ගමන් කරන දෙසට සමාන්තරව සිටි ගවයා පිළිබඳව ඔවුහූ මෙසේ අදහස් ප්‍රකාශ කළහ.

අර්ථ ශාස්ත්‍රඥයා          -           බලන්න, ස්කොට්ලන්තයේ ගවයෝ දුඹුරු පැහැතියි.

තර්ක ශාස්ත්‍ර විශාරද   -             වැරදියි, ස්කොට්ලන්තයේ ගවයෝ සිටිති. උන්ගෙන් අවම               වශයෙන් එක් ගවයෙකු දුඹුරු පැහැතියි.

ගණිතඥයා                -             ඒකත් වැරදියි, ස්කොට්ලන්තයේ අවම වශයෙන් ශරීරයේ එක් පැත්තක් දුඹුරු ලෙස පෙනෙන එක් ගවයෙක් හෝ සිටියි.

අර්ථ ශාස්ත්‍රඥයා විද්‍යාඥයකු නොවේ. තර්ක ශාස්ත්‍ර විශාරද  මෙය වඩාත් තරකානුකූල ලෙස ඉදිරිපත් කරයි.යමක් පිළිබඳව අනන්‍ය ලෙස අර්ථ දැක්වීමට ගණිතයට ඇති සුවිශේෂී හැකියාව නිසා එය බොහෝ විට මිණුම් මෙවලමක් ලෙසද සැළකේ



0 comments:

Post a Comment