March 10, 2014

ඇතුවත් බැරි නැතුවත් බැරි ජංගම දුරකථනය.

දෛනික ජිවිතයේදි අත්‍යවශ්‍ය අංගයක්ව ඇති ජංගම දුරකථනයක් භාවිතා කිරිමේදි ඔබ මේ ගැනත් සිතුවාද?
  
  1.      හැකිතාක් සිරුරෙන් ඈතට වන සේ දුරකථනය රවා ගන්න.
  2.     හිසෙන් දුරකථනය ඈත්ව තබා ගැනිම සදහා හෙඩිසෙටි එකක් භාවිතා කරන්න.
  3.       දුරකථනය හිසට (කනට) තදවන සේ රදවා ගන්නට එපා.  හිසට තදවන සේ තබාගත හොත්        රේඩියෝ සංඛ්‍යාත ශක්තිය හිසට උරා ගැනිම වැඩි වේ.
  4.       දුරකථන ඇමතුම් කාලය සිමා කරන්න.
  5.       හැකිතාක් එස්එම්එස් මගින් පණිවිඩ හුවමාරු කරන්න. (ඇමතුම් දෙන සංඛ්‍යාවට වඩා)
  6.       හැකි සෑම විටම ස්පිකර් ක්‍රියාකාරිත්වය සහිතව දුරකථනය පාවිච්චි කරන්න. (ඈත්ව තබා ගැනිමට)
  7.       සංඥා හොදින් ඇති තැන්වල පමණක් දුරකථනය පාවිච්චි කරන්න. සංඥා දුර්වල විට දුරකථනයේ      සම්ප්‍රේෂණ බලය වැඩි වේ.
  8.       කුඩා දරුවන්ට ජංගම දුරකථන පාවිච්චිය අධෛර්යමත් කරන්න. ඔවුන් ජීවිත කාලය තුල වැඩි වාර    ගණනක් විකිරණ වලට නිරාවරණය වන බැවිනි.
  9.       ලෝහමය බද්ධ කිරිමක් සිරුරට කර ඇති විටෙක බද්ධ කර ඇති ස්ථානයෙන් සෙන්ටිමිටර් 15ක්     වත් දුරින් දුරකථනය රදවා ගැනිම සුදුසුය.
  10.    ජංගම දුරකථනයක් මිළදි ගැනිමට පෙර එහි  SAR අගය පරික්ෂා කරන්න.මොඩල අංකය සහ  නිෂ්පාදකයා දන්නේ නම් එය අන්තර්ජාලයෙන් පරික්ෂා කරගත හැකිය.
  11.    ලෝහ රාමු සහිත ඇස් කණ්ණාඩි පැළදගෙන හෝ හිසකෙස් තෙත් විට දුරකථනය  පාවිච්චි  නොකරන්න. ලෝහ හා ලය රේඩියෝ තරංග සන්නයනය කරන බැවිනි.
  12.    ඇමතුම් සම්බන්ධ වන තුරු දුරකථනය කන වෙත ළං කරන්න එපා.  සම්බන්ධ වන කාලය තුළ  දුරකථවය වැඩි බලයකින් ක්‍රියාත්මක වේ.
  13.   හැකි හැම විටම ජංගම දුරකථනය වෙනුවට ගෘහස්ථ දුරකථනය පාවිච්චි කරන්න.
  14.   දුරකථනය සාක්කුවේ පපුවට ආසන්නව රදවා ගන්න එපා. එය සෑම විනාඩියකට දෙකකට වරක් අධික බලයක් සම්ප්‍රේෂණය කරමින් ලගම ඇති ජාලය විපරම් කරන බැවිනි.
  15.   වීදුරුව වසා ඇති මෝටර් රථයක් තුළදි ජංගම දුරකථනය එම අවහිරය මග හරවා ගැනිමට වැඩි රේඩියෝ සංඛ්‍යාත විකිරණ පිට කිරිමක් සිදු කරයි.
  16.   ජංගම දුරකථන ප්‍රනක පද්ධතිය‍ටත් ගර්භාෂයේ වැඩෙන දරුවාටත් අහිතකර බලපෑම් ඇති කළ හැකි බවද මතක තබා ගන්න.
ජංගම දුරකථන වලින් පිට කරන විකිරණ හේතුවෙන් මිනිස් මොළයට  බලපාන ආකාරය පහත විඩියෝ දර්ශන මගින් ඔබට නැරඹිය හැක.
(ඉන්දියානු රයේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් පළ කරන ලද උපදෙස් මාලාවකින් උපුටා ගන්නා ලදි).
  
ඒ. ඒ. ඡේ. එස්. අතාවුද.
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
විදතා සම්පත් මධ්‍යස්ථානය,
ගලගෙදර (තුම්පනේ). 








1 comments:

This comment has been removed by the author.

Post a Comment