March 14, 2014

ප්‍රෝබයොටික් ( Probiotics) සහිත කිරි ආශ්‍රිත නිෂ්පාදන මිනිස් සිරුරට හිතකරද ?

   

මනුෂ්‍ය සෞඛ්‍යට හිතකර තත්ව සැපයීමේ හැකියාවන් තිබෙන සමහර ක්ෂුද්‍ර ජීවීන් Probiotics ලෙස හැදින්වේ. Lactic acid bacteria (LAB) සහ bifidobacteria යන කාණ්ඩ  Probiotics ලෙස භාවිතා කරන ක්ෂුද්‍ර ජීවින් වේ.  පැසීමට ලක්කළ සමහර ආහාර වල කොටස්කරුවන් ලෙස පොදුවේ Probiotics සහිත ආහාර පරිභෝජනය කරන අතර විශේෂයෙන් සක්‍රිය ජිවී  මුහුන් භාවිතා කර සාදන විවිධ යෝගට් වර්ග වල සහ අනෙකුත් කිරි ආශ්‍රිත නිෂ්පාදන වල (cheese,Kefir,Dark chocolate)   මෙය අන්තර්ගතය. 

අද වෙළදපොලේ තිබෙන සමහර යෝගට් වර්ග නිෂ්පාදනයේ දී භාවිතා කරන සක්‍රිය මුහුම්වලට මෙම Probiotic බැක්ටීරියා එකතු කර ඇත.  යෝගට් මුහුම් වල සිටින  Probiotic බැක්ටීරියා මගින් මනුෂ්‍ය ආහාර ජීර්ණ පද්ධතියට හිතකර බලපෑම් තිබෙන බවත්  (අජීර්ණයට ප්‍රතිකර්මයක් ලෙස), මිනිස් මොළයේ ක්‍රියාකාරිත්වයට සෘජුවම බලපාන බවටත්   විද්‍යාත්මක සාක්ෂි ඇත. 

robiotics සහිත කිරි ආහාර භාවිතයෙන් ලබාගත හැකි හිතකර තත්වයන් කිහිපයක් නම්

v  අහාර මාර්ගයේ බඩවැල් වල ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීමටත් එය මනාව පවත්වා ගැනීමටත් උපකාර වේ.
v  ව්‍රණමය පුරිතන්ද්‍රහය (Ulcerative colitis) නැමති රෝගයට ප්‍රතිකර්මයක් ලෙස
v  මිනිස් සිරුර තුල ප්‍රබල ප්‍රතිශක්තිකරණයක් පවත්වා ගැනීමට උපකාර වේ
v  කුඩා ළමුන්ට වැළදෙන පාචනය/ අතීසාරයට ප්‍රතිකර්මයක් ‍ලෙස
v  එළකිරි පරිභෝජනයෙන් ඇතිවෙන අසාද්මිකතාවයන් වන දද, පණුකැවිලි වැනි රෝග වලට ප්‍රතිකර්මයක් ලෙස  Probiotics සහිත කිරි ආහාර වැදගත් වේ.
ඔනෑම පුද්ගලයෙකුගේ  ආහාර වේලකට Probiotics සහිත ආහාරයක් එකතු කර ගැනීමට පහසුම ක්‍රමය නම්, Lactobacillus acidophilus නැමති බැක්ටීරියා මගින් පැසීමට භාජනය කළ කිරි පරිභෝජනය කිරිමයි.  මෙය රසකළ කිරි (Sweet acidophilus milk) ලෙස ‍සමහර රටවල් වල ජනප්‍රියව ඇත.                          
මිනිසුන්ට වැළදෙන සමහර රෝගි තත්වයන්ට (උදා - පාචනය, මෞත්‍ර ලිංගික ආසාදනයන්, අසාද්මිකතාවයන් වැනි රෝග)  Probiotics බැක්ටීරියාවන්ගෙන් සිදුවන බලපෑම තවදුරටත් අධ්‍යනය කරමින් තිබේ.  ඉතාම දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තිබෙන පුද්ගලයින් සහ දැඩි අසනීප තත්වයන්ගෙන් පෙළෙන රෝගීන්ට Probiotics සහිත ආහාර පරිභෝජනය  අවදානම් සහගත බව පර්යේෂණ වලින් දැනට සොයාගෙන තිබේ. 

උපුටා ගැනීම: http//www.wikipedia; Michael J.Gutner, www.webmed.com


0 comments:

Post a Comment