October 3, 2014

කුරුළු උණ ගැන දැනගනිමු

කුරුළු උණ යනු කුකුළන් හා කුරුල්ලන් අතර පැතිරෙන බෝවන වසංගත රෝගයකි. මෙම රෝගය ඉන්ෆ්ලුවන්සා A වෛරසයේ H5N1 කාණ්ඩයෙන් සෑදෙයි. එය පක්ෂීන්ගෙන් මිනිසුන්ටද බො‍්වේ. මිනිසුන්ගෙන් මිනිසුන්ට කුරුළු උණ පැතිරීම ඉතාමත් විරලය.
·        පිටරටවල සිට පියාඹා එන කුරුල්ලන්ගෙන්  කුරුළු උණ මෙරට කුරුල්ලන් අතරට පහසුවෙන් පැමිණය හැක.
·        වෙනත් රටවලින් අප රටට ගෙන්වන කුරුල්ලන්, කුකුළන් හා කුකුළු පැටව්, කුරුළු පිහාටු, මස් හා බිත්තර වැනි කුරුළු නිෂ්පාදනවල  එම රෝගකාරක වෛරසය ඇත්නම් රෝගය අප රටට පැමිණිය හැක.
·         කුරුළු උණ වසංගතය ඇති රටවලට යන විදේශ ගමන් මගින්ද මෙම රෝගය පැතිරේ.
රෝගී හා මැරුණු කුකුළන්, කුරුල්ලන්, තාරාවන් සහ ගෘහාශ්‍රිතව ඇති කරන කුරුල්ලන් හා උන්ගේ අපවිත්‍ර දෑ ස්පර්ශ කිරීමෙන්ද රෝගී පක්ෂීන්ගේ බාගෙට පිසූ සත්ව කොටස් හෝ බිත්තර ආහාරයට ගැනීමෙන්ද මිනිසුන්ට රෝගය වැළදේ.

2009 දෙසැම්බර් මස වන විට ලෝකයේ කුරුළු උණ රෝගීන් 474 ක් සිටින අතර ඉන් මරණ 282 ක් සිදු වී ඇත.
වයිරස ශරීර ගත වූ පසු දින 3-5 ක් අතර කාලයකින් පසු රෝග ලක්ෂණ පහළ වේ. මූලික රෝග ලක්ෂණ සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා, රෝග ලක්ෂණ වලට සමාන වේ. උණ, කැස්ස, උගුර අමාරුව, ඇඟ පත අමාරුව හා සමහර අවස්ථා වලදී පාචනය ද පැවතිය හැක. සාමාන්‍යයෙන් මෙම රෝග ලක්ෂණ ඉක්මණින් නරක අතට හැරෙන අතර දරුණු නියුමෝනියා රෝගයෙන් මරණයට පත් වේ.
රෝගය පැතිරීම වැළැක්වීම සදහා
·         නිතර සබන් ගා අත් සේදීම.
·         රෝගීන් කහින කිවිසන විට පිරිසිදු ටීෂූ/ ලේන්සුවකින් නාසය හා කට වසා ගැනීම හා එම ටිෂූ ක්‍රමාණුකූලව කුණු බාල්දියකට දැමීම.
·         ජනාකීර්ණ ස්ථාන වලට යෑමෙන් වැලකී සිටීම.
·         ආරක්ෂිත සත්ව පාලන ක්‍රම භාවිතය
·         ආහාර පිළියෙ කිරීමේදීනිවැරදි සෞඛ්‍ය පුරැදු අනුගමනය කිරීම  
      

              සැකසුම:- විද්‍යා හා තාක්ෂණ නිළධාරි - මාවනැල්ල
 

0 comments:

Post a Comment