October 18, 2014

පිළිකාව පිළිබදව දැනුවත් වෙමු!


  පිළිකාව යනු කුමක් ද?
අසාමාන්‍ය සෛල ගොනුවක පාලනය නොකල වර්ධනයක් සහ පැතිරීමක් පිළිකාවක් ලෙස අර්ථ දක්වයි. මෙම සෛල ගොනුව තමා වටා ඇති නීරෝගී පටක ආක්‍රමනය කර ඒවා විනාශ කිරීම සිදුකරන අතර ප්‍රතිකාර සිදුනොකලහොත් පිළිකාව මාරාන්තික විය හැකිය.

පිළිකාවක් ඇතිවීමට බලපාන හේතු කවරේද?
  
විකෘතීන් නිසා සෛලයන්හි ජාන වලට සිදුවන හානි හේතුවෙන් ඒවා පිළිකාකාරක සෛල බට පත්වේ.
විකෘතීන් මිනිසාට උරුමයෙන් ලැබෙන නමුත් මේවා පිළිකා බවට පත්වීමට ලැදි කමක් දක්වයි. නමුත් උදාහරණයක් ලෙස දුම්කොළ වැනි පිළිකා කාරක වලට සෛල නිරාවරණය වූ විට එම සෛලයන්හි ඇති ජාන වලට හානි සිදුවීම ජීවිත කාලය පුරාවටම සිදුවිය හැකිය. නෙසේ නමුත් සෛල ඉතා පහසුවෙන් පිළිකාමය තත්වයට පත් නොවේ. අවම වශයෙන් සෛලයක් විවිධ වර්ගයේ හානි හෝ විකෘතීන් වලට ලක්වීම පිළිකාමය තත්වයට සෛල  පත්වීමට අත්‍යාවශ්‍ය වේ. සෛලයක් පිළිකාකාරක සෛල බවට පත් කිරීමට ප්‍රධාන ජාන කාංඩ තුනක් සම්බන්ධය.
පළමු කාංඩය - Proto - Oncogenes
මේවා සාමාන්‍ය ලෙස සෛලයකට වර්ධනය වීමට හා විභාජනය වීමට උපදෙස් දෙයි. විකෘතීන් වලට භාජනය වුවහොත් මේවා Oncogenes බවට පත්විය හැකි අතර මෙමගින් සෛල වලට දිගින් දිගටම විභාජනය වීම සදහා උපදෙස් ලබාදෙයි.
දෙවන කාංඩය -Tumor Suppressor genes
මෙම කාංඩය මගින් සෛල ගුණනය වීම නවතාලයි. මෙම කාංඩයේ සෛල වලට සිදුවන හානියක දී   
සෛල විභාජනය වීම මැඩපැවැත්වීමකින් තොරව දිගින් දිගටම සිදුවේ.
තුන්වන ජාන කාංඩය  මගින් සාමාන්‍යයෙන් හානි වන DNA දාම ප්‍රතිසංස්කරණය කිරීමට උදව් වේ.   
නමුත් මොවුන්ගේ කාර්යය අඩාල වුවහොත් සෛල විභාජනය වීමේ දී මෙම හානි වූ  DNA අනු
පිටපත් කර දූහිතෘ සෛල වලට ලබාදිම සිදුවේ.
3.       ශරීරය තුල පිළිකාවක් වර්ධනය වන්නේ කෙසේ ද?
පිළිකා සෛලයක් පිළිකාමය තත්වයට පත් වූ පසු  එය විභාජනයට හා ගුණනය වීමට පටන් ගනී.                බොහෝ පිළිකා තත්ව වල දී මෙම සෛල මගින් අවට ඇති පටක ආක්‍රමනය කල හැකි සෛල
 ගුලියක් (Lump) හෝ  ගෙඩියක්   (Tumor) ඇති කරනු ලබයි. 
 මෙම ගෙඩිය (Tumor) මගින් එය වටා තිබෙන නිරෝගී සෛල මත තෙරපුමක් ඇති කරන අතරම
 මෙම නීරෝගී පටකය බිද දැමීම සදහා එන්සයිම ශ්‍රාවය කරනු ලැබේ.  මෙම ටියුමරය අනාවරණය
 කරගන්නා විට එය සෛල බිලියන ගණනකින් සමන්විත වේ. ටියුමරයට ඉතා හොද රුධිර සැපයුමක්         ලබාගැනීමට මෙම පිළිකා ජනක සෛල මගින් රුධිර නාල තමා ආසන්නයේ වර්ධනය වීම
 උත්තේජනය කරන Growth Factors නිපදවිම සිදුකරනු ලැබේ. මෙම රෝගයේ අවසන් අදියරයන් හි  
  දී ටියුමරයේ සෛල බිදී එම සෛල රුධිර නාල ඔස්සේ හෝ වසා නාල ඹස්සේ ශරීරයේ අනිකුත්
  කොටස් වෙත යැවෙන අතර එමගින් ටියුමරයේ ද්වීතීක අවධියට සිරුර ගොදුරු කර ගනු ලැබේ.
විවිධ වර්ගයේ පිළිකා වල සුලබතාව
හෘදයාබාධයකින් පසුව මිනිසෙකුට මරණය අත්කර දෙන දෙවන ප්‍රධාන හේතුව පිළිකාව ලෙස බටහිර සමාජයේ හදුනාගෙන තිබේ.
ඔබගේ ජීවිත කාලය තුල කුමන හෝ ආකාරයේ පිළිකාමය තත්වයක් ඔබතුල වර්ධනය වීමට ඇති හැකියාව 1/3 ට වඩා වැඩිය.
විවිධ වර්ගයේ පිළිකා වර්ග 200 ට අධික ප්‍රමාණයක් ඇති බව සොයාගෙන තිබෙන නමුත් මේවායින් සමහරක් ඉතා දුර්ලභය. ඉතා පහසුවෙන් හදුනාගත හැකි පිළිකා වර්ගයක් වනුයේ සමේ ඇතිවන පිළිකා වන අතර මේවාට පහසුවෙන් ප්‍රතිකාර කල හැකිය. මීට අමතරව පුරුෂ පක්ෂයට වැලදෙන වඩාත් සුලබම පිළිකා තත්වයන් තුන වනුයේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාව,පෙනහලු පිළිකා සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා වේ.
කාන්තාවන් වැඩිවශයෙන් ගොදුරු වන පිළිකා  තත්වය පියයුරු පිළිකා වන අතර ඊට අමතරව පෙනහලු හා ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා ද වේ. කාන්තා හා පුරුෂ දෙපාර්ශවයම ගත් විට වඩාත් වැඩි පිරිසක් මරණය කරා ගෙනයන පිළිකාව වනුයේ පෙනහලු පිළිකාවය.
5.      පිළිකාවක් සිරුර තුල වර්ධනය වීම වැඩිදියුණු කරනු ලබන සාධක මොනවාද?
පිළිකාවක් ඇතිවීම කෙරෙහි එක් තනි හේතු සාධකයක් පමණක් බලපානුයේ ඉතා විරලවය. පිළිකාකාරක හෝ වෛරස් වැනි පාරිසරික සාධක හා හෝමෝන හා ප්‍රෙව්නික ජාන වැනි සිරුර තුලින්ම පැන නගින සාධක අතර අන්තර් සබදතාවක ප්‍රතිඵල ලෙස සාමාන්‍යෙයන් පිළිකා ඇතිවීම සිදුවේ. පිළිකාකාරක බොහෝ ගණනක් අතරින් මාරාන්තික පිළිකාකාරකය ලෙස දුම්කොළ වලට ලැබෙනුයේ අද්විතීය ස්ථානයකි. උදාහරණයක් ලෙස ඇමරිකාව ගත්විට පිළිකා නිසා සිදුවන සියලු මරණ වලින් 30% ක ප්‍රමාණයක් දුම්කොළ පරිභෝජනය නිසා සිදුවන අතර පෙනහලු පිළිකා වලින් 87% ක් ම දුම්කොළ නිසා සිදුවන බව ගණන් බලා තිබේ.
මීට අමතරව පිළිකා මරණ වලින් 1/3 ක් වැරදි ආහාර  පුරුදු හා අධික ස්ථුලතාව හේතුවෙන් සිදුවන බව පර්යේෂකයන් විසින් අනාවරණය කර තිබේ.
වෛරස් මගින් සෛල වල ජාන කෙරෙහි සිදුකරන බලපෑම හේතුවෙන් පිළිකා ඇතිවිය හැක. මෙයට හොදම උදාහරණය හෙපටයිටීස් බී (Hepatitis B) වෛරසය වේ. මෙම වෛරසය මගින් අක්මාවේ පිළිකා තත්වයන් ඇතිකරනු ලැබේ.
අපගේ ශරීරය තුල පිළිකාවක් වර්ධනය වීමේ අවදානම වයසින් වැඩිවීමත් සමග වැඩිවන බව පර්යේෂකයන්ගේ අදහසයි. මෙයට හේතුව සෛල තුල පිළිකාමය වෙනස්වීම් ඇතිවීමට කාලය ගත වන බැවිනි. එංගලන්තයේ වයස අවුරුදු 65 ක් වන සෑම මිනිසුන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකුම පිළිකාවකට ගොදුරු වී ඇති බවට හදුනාගෙන තිබේ.
6.      අතීතයේ දී ට වඩා වර්තමානයේ පිළිකාව සුලබවිමට හේතු මොනවාද?
කාර්මික රටවල පමණක් නොව මුලු ලොව පුරාම වෙසෙන ජනතාව අතරින් බොහොමයක් දෙන වයස්ගත වනතුරුම ජීවත් වෙනු දක්නට ලැබේ. වයස්ගත වීමත් සමගම බොහෝ දෙනා මෙම මාරාන්තික රෝගටය ගොදුරු වීමේ වැඩි ප්‍රවනතාවයක් තිබෙන බැවින් වර්ථමානයේ අතීතයේදීට වඩා වැඩි පිළිකා රෝගින් සංඛ්‍යාවක් හදුනා ගත හැකි වී තිබේ.මිට අමතරව චීනය, ඉන්දියාව වැනි බටහිරකරණයට හසුනොවූ රටවල් වල ජනතාව තදින් දුම්පානයට ඇබිබැහි වී තිබෙන අතර මේ හේතුව නිසා දැනට ලොවපුරා සිටින මිලියන 11 ක් වන පිළිකා රෝගීන් සංඛ්‍යාව හා සැසදීමේදී 2020 වන විට පිළිකාවට ගොදුරු වූ ජනගහනය මිලියන 16 ක් දක්වා ඉහල නැගිය හැකි බව ගණන් බලා තිබේ.

 උපුටා ගැනීම : www.science daily.com

0 comments:

Post a Comment