October 23, 2014

පෝෂ්‍ය පදාර්ථයන් බහුල කකුළු මාංශ

  මුහුදු සත්ව ආහාර සෞඛයට හිතකර බව වෛද්‍යවරු හා පෝෂණවේදින් පිළිගනිති.කරදිය හා මිරිදිය දෙකෙහිම වාසය කරන මත්ස්‍ය විශේෂයක් ලෙස සැලකෙන කවච මත්ස්‍යයන් ලෙස නමි ලබන කබොලු ආවරණයක් සහිත මත්ස්‍යයන්ගේ පෝෂණ ගුණය ඉහලය.කකුළුවන්ද මෙම ගණයට අයත් වේ.ලොව වටා පැතිර ඇති මතයක් වනුයේ කකුළුවන් කොලෙස්ටරෝල් අධික ආහාරයක් බැවින් සෞඛ්‍යයට තරමි හිතකර නොවන බවය.
               කකුළු විශේෂ සියයක් පමණ ආහාරයට ගන්නා අතර වැඩි වශයෙන් ආහාරයට ගනුයේ නිල් කකුළුවන්ය  (blue crabs).

ම නිල් පැහැයට ප්‍රධාන හේතුව වනුයේ ඔවුන්ගේ කටුවේ  තිබෙන බීටා ක්‍රස්ටසයනීන් නමි රසායනික ද්‍රව්‍යයයි. ම බීටා ක්‍රස්ටසයනින් තැඹිලි පැහැති ඇස්ටාසැන්තීන් සමග සංයෝජනය විම නිසා කකුළුවන් කළු නිල් පැහැයක් ගනි.කකුළුවන් හිමොසයනින් මගින් ඔක්සිජන් පරිවහනය කරනු ලැබේ.මෙම හිමොසයනින් වල කොපර් ලෝහය අඩංගු බැවින් කකුළුවන්ගේ රුධිරය නිල් පැහැතිය.

හිමොසයනින්


   
                        මෙම කකුළු මාංශ පෝෂණ ගුණයෙන් ඉහලය.විටමින්,ප්‍රෝටීන හා ඇමයිනෝ අමිලයන් බහුලය.තවද කැල්සියමි ,කොපර්, සින්ක් , පොස්පරස්, සහ යකඩ යන ඛනිජලවණද සුලභව දැකිය හැක.ලිපිඩ සහ කාබෝහයිඩ්‍රේට ස්වල්ප ලෙස පවති.

            සියළුම කවච මත්ස්‍යයන් මෙන් කකුළුවන්ද ශාක ප්ලවාංග සහ ඇල්ගාවන් ආහාරයට ගන්නා බැවින් ඔවුන් තුල ඔමේගා 3 මේද අමිලය බහුලව දැකිය හැක. මෙම ඔමේගා 3 මේද අමිල මගින් රුධිර පටිටිකා වල ඇලෙනසුළුබව (stickiness)අඩු කරයි.මගින් රතු රුධිරාණු වල නම්‍යශීලිබව වැඩි කරමින් රුධිරය පහසුවෙන් ගලා යාමට සලස්වයි.එමෙන්ම ඔමේගා 3මගින් ට්‍රයිග්ලිසරයිඩ මටිටම සහ ශිරා බිත්තිවල තැමිපත් වෙමින් හි මාර්ගය අහුරවන LDL කොලෙස්ටරෝල් මටිටමද අඩු කිරිමට උපකාරි වේ .තවද කකුළු මාංශ වැනි මුහුදු ආහාරවල  පවතින ඔමේගා 3 මේද අමිලය නිසා ම ආහාර ගන්නා අයගේ මොළයේ ක්‍රියාකාරිත්වයේ වැඩිබවක් දැකගත හැක.ළමුන් සදහාද සුදුසුය .තවද කකුළු මාංශ වල අඩංගු ෆෝලේට මගින් මධ්‍ය ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය පහසු කරයි.
කකුළු මාංශවල පවතින B 6 විටමිනය ඇමයිනෝඅමිල සහ රුධිර සෛල නිෂ්පාදනය සදහා දායක වේ. 
නිල් කකුළුවන් අවුන්ස 1කක කොලෙස්ටරෝල් මිලි ග්‍රෑමි 28 ක් දැකිය හැක.
කුකුල් මස් අවුන්ස 1කක  කොලෙස්ටරෝල් මිලි ග්‍රෑමි 22 ක් දැකිය හැක.
කකුළු මාංශවල සංතෘප්ත මේදය අඩුවන අතර මෙහි ක්‍රෝමියමි ලෝහය ඇති බැවින් ශරිරයේ HDL කොලෙස්ටරෝල් (good cholesterol) මටිටම ඉහල නැංවීමට උපකාරි වේ.බැවින් ආඝාතය සහ හෘදරෝග සදහා පවතින අවදානම අඩු වේ .තවද කකුළුවන් තුල ස්ටෙරෝල් (sterol) ඇති බැවින් ආහාර වේල තුල ගන්නා අනෙකුත් කොලෙස්ටරෝල් අවශෝෂණය  වලකාලයි.

           තවද අනෙකුත් කවච මත්ස්‍යයන් මෙන්  කකුළුවන් තුලද ක්‍රෝමියමි මුලද්‍රව්‍යය බහුලව පවතින බැවින් ඉන්සියුලින් මගින් සීනි පරිවෘත්තීය පහසු කරයි.බැවින් ශරීරයේ රුධිරගත සීනි මටිටම පාලනය කිරිමට උපකාරි වේ .
            
           ඵමෙන්ම සියළුම කවච මත්ස්‍යයන් මෙන්  කකුළුවන් තුලද සෙලීනියමි  මුලද්‍රව්‍යය සුළු වශයෙන් පවති.මෙය ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි.මෙමගින් කැඩිමියමි, රසදිය , සහ ආසනික් වැනි බැර ලෝහ නිසා ඇතිවන පිලිකාමය තත්වයන් අඩුකරලිමට හැකියාව ඇත. රුධිරයෙහි පවතින සෙලීනියමි ප්‍රමාණය වැඩිවු විට  පිලිකා සෛල වර්ධනය අඩුකිරිමට හැකියාව ඇත.තවද මෙමගින් සමෙහි ඇතැමි සෛල වලට සිදුවන හානි වලකාලමින් සම වියපත්විමේ වේගය අඩුකරයි.
බැවින් මෙවැනි වු ඖෂධීය ගුණාංගයන්ගෙන් හෙබි කකුළු මාංශ ප්‍රමාණවත් අන්දමින් ආහාරයට ගැනිමට බියවිය යුතු නැත.
  
උපුටාගැනීම -    en.wikipedia.org/wiki/crab
                         en.wikipedia.org/wiki/Hemocyanin

කේ.එච්.එම්.එම්.එම්.ඡයවර්ධන
විද්‍යා හා තාක්ෂණ නිලධාරි

0 comments:

Post a Comment