March 21, 2014

ජලය පිරිසිදු කර ගනිමු

හදිස්සි විපතකදී හෝ පහසුකම් අඩු අවස්ථාවකදී පානය සඳහා ඇති අපිරිසිදු ජලය පිරිසිදු කර ගැනිමට ඔබට අවශ්‍ය රසායනික හෝ පෙරණ උපකරණ නොලැබෙණු ඇත. එවැනි අවස්ථාවකදී කුඩා ජලාශ්‍රයක් වැනි ජල ප්‍රභවයක ජලය භාවිතා කිරීමට සිදු වූවිට  පානීය ජලය සකස් කර ගත හැකි පහසු ක්‍රමයක් පහත දැක්වේ. ජලය උණු කිරිමෙන් හෝ පිසීමෙන් බොහෝ විෂබිජ විනාශ කළ හැකි වුවත් එහි වැලි සහ අංශු ඉතිරිව තිබිය හැකිය. එමගින් රෝගාතුර විය හැකිය. ඒ නිසා ජලය පිරිසිදු කිරීමට පෙරීම අවශ්‍ය වේ. අවට පරිසරයේ ඇති දේ මගින් ජල පෙරණයන් සකසා ගැනීම පහසුය. එමඟින් අපිරිසිඳු ජලයේ ඇති වැලි අංශු සහ බොහෝ විෂබීජ විනාශ කළ හැකි වේ.
පියවර I
ප්ලාස්ටික් බෝතලයක අඩිය කපා ඉවත් කරගන්න. බෝතලය පහළට හරවා මුඩිය වසා පහත ද්‍රව්‍ය එක් කරන්න.
1. බොරළු (කැට)        2. වැලි       3. රෙදි කැබැල්ලක්         4. අඟුරු
5. රෙදි කැබැල්ලක්     6. වැලි       7. බොරළු (කැට)
*        විවිධ ද්‍රව්‍ය මිශ්‍ර වීම වැළැක්වීමට රෙදි කැබැලි ඒ අතරට යොදනු ලැබේ.
*        බොරළු සහ වැලි ජලයේ ඇති අංශු සහ වෙනත් අපද්‍රව්‍ය ඉවත් කරයි.
*         අඟුරු, ජලයේ  ඇති රසායනික වීශාල ප්‍රමාණයක් ඉවත් කරයි. එහෙත් සියල්ලම නොවේ.
*        මෙම පෙරණයෙන් විෂබීජ ජලයෙන් ඉවත් නොවේ. ඒනිසා පෙරාගත් පසු  පානයට ප්‍රථම ජලය හොඳින් උණුකරගත යුතුය.
පියවර II
ළිඳ හෝ ගඟ හෝ ජල මුලාශ්‍රය යෙන් කෝප්පයට ලබාගත් ජලය සෙමින් බෝතලයකට වත් කරන්න. කුණු රොඩු නොමැති ජලය කොප්පයට ලබාගැනීමට අවශ්‍යය. කුණු රොඩු මගින් පෙරණය ඉක්මණින් භාවිතා කළ නොහැකි තත්වයට පත් වේ . පෙරණයෙන් ලැබෙන මුල් වතුර කොප්පය විසි කිරීම වඩා සුදුසුය. මුල් වතුර කොප්පය බොහෝ විට අපැහැදිළි විය හැකිය. පෙරණයෙන් පැහැදිලි ජලය ලැබෙන විට එය භාවිතය සඳහා සුදුසුය. එම ජලය විනාඩි 1 ක් පමණ උණු කරගැනීමෙන් බොහෝ විෂබීජ විනාශ වී පානය සඳහා සුදුසු වේ.

උපුටාගැනීම : http://www.instructables.com/id/How-to-purify-your-water/

0 comments:

Post a Comment