March 24, 2014

පිරිමැසුම්දායි බලශක්තිය හරහා අප කරා එන නිහඬ මාරයා



වර්තමානය වන විට මුළු ලෝකයම සමස්ථයක් ලෙස බලශක්තිය පිළිබඳ අර්බුදයක පෙරනිමිති දකිමින් සිටින අතරම ඊට මුහුණදීම සඳහා ‍‍‍‍‍ෙලාවපුරා රටවල් ‍‍ෙලස තනි තනිවමත් කළාප ‍හෝ සමූහ ‍ලෙසත් විවිධ විකල්පයන් සහ අත්හදා බැලීම් ආදිය සිදු කරමින් සිටී.

එහිදී ‍මේ සම්බන්ධව දැනට ඇතිවී ඇති කථිකාව තුළින් ‍‍‍අංශ තුනක් ‍කෙ‍රෙහි අවධානය ‍යොමු වී ඇති අතර,

1.     නව බලශක්ති ප්‍රභව සහ මූලාශ්‍ර ‍සොයා ගැනීම.
2.     පුණර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතය ප්‍රචලිත කිරීම.
3.     පවතින බලශක්ති ප්‍රභව පිරිමැසුම්දායි ‍ලෙස සකසුරුවමින් භාවිතයට ‍යොමු වීම.

මින් තුන්වන අංශයට අදාළව ‍‍ගෙවතු, නිවාස, වීදි, කම්හල් ආදී ආයතන වල ආ‍ලෝකය ලබා ගැනීමට ප්‍රධාන වශ‍යෙන් භාවිතාවන විදුලි පහන් සඳහා පිරිමැසුම්දායි පහන් ලෙස වර්තමානයේදී  CFL  බල්බ විශාල වශයෙන් භාවිතා කරයි.
            මෙම CFL බල්බවල ක්ෂමතාවය, තෝමස් අල්වා එඩිසන් මහතා විසින් සොයා ගන්නා ලදුව අද දක්වා නවීකරණය වෙමින් පැමිණ ඇති සාමාන්‍ය සූතික්‍රිකා බල්බයක මෙන් පස් ගුණයක තරම් ඉහළ අගයක පවතින අතරම ආයු කාලයද සූත්‍රිකා බල්බයකට සාපේක්ෂව ඉතා ඉහළ අගයක පවතී. එනිසා ක්ෂමතාවය 100W වන සාමාන්‍ය සුත්‍රිකා බල්බ 05ක් යොදාගෙන ආලෝකමත් කරණ ස්ථානයක් ආලෝකමත් කිරීමට CFL බල්බ 05ක් යොදා ගතහොතවැයවන විදුලි ප්‍රමාණය ආසන්න වශයෙන් එක් සූත්‍රිකා බල්බයකට වැයවන ප්‍රමාණයට සමාන වේ.
ඉහතින් දක්වන ලද සාධනීය අංගයන් කෙරෙහි අවධානය යොමු කරමින් ලොවපුරා ජනතාව විශාල වශයෙන් මෙම බල්බ භාවිතයට පෙළඹෙමින් සිටින අතරම එම හේතුවෙන් දිනපතා භාවිතයෙන් ඉවත්කරණ CFL බල්බ ප්‍රමාණයද ඉහළ අගයක පවතී. මෙලෙස සමස්ථ ලෝකය පුරාම භාවිතයෙන් ඉවත් කරණ අබලි CFL බල්බ ප්‍රමාණය වර්ෂයකට දළ වශයෙන් මිලියන 900 ක් එනම් ලක්ෂ 9000 ක් පමණ වෙයි. තවද මෙලෙස ඉවත්කරණ සියළුම CFL බල්බ ඉතාමත් අක්‍රමවත් ලෙස අවිධිමත්ව පරිසරයට ඉවත් කිරීම නිරන්තරයෙන් සිදු වන්නකි.
නමුත් මෙහි ඇති බැරෑරුම් කරුණ නම් වෙළඳ පොළ ඉලක්ක කරගත් ආර්ථික රටාවක් පවතින සමාජයක මෙම CFL බල්බවල පවතින සාධනීය ලක්ෂණ පමණක් උලුප්පා දක්වමින් සිදු කරණ ප්‍රචාරණ ජාලය හේතුවෙන් සාමාන්‍ය ජනතාව තුල CFL බල්බ හෝ ඒවා නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍යය ගැන හෝ එම අමුද්‍රව්‍යය මඟින් සමස්ථ පරිසරයට ඇතිකරණ බලපෑම ගැන හෝ  පවතින දැණුම ඉතා අල්ප මට්ටමක පැවතීමයි.
සාමාන්‍ය CFL බල්බයක් ගත්විට එය නිර්මාණ‍ෙය්දී සංවෘත නළයක් තුල දෙකෙලවර අග්‍ර අතර අධි විභවයක් ඇති කිරීම තුලින් අයනීකරණය වන ඉලෙක්ට්‍රෝන ධාරාවක් මගින් නිකුත් කරණ ශක්තිය ප්‍රතිදීපනය සඳහා එම නළයේ අභ්‍යන්තර පෘෂ්ඨයේ විවිධ බැර ලෝහවල සංයෝග ආලේප කිරීම සිදු කරයි. මෙම බැර ලෝහ අතරින් සුදු ආලෝකය ලබා ගැනීම සඳහා රසදිය (Hg) යොදා ගන්නා අතර දැනට වැඩිපුර බාවිතයට ගන්නේද මෙම සුදු ආලෝකය නිකුත් කරණ CFL බල්බය. මෙම සාමාන්‍ය සුදු ආලෝකය නිකුත් කරන CFL බල්බයක රසදිය මිලිග්‍රෑම් පහක් (5mg)ක් පමණ අඩංගු වෙයි. තත්වය එසේඋවද ජනතාවගේ පවතින දැණූම ඌණතාවය නිසා හෝ නොසැලකිළිමත්කම නිසා හෝ මෙලෙස පරිසරයට එකතු කරන CFL බල්බ හේතුවෙන් සෘජුලෙසම පරිසරයට එසේ නැත්නම් ජලමුලාශ්‍ර වලට බැරලෝහ(රසදිය) එකතුවීම පසුගිය දශකය දෙකක සිට අඛන්ඩව සුදු ‍වේ. රසදිය විවෘත පරිසරයට නැත්නම් ජල මූලාශ්‍ර වලට එකතු වූ කල පාරිසරික සංඝටක සමඟ ක්‍රියාත්මක වී  මෙතිල් මර්කරි නම් සං‍යෝගය සෑ‍දේ. මෙතිල් මර්කරි යනු ස්වාභාවිකව වියෝජනය වීමට ඉතා දිගු කාලයක් ගතවන ජීවීන්ට උග්‍ර විෂ සහිත රසායනික සංයෝගයක් වන අතර මේවා ස්වාභාවිකවම ආහාර දාම සහ ජාල ඔස්සේ සාන්ද්‍රගතවීම  නිසා එම ආහාර දාම හා ජාලවල ඉහළ පුරුක්වල සිටින මිනිසාද ඇතුළු අනෙකුත් ජීවීන්ට බලපෑම් ඇති කරයි.
සාමාන්‍ය‍ෙයන් මෙම බල්බයක් භාවිතයෙන් ඉවත් කිරීම නිසා හෝ භෞතික ක්‍රියාකාරිත්වයක් නිසා පිපිරීයාමක් නිසා ජල මූලාශ්‍රයකට එකතු වූවහොත් එමඟින් ජලය ලීටර 24000 ක් පමණ දූෂණයට ලක්වීමත් සිදුවිය හැකිය. එසේම ඇමරිකානු පාරිසරික ඒජන්සියේ(EPA STANDERDS) සම්මතයන්ට අනුව යම් සංවෘත කුටීරයක් තුල(කාමරයක් වැනි) CFL බල්බයක් පළුදුවීම නිසා මිනිසා ඇතුළු ජීවීන්ට ඇතිකරණ බලපෑම එහි සීමාකාරී රසදිය සාන්ද්‍රණ මට්ටම මෙන් 300 ගුනයකින් ඉහළ බව පෙන්වා දී ඇත.
විවිධ වූ මෙම බැරලෝහමය සංයෝග හේතුවෙන් සෘජුවම වැඩුණු පුද්ගලයින් ගේ මොළයට හා ස්නායු පද්ධතියට බලපෑම් ඇතිකල හැකි අතරම, ගර්භණී මව්වරුන් ඔස්සේ වැඩෙන කළල වලට යම් යම් තීරණාත්මක බලපෑම් හා සංකූලතා ඇති කිරීමට හැකියාව ඇති බවද පැවසේ. මේවායේ බලපෑම කොතෙක්දයත්, වඩාත් දියුණූ යැයි සැළකෙන ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් වසරක් පාසා මෙතිල් මර්කරි හේතුවෙන්ම සංකූළතා සහිතව මෙලොව එළිය දකින දරුවන් සංඛ්‍යාව 60000 ක් වන බව EPA වාර්තා පෙන්වා දෙයි.
ඉහත කරුණූ ගැන අවධානය යොමු කරද්දී CFL බල්බයක් අක්‍රිය වූ මොහොතක එය ඉවත් කිරීම හෝ යම් සිදුවීමක් මත CFL බල්බයක් පළුදුවීමකට ලක්වීම එය ඉවත් කිරීමකට හෝ අවශ්‍ය උවහොත් වෙනදා මෙන් එය සිදු නොකලයුතු බව ඔබට හැඟී යනවා ඇත. එනිසා මෙම ලිපිය කියවන ඔබට මින් ඉදිරියට එවන් අවස්ථාවකට මුහුණදීමට සිදුවුවහොත් පහත පියවරයන් අනුගමනය කලහොත් එම ක්‍රියාව ඔබ, ඔබට මෙන්ම මතු පරපුර වෙනුවෙන් කරණා සත් කාරක ක්‍රියාවක් බව කිව හැකිය.
එනම්,
1.  යම් අවස්ථාවක කල් ඉකුත්වීම නිසා හෝ නිෂ්පාදක දෝෂයක් නිසා හෝ  වෙනයම් හේතුවක් මත ඔබ විසින් CFL බල්බයක් ඉවත් කිරීමට අදහස් කළහොත් එය පළුදු නොවන ලෙස සැහැල්ලුකරණ ද්‍රව්‍යකින්(රෙජිෆෝම් වැනි) පරිවරණය කර ගණ පොලිතීන් උරයක බහා සීල් කර පාරිසරික හිතකාමී ලෙස කසළ බැහැර කරණ ස්ථානයකට බාර දෙන්න.
2.    යම් අවස්ථාවක කිසියම් හේතුවක් මත CFL බල්බයක් පළුදුවීමකට බඳුන්වුවහොත් එය ආසන්නයෙන් ගැබිණි මවුවරුන්, ළදරුවන් සහ අබාධිත පුද්ගලයින් හැකි ඉක්මණින් රසදිය වාෂ්ප  ආග්‍රහණය නොවන සේ ඉවත්කර සියළුම විවෘත කළ හැකි දොර ජනෙල් ආවරණ විවෘතකර හොඳින් වාතනය වීමට ඉඩ හරින්න. විදුලි පංකා සහ වායු සමීකරණ යන්ත්‍ර අක්‍රිය කරන්න. එම සිදුවීම ආසන්නයේ ඇති ඇතිරිලි, රෙදි ආදී අප භාවිතයට ගන්නා රෙදි නැවත භාවිතයට නොගත යුතුය. අත් වැසුම් සහ මුඛවාඩමක් පැලඳ පළුදු වූ බල්බයේ කැබලි ප්‍ර‍ෙව්ශමෙන් එකතුකර ඉහත පළමු පියවර අනුගමනය කරන්න.
            කෙ‍සේ ‍හෝ දැනුවත්වීම් සමඟ ‍මෙවැනි උපකරණ භාවිතයට ‍පෙළඹීම තුලින් නිහඬව සිදුවන මහා විපතක් වලක්වා ගැනීමටත් අප‍‍ගේ අරමුණවන බලශක්ති සංරක්ෂණයත් සාර්ථකව සිදුකර ගත හැකිය.
නමුත් සංඛ්‍යාලේඛණ ‍තොරතුරු වලට අනුව ගත්කල ‍ලෝක‍යේ මානව බලශක්ති පාරි‍‍භෝජන රටාව තුල ආ‍ලෝකය ලබා ගැනීම සඳහා වැය කරණූ‍යේ සමස්ථ බලශක්ති‍යෙන් 5% ක ප්‍රමාණයකි. ඒ අනුව ගත් කල ‍මෙම CFL බල්බ බාවිත‍යෙන් සිදු කිරීමට අ‍පේක්ෂිත බලශක්ති සංරක්ෂණය ‍කො‍තෙක්දුරට සා‍පේක්ෂ වශ‍යෙන් බලපෑමක් අති කරන්නේද යන්න ප්‍රශ්ණාර්ථයකි.

0 comments:

Post a Comment