October 14, 2014

තේ වතුරෙහි අගය ඹබ දන්නවාද?


  Camellia sinensis  යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන තේ ලොව වැඩිම පිරිසකගේ ප්‍රියතම පානය බවට පත්ව ඇත.  තේ ප්‍රභේද තුන්දහසක් පමණ වේ. නමුත් තේ කොළ මුලික වශයෙන් ප්‍රභේද තුනකට වර්ග කොට ඇත. නමි කොළ තේ කළු තේ ,ඔලෙග් තේ යනුවෙනි. ඔලෙග් යනු කොළ තේ හා කළු තේ වල අතරමැදි තත්වයයි.කොල තේ වියැලිමේදි අතරමැදි තත්වය හමු වේ,  කොළ තේ වල වර්ණය වෙනස් විමෙන් ඔලෙග් තේ ලැබේ.ලොකයේ වැඩිපුරම භාවිතා වන්නේ කොළ හා කළු තේය.නමුත් ලොව පැරණිම තේ වර්ගය කොළ තේය. ‍


        තේ කොළ වලට බැක්ටීරියා වලට ඵරෙහිව සටන් කිරිමේ හැකියාවක් ඇත. ඵනමි තේ වල පොලිෆීනෝල වන  Flavonoids සහ ටෑනීන් අඩංගුය. තේ අස්වැන්න නෙලාගන්නා ආකාරය,හා තේ කොළ නිෂ්පාදනය දක්වාවු පියවරයන් මත තේ කොලවල අඩංගු පොලිෆිනෝල ප්‍රමානය තීරණය වේ  . තවද කොළ තේ සහ කළු තේ වල ප්‍රතිඔක්සිකාරක ධාරිතාවයන්  ඵළවළු හා පළතුරු වල ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයට සාපේක්ෂව ඉහළ අගයක් ගනී. පරිවෘත්තිය ක්‍රියාවලීන්ගේ අතුරුඵලයක් ලෙස හට ගන්නා නිදහස් ඛණ්ඩක (Free Radicals )   



බොහෝ රෝගාබාධයනට මුලපුරන බැවින් මෙම තේ වල අඩංගු   ප්‍රතිඔක්සිකාරක මගින් රුධිරයේ ඇති හානිකර කොටස් හා නිදහස් ඛණ්ඩක ඉවත්කිරීම සිදුකෙරේ. ඵමගින් දේහ සෛල හා සෛල පටක වලට වන හානිය අවම කරයි. 


දිනකට තේ කෝප්ප 4-5ක් පානය කිරිමෙන් සිරුරට හිතකර කැෆේන් ප්‍රමානයක් ලබාගත හැක.ඵමගින් මානසික ඵ්කාග්‍රතාවය දියුනු වේ.එබැවින් තේ පානය කිරිමෙන් මානසික සැහැල්ලුවක් ඇතිවන අතර මානසික ආතතිය , නිස්කාරණ කෝපය නිරන්තර වෙහෙස මගහැරේ.
                       


 මිනිස් සිරුරේ දෛනික දියර අවශ්‍යතාවය පිරිමැසිම සදහා තේ පානය බෙහෙවින් උපකාරි වේ. වැඩුණු මිනිසෙකුගේ දෛනික දියර අවශ්‍යතාවයෙන් 20%-30% අතර ප්‍රමාණයක් ,අවම වශයෙන් දිනකට තේ කෝප්ප තුනක්වත් පානය කිරිමෙන් ලබාගත හැක.තවද stroke (ආඝාතය )  ඇතිවිම 21% කින් අඩුවන බවද සොයාගෙන ඇත.ඵය කළු තේද කොළ තේද යන්න ගැටඵවක් නොවේ.උගුර සහ ස්වාසනාලයේ ආසාදනයන් වලකාලයි.කළු තේවල අධික කැෆේන් ප්‍රමාණයක් පවතින බැවින් හෘදවාහිනි ආශ්‍රිත රෝගාබාධ වළකාලයි.


    තවද මෙම කළු තේ යහපත් මුඛ සෞඛයක් පවත්වා ගැනීම සදහාද සහය ලබාදේ. මෙම තේ කොළ වල අඩංගු පොලිෆීනෝල මගින් මුඛ සෞඛයට ඵරෙහිව ක්‍රියාත්මක වන බැක්ටීරියාවන්ගේ වර්ධනය අඩාල කරයි.තවද  අපිරිසිදු ප්‍රශ්වාසයන් සදහා දායක වන හයිඩ්‍රජන් සල්ෆයිඩි නිපදවිමට උත්තේජකයන් ලෙස ක්‍රියාත්මක වන ඵන්සයිමවල ක්‍රියාකාරිත්වය මෙම පොලිෆීනෝල මගින් වලකාලයි.
             ඵමෙන්ම තේ වල පවතින මෙම ප්‍රතිඔක්සිකාරක ගුණාංගයන්ට අමතරව ප්‍රති පිලිකානාශක ගුණාංගයන්ද සතුය.මෙමගින් පිලිකා සෛල වර්ධනයද අඩාල කරයි. කොළ පැහැති තේ මගින් දියවැඩියාව හේතුවෙන් හට ගන්නා ග්ලුකෝමා තත්වයද මගහරවාලන අතර HDL සහ LDL කොලෙස්ටරෝල් අනුපාතය ශරීරයට හිතකර මටිටමින් පවත්වාගෙන යෑමටද දායක වන බව  නවතම පර්යේෂණ මගින් සොයාගෙන ඇත.
ඵබැවින් තේ පානය ඔබට හිතකර ප්‍රතිඵල ලගාකරදේ.

උපුටාගැනීම -      www.prius -bio.eu / en / news /13-tea- polyphenol                                                                        htpp://en.wikipedia.org/wiki/polyphenol antioxidant
                           
කේ.එච්.එම්.එම්.එම්.ඡයවර්ධන
විද්‍යා හා තාක්ෂණ නිලධාරි

0 comments:

Post a Comment