October 8, 2014

රෝග සුවයට කුඩැල්ලන්

  රෝග සුවකිරිමට කුඩැල්ලා යොදාගැනිම පිළිබදව අවුරුදු 1000 කට පිට යන ඉතිහාසයක් ඇත.ඇස, කන යනාදි ස්ථානවල පමනක් නොව ශරීරයේ මතුපිට හිරවි ඇති ලේ කැටි ඉවත්කිරිමටද හෘදය, පෙනහඵ, මොළය යනාදි ශරීරයේ විවිධවු ස්ථානයන්හි රෝගාබාධයන් සදහාද කුඩැල්ලන් යොදා ගනි. තවද දියවැඩියාව නිසා ඇසෙහි ඇතිවන ග්ලුකෝමා තත්වය සුවකිරිම සදහාද විවිධවු චර්ම රෝග සුවකිරිම සදහාද  රූපලාවන්‍ය කටයුතු සදහාද කූඩැල්ලන් යොදාගත හැකිබව නවතම පර්යේෂන මගින් සොයාගෙන ඇත.                                                                                                                                      
"හිරුඩෝ" යන සත්ව පවුලට අයත්වන කුඩැල්ලා Hirudo medicinalis යන සත්ව විද්‍යා නාමයෙන් හදුන්වයි.මෙම Hirudo medicinalis විශේෂයට අමතරව   Hirudo orientalis, Hirudo troctina  සහ    Hirudo verbana යන විශේෂද රෝග සුවකිරිමේ කටයුතු සදහා යොදාගන්නා බව වාර්තා වි ඇත.

                                සමිපුර්ණයෙන් වැඩුණු කුඩැල්ලෙකු දිගින් 20 cm පමණ වේ.කොළ ,දුඹුරු හෝ කොළපැහැයට හුරු දුඹුරු පැහැ විය හැක.ඉදිරිපස මුඛයේ හනු සහ දත් දැකිය හැක.හනු 3ක් දැකිය හැකි අතර ම හනු කුඩා කියත් මෙන් දිස් වේ.හි තියුණු දත් 100ක් පමණ දැකිය හැක.ම දත් උපයෝගි කරගෙන ධාරකයාගේ සමෙහි කැපුමක් යොදා ලේ උරා බිම සිදුකරන අතර ම කැපුම "Y" හැඩයට දිස් වේ .

                     මෙම හනු තුනෙන්ම ලේ උරාබොන ස්ථානය තදින් අල්ලා ගනි. මේ සම රසායනික වර්ග තුනක් කැපුමි ස්ථානයට මුදා හරි.ක් රසායනික ද්‍රව්‍යයක් නිර්වින්දකයක් වේ . විට සපාකෑම හා ලේ උරාබිම නිසා ඇතිවන වේදනාව නොදැනේ.දෙවන රසායනය රුධිර නාල විශාල කරන්නකි. විට කූඩැල්ලාගේ මුඛය තුලට වේගයෙන් ලේ ගලා  ්ම සිදු වේ . තෙවන රසායනය ලේ කැටිගැසිම වලක්වන හිරුඩින් නමි රසායනික ද්‍රව්‍යයයි.
                            
                   කූඩැල්ලා ලේ උරාබිම ආරමිභකල පසු මිනිත්තු 20-40ක් අතර කාලයක් ය සිදු කරනු ලැබේ.ක් ආහාර වේලකදි විශාල කුඩැල්ලෙකුට තම ශරිරයේ බර මෙන් දස ගුණයක් ආහාරයට ගත හැකි බව සොයාගෙන ඇත. ආසන්න වශයෙන් 5-15 ml රුධිර ප්‍රමානයක් ඔවුනට ආහාරයට ගත හැක.ම ආහාරය ඔවුනට මාස 18කට පමණ සැහෙන බැවින් නිරාහාරව වසරක කාලයක් සිටිය හැක.
               කූඩැල්ලා ද්විලිංගික සතෙකු වන අතර පරිනත කුඩැල්ලන් දෙදෙනෙකු කතු වි බිත්තර සංසේචනය කරනු ලැබේ.නිරෝගි කූඩැල්ලෙකුට සිය ජීවිත කාලය තුල පැටවි 1200ක් පමණ බිහිකල හැක. ආයුකාලය සාමාන්‍යයෙන් අවුරුදු 5කි.

කූඩැල්ලන් සමග කරන ලද පර්යේෂණ අනුව ඌ කුඩා ඹෟෂධාගාරයක් බව පෙනී ගොස් ඇත.මෙම කූඩැල්ලන් විසින් පිටකරනු  ලබන ‍‍ඛෙිටයේ විවිධවු රසායනික සංයෝග 60ක් පමන ඇතිබව සොයාගෙන ඇත. මේවා අතර ලේ කැටිගැසීම වලක්වන,හමේ ආසාදන පාලනය කරන,රුධිරනාල විශාල කරන,ක්ෂුද්‍රජිවි නාශක සහ වේදනා නාශක ගතිගුණ ඇති රසායන ද්‍රව්‍යය දැකිය හැක.මෙම ඛෙිටයේ අඩංගු රසායනික සංයෝග අධිරුධිර පීඩනයෙන් පෙලෙන රෝගින් සදහාද හිතකර බව අනාවරණය විඇත.

       කුඩැල්ලන් යොදාගන්නා චිකිත්සක ක්‍රම අතරින් වඩාත්ම සහනය ලැබ ඇත්තේ පශ්චාත් ශල්‍යකර්මවලදි ම ස්ථානයේ කතුවු ලේ ඉවත්කිරිමට භාජනය වු රෝගින් සදහාය.මෙම ශල්‍යකර්ම අතර අතැගිලි,පාඇගිලි,කන්,නාසය,ඇස් පියන්,සම යනාදිය නැවත සවිකිරිමේ ශල්‍යකර්ම කටයුතු සදහා පමණක් නොව අද විශාල වශයෙන් සිදුකරන පයෝදර සැත්කමි වැනි (පිලිකා මෙන්ම ප්ලාස්ටික් සැත්කමි) ආදිය සදහාද කුඩැල්ලන් ලවා ලේ උරාදැමිම කරනු ලැබේ. තවද නහර ගැටගැසිම ,මස් පෙරලිම,නහරයක ලේ කැටිගැසිම,සන්ධි ඉදිමිම යනාදි රෝග සදහාද වර්තමානයේ කුඩැල්ලන් යොදා ගනි.
                    
                          කුඩැල්ලන් බෝකරන ගොවිපලවල විශේෂ සෞඛ්‍ය ආරක්ෂක කටයුතු යොදා ඇත.මක්නිසාද යත් යමිරෝගකාරක විෂබිජවලින් කුඩැල්ලා දුෂිතවි ඇත්නමි ලේ උරාබොන රෝගියාටද ම රෝග වැලදේ.



      එබැවින් වාණිජ මටිටමෙන් කූඩැල්ලන් ඇතිකරන ගොවිපලවල ක්තරා ආචාරධර්ම පද්ධතියක් අනුගමනය කරනු ලැබේ. කුඩැල්ලා රුධිරය උරාබොන බැවින්,ම රුධිරයේ වර්ධනය විය හැකි රෝගකාරක බැක්ටිරියාවක් වන "එරෝස් මොනාස් හයිඩ්‍රොෆිලා" වැනි බැක්ටිරියාවන් දැනට හදුනාගෙන ඇත.බැවින් කුඩලු ප්‍රතිකාරයට පසු රෝගිනට ප්‍රතිජිවක ඖෂධ දෙනු ලැබේ.



       උපුටාගැනීම - www.leechestherapy.com/benifits-and-effects.php
                             en.wikipedia.org/wiki/Hirudo-medicinalis
                             en.wikipedia.org/wiki/leech
  
කේ.එච්.එම්.එම්.එම්.ඡයවර්ධන
විද්‍යා හා තාක්ෂණ නිලධාරි


0 comments:

Post a Comment