March 12, 2014

ලෝක ප්‍රසිද්ධ බුද්ධි මණ්ඩලයේ තුන් හැවිරිදි සාමාජිකාව

මෙන්සා MENSA යනු ලොව පිහිටි පැරණිම සහ විශාලතම බුද්ධි සමාජ (IQ Society) ආයතනයකි. ලාභ නොලබන ජාත්‍යන්තර සංවිධානයක් වන මෙය, 98% ක් හෝ ඉහළ ප්‍රතිශතයකින් බුද්ධි පරීක්ෂණ ලකුණු ලබා ගන්නා ලොව ඕනෑම පුද්ගලයකු සඳහා විවෘතය. මෙම බුද්ධි පරීක්ෂණයට අදාල ප්‍රශ්න හා එය පරීක්ෂා කිරිමේ දී ඉතා උසස් ප්‍රමිතියකින් යුක්ත බව සදහන් වේ.
බුද්ධි පරීක්ෂණ මඟින් ලකුණු 160 ක් ලබාගැනිමෙන් මෙහි විශේෂිත සාමාජිකත්වය ලබාගත හැකිය. එහෙත් සුරතල් තුන් හැවිරිදි දැරිය බුද්ධි පරික්ෂණයේ ලකුණු 168 ක් ලබාගෙන ළාබාලම සාමාජිකයා බවට පත්ව තිබේ. ඇය ඇරිසෝනා ප්‍රාන්තයේ ඇලෙක්සි මාර්ටින් වේ. විද්‍යාඥයින්ට මේ අවස්ථාවේදී ඇයගේ බුද්ධිමය හැකියාව නිවැරදිව ගණනය කළ නොහැකිය. ඇගේ වයසේ දරුවන් හා සංසන්දනය කිරීමට නොහැකි තරම් ඇගේ මනස විශ්වාස කළ නොහැකි මට්ටමක පවතියි. ඇයට ඕනැම දෙයක් කියවීමට හැකිය. ස්පාඤ්ඤ භාෂාව ඇය විසින් තනිවම ප්‍රගුණ කර ඇත. නිදියහනේදී සවන් දුන් සියලු කතාන්දර ඇයට මතකය.
Mensa  නව සාමාජිකාවට iPad apps විදේශ භාෂාවලින් අර්ථ නිරුපණය කළ හැකිය. එක් වරක් පමණක් ඇසුණු බොහෝ සජ්ඣායනා ඇය ගායනා කරන්නීය. දෙවැහිරිදි වියේදී කියවීමට ඇය දැක්වු දස්කම් දෙමව්පියන් හඳුනාගෙන තිබේ. ඇය මතකයෙන් කිවු සුරංගනා කතන්දර පිටු 20 – 25 ක් වැනි දිගු ඒවා විය.ඇලෙක්සි මාටින්ස් නම් මෙම මෙන්සාහි ළාබාල සාමාජිකාව ගැන ආඩම්බරයෙන් කථා කරන ඇගේ පියා ඉහළම මට්ටමින් හැකියාව විදහාපාන ඇය සහජ බුද්ධියෙන් පිරිපුන් දරුවෙක් බව පවසයි.

උපුටාගැනීම:
Alexis Martin, Age 3, joins Mensa - ussciencenews.com

0 comments:

Post a Comment