October 21, 2014

විද්‍යාව සරල හා රසවත් ලෙස ඉගැන්වීමට අන්තර්ජාලය

විද්‍යාව සරල හා රසවත් ලෙස ඉගැන්වීමේ අවශ්‍යතාවය හා එහිදී පැන නගින ගැටළු නිසා එසේ කිරීම අත්හල යුතුද යන්න විමසමින් ආචාර්ය උපාධි අපේක්ෂකයෙකු සහ විද්‍යා ගුරුවරයෙකු වු ටයිල ඩීවිට් විද්‍යාව ප්‍රචලිත කිරිමට උපකාරී වන  අදහස් කිහිපයක් Ted කථාහි ඉදිරිපත් කර තිබේ.

විද්‍යා පෙළපොත් රචනයේදී භාෂාමය හා වෘත්තිමය සීමාවන් සහ සම්බාධක නිසා ඒවායේ විද්‍යා පාඩම් ද්විතියික අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ට බොහෝ විට තේරුම් ගැනීමට අපහසු හෝ නීරස විය හැකිය. එමඟින් විද්‍යාව ඉගෙනීමට පසුබට වන දරුවා නැවත විද්‍යාව ඉගෙනීමට යොමු කිරීම පහසු කාර්යයක් නොවේ. මෙහිදී විද්‍යාව සරලව ඉගැන්වීම සඳහා අන්තර්ජාලය සුවිශේෂ සම්පතක් ලෙස භාවිතා කළ හැකි වීම වාසනාවකි. විවිධ විද්‍යාත්මක සංකල්ප ආකර්ශණීය සජීව හා කාටුන් චරිත වල සරල රඟ දැක්වීමක් මඟින් ත්‍රාසජනක කථා, විහිළු (ප්‍රහසන) කථා, ආදර්ශ කථා, ප්‍රායෝගික කථා, ක්‍රියාකාරකම් ලෙස ඉදිරිපත් කළ හැකිය. ඉදිරියේදී විද්‍යාවේ බොහෝ සංකල්ප සරලව විග්‍රහ කරන ඉහත ස්වරූපයේ රංගන හා ක්‍රියා ඇතුලත් අන්තර්ජාල Wikipedia වන් නිර්මාණය වනු ඇත. දැනටමත් ද්විතියික අධ්‍යාපනයේ යෙදෙන දරුවන් සඳහා විද්‍යාව සරලව හා රසවත්ව විස්තර කිරිම උදෙසාම බොහෝ අන්තර්ජාල නිර්මාණ ඉංග්‍රීසි භාෂාවෙන් බිහි වී තිබේ. එලෙස ඩීවිට් විසින්ද රසායනික සමතුලිතතාව විග්‍රහ කිරීමට සරල පාසැල් නැටුම්වලට සමාකාරයක් භාවිතා කිරීම සහ ඛණිජ  පිළිබඳ විස්තර කිරීමට තරුණ ගැහැණු පිරිමි දරුවන්ගේ කඳවුරුවලදී ඉදිරිපත් වූ රසවත් කතන්දර භාවිතා කිරීම දැක්විය හැකිය. විද්‍යාව ඉගැන්වීමේදී එම පාඩම් දරුවන්ට "අහන්න මම කතන්දරයක් කියනවා" ලෙස ඉදිරිපත් කිරීම වඩා සාර්ථක වනු ඇත.

එකමත් එක කාලෙක කුඩා බැක්ටීරියාවක් සතුටින් කල් ගෙව්වා. ඔහුට වැඩිය ආදරය කරන්න එපා. ඔහු ඔයාගේ බඩවැල තුල පාවෙමින් හෝ කුමන හෝ නරක් වූ ආහාරයක සිටිනවා. හදිසියේම මේ බැක්ටීරියාව අසනීප වෙනවා. සමහර විට බැක්ටීරියාව නරක ආහාරයක් කෑවා විය හැකියි. තත්වය දරුණු වෙමින් බැක්ටීරියාවගේ බඩ ඉරාගෙන වෛරසයක් එළියට එනවා. භියකුරු ලෙස බැක්ටීරියාවට ඔහු තුලින් එළියට එන වෛයිරස් හමුදාවකට මුහුණදීමට සිදුවෙනවා. ඔබ බැක්ටීරියාවක් නම් ඔබ මේ දකින්නේ නපුරු සිහිනයක් නේද? එහෙත් ඔබ වෛරසයක් නම් අපි දිනුවායි ඔබට සිතේ. මක්නිසාද බැක්ටීරියාව පැරදවීම පහසු නොවීමයි. එය සිදු වූයේ මෙසේයි. වෛරසය බැක්ටීරියාව වසාගෙන ඒ තුලට තම DNA ඇතුලත් කරයි. ඉන්පසු එම වෛරස් වල DNA , බැක්ටීරියාවේ DNA විනාශ කර දමයි. එමඟින් බැක්ටීරියාවේ DNA විනාශ වී වෛරසයේ DNA ශරීරයේ ඇති සෛලවල පාලනය අරඹයි. එහි තේරුම වෛරස් නිෂ්පාදනය ආරම්භ වූ බවයි.
කර්මාන්තශාලාවක රොබෝ සේවකයින් නිෂ්පාදනය කරන්නේ ඔවුන්ට ලබාදී ඇති සැලසුම් කෙටුම්පතේ ඇති භාණ්ඩයි. දැන් ඔවුන්ට ලැබී ඇති අළුත්ම සැලසුම් කෙටුම්පත වෛරස සෑදීමයි. එනම් එම උදාහරණයේ මෙන් ශරීරය නම් කර්මාන්තශාලාවේ බැක්ටීරියා DNA වෙනුවට වෛරස් නිෂ්පාදනය සිදුවේ. මෙම ක්‍රියාව වෛරස් DNA පිරී පුපුරා යන තෙක් සිදුවේ. එහෙත් වෛරස බැක්ටීරියාවන් ආක්‍රමණය කරන එකම ක්‍රමය මෙය නොවේ.

සමහර වෛරස වඩා ශූර ලෙස කටයුතු කරයි. හමුදාවේ බුද්ධි බලකායේ සෙබලෙකු මෙන් එක් වෛරසයක් බැක්ටීරියා වසා ගෙන ඔහුගේ DNA බැක්ටීරියා සෛල තුලට ඇතුළු කරයි. මුලදී බැක්ටීරියා DNA තුලට ඇතුළු වූ මෙම වෛරස DNA භාහිර උපදෙස් ලැබෙන තෙක් නිසලව සිටී. පුදුමය නම් බැක්ටීරියාවේ දරුවන් ඉපදෙනුයේද වෛරස් DNA සමග වීමයි. දැන් අපට බැක්ටීරියා පරම්පරාවක් ඇති නමුත් ඒ සියළු දෙනා තුල වෛරස් DNA තිබේ. ඔවුන් සියළු දෙනා එකට විසුවද භාහිරෙන් එන සංඥාවන් නිසා මුළු බැක්ටීරියා පරම්පරාවම මිය යනුයේ ඔවුන් තුල වූ වෛරස් එළියට පිටකරමින්ය. දැන් ඔබ වෛරස, බැක්ටීරියා ආක්‍රමණය කරන දෙයාකාරය දනියි. පළමු ක්‍රමය ලයිටින්ද දෙවන ක්‍රමය ( බුද්ධිමය සෙබලා) ලියිසොනික්ද වේ. වෛරස, බැක්ටීරියා සහ වෛරස, බැක්ටීරියා විනාශ කිරීම සරලව හා රසවත් ලෙස පහදාදීම මෙම කතාන්දරයේ උත්සහයයි.

විද්‍යා පෙළපොත් රචකයකුට මෙම ත්‍රාසජනක කථාවේ බොහෝ සාවද්‍ය තැන් දැකිය හැකිය. සෑම වෛරසයකටම DNA නැත. වෛරස් වර්ග ඉතාම සුළු ප්‍රමාණයක් සඳහා DNA නොව ඇත්තේ RNA . විද්‍යා පෙළපොත් වල කතාන්දර ඉදිරිපත් කළහොත් පෙළපොත් ප්‍රමාණයෙන් විශාල වේ. බැක්ටීරියා, වෛරස ඔත්තුකාරයෝ යැයි කීම විද්‍යානුකූල නැත. භාෂාව අවිධිමත්ය. විද්‍යානුකූල හා විධිමත් ලෙස කියවීමට දරුවන් පුරුදු පුහුණු වීම වැළකේ.එනිසා ඉහත දැක්වූ කතාන්දරයේ ප්‍රධාන කරුණු පෙළපොතෙහි "වෛරසයක න්‍ය්ඨික අම්ල බැක්ටීරියාවකට හඳුන්වාදීම මගින් බැක්ටීරියා භක්ෂක ප්‍රතිගුණනය ආරම්භවීම ක්‍රමදෙකකින් සිදුවේ."යන ආකාරයකට ඉදිරිපත් කෙරේ.
විද්‍යා පෙළපොතේ ඉදිරිපත් කිරීම වඩා නිවැරිදි වුවත් ද්විතියික අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ට එය තේරුම් ගැනීම සාපේක්ෂව අපහසු වේ. ආපසු හැරවිය නොහැකි වඩාත් කණගාටුදායක කරුණ නම් දරුවන් විද්‍යා අධ්‍යාපනයෙන් ඉවත්වීමයි.එමගින් මූලික විද්‍යා දැණුමද දරුවන්ගෙන් දුරස්ථ විය හැකිය.එනිසා විද්‍යාව සරල හා රසවත් ලෙස ඉගැන්වීම සඳහා අන්තර්ජාලය උපයෝගීකර ගැනීම සැළකිය යුතූ කරුණකි.එවැනි අන්තර්ජාල නිර්මාණ ඉංග්‍රීසි භාෂාවෙන් සැකසී ඇත.දේශීය භාෂාවලින්ද එවැනි අන්තර්ජාල නිර්මාණ බිහිකිරීමේ ක්‍රමයක් සහ එවැනි නිර්මාණ හැකියාවක් ගුරුවරුන්ට ලැබීමෙන් විද්‍යාව සරල හා රසවත් ලෙස සමාජගත වනු ඇත.

උපුටාගැනීම :

https://www.youtube.com/watch?v=i-vA9uLSf7Y

2 comments:

වැදගත් තොරතුරු විවිධාංග බ්ලොග් එකක්. මේක අපේ බ්ලොග් දර්ශකයටත් ඇතුල් කරන්න අපට ලින්ක් එක එවන්න. අපේ දර්ශකයට පිවිසුම මෙතැනින්.

http://blogdharshakaya.blogspot.com/

Gift for Kids
http://www.sandakirana.com/

Post a Comment