March 25, 2014

අභ්‍යවකාශ උත්තෝලක (elevator)

අනාගත අභ්‍යවකාශ උත්තෝලක (elevator) තාක්ෂණ ප්‍රගතිය සඳහා NASA  ආයතනය මඟින් තරඟ සංවිධානය කරයි. පසුගිය තරඟයකදී ඉදිරිපත් කර තිබු ලේසර් බලයෙන් ස්වයංක්‍රිය කඳු නඟින රොබෝ නිර්මාණය රුපියල් බිලියනයක ත්‍යාගයක්  දිනා ග‍ෙන තිබේ.
අභ්‍යවකාශ උත්තෝලක ඉදිකිරිමේදී එහි කේබලයේ (cable/රැහැන්) අන්තයක් පෘථිවි සමකය ආසන්නයෙත් අනෙක් කෙළවර කිලෝමීටර දහස් ගණනක් ඉහළ අභ්‍යවකාශයේත් ස්ථාපිත කළ යුතුය. පෘථිවි භ්‍රමණය මඟින්  ඇතිවන කේන්ද්‍රාභිසාරි බලය නිසා කේබලය ඇදි පවති. එම කේබලය මතින් ඉහළට නඟින රොබෝට පෘථිවි කක්ෂයට අවශ්‍ය ද්‍රව්‍ය මුදා හැරීමට හැකිවේ.
අභ්‍යවකාශ උත්තෝලකයක් ඉදිකිරීමට රුපියල් ට්‍රිලියන ගණනක විශාල ආයෝජනයක් කළ යුතුය. එහෙත් එවැන්නක් ඉදිකිරීමෙන් පසු අභ්‍යවකාශ සඳහා ගමන් කිරීම පහසුවේ. එවිට අභ්‍යවකාශ ගතවීමට වර්තමානයේදී මෙන් රොකට් අවශ්‍ය නොවේ. වැයවන මුදල්ද ඉතිරිවේ. එහෙත් ඒ සඳහා විශාල තාක්ෂණ බාධක ජයගත යුතුය. තාක්ෂණ බාධක ජයගැනීමට නිර්මාණකරුවන් උනන්දු කරවීම සඳහා මෙවැනි තරඟ සංවිධානය කරයි.
නව සොයාගැනීම් නිසා කේබල්වල ශක්තිය ගැටළුවක් නොවුනද ඉහත පරිදි කේබල් දිගේ ඉහළට නඟින රොබෝට අවශ්‍ය බල ශක්තිය ලබා දීම එක් ප්‍රධාන ගැටළුවකි. බලය රඳවා ගැනීමේ අභියෝගය (Power bearing Challenge) නම් NASA  ආයතනය මඟින් රුපියල් බිලියන 2 ක ත්‍යාග මුදලක් ලබාදෙන තරඟයක් මේ සඳහා ක්‍රියාත්මක වේ. ජයග්‍රාහි රොබෝව රැහැන් විරහිතව බලශක්තිය ලබාගෙන කේබලයක් දිගේ හැකි තරම් වේගයෙන් අභ්‍යවකාශය තෙක් ගමන් කළ යුතුය.ලේසර් බලයෙන්  ක්‍රියාත්මක කරවු රොබෝව එම ඉලක්කය ජයගැනීමේ ක්‍රියාවලියේ එක් පියවරක් ඉදිරියට තැබු බව Spaceward foundation (අභ්‍යවකාශගත පදනම) නම් ලාභ නොලබන ආයතනයේ තරඟ සංවිධායකයෙක් පවසා ඇත. 2005 වසරේ සිට පැවැත්වෙන මෙම තරඟයෙන් ප්‍රථම වතාවට ලේසර් රොබෝව ත්‍යාග මුදලෙන් කොටසක් 2010 වසරේදී ජයග්‍රහණය කළ බව ආයතනයේ ස්වේච්ඡා සේවක ටෙඩ් සීමන් සඳහන් කර තිබේ. මෙම තාක්ෂණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිබව පෙන්වීමට ඔවුන් බොහෝ කාර්ය කර තිබෙන බව New scientist  සඟරාවේ පළවිය.
වොල්ටන්හි  Laser Motive (ලේසර් මෝටිව් ) ආයතනය විසින් මෙම ජයග්‍රාහි රොබෝ නිර්මාණය  කර තිබේ. අනෙක් තරඟකරුවන් මෙන්ම ලේසර් රොබෝද පෘථිවියේ සිට අධෝරක්ත කිරණ මඟින් ලබාදෙන ශක්තිය තම සුර්යකෝෂ භාවිතා කර  ගබඩා කර ගන්නා ලදි. රොබෝ මීටර 900 (අඩි 2950 ක් පමණ) ඉහළට නඟින ලද අතර ඒ සඳහා විනාඩි 4 ක කාලයක් ගත කළේය. එනම් නැඟිමේ වේගය තත්පරයට මීටර 3.9 ක් විය. මේනිසා තත්පරයට මීටර   2 කට වැඩි වේගයෙන් නැඟීමට හැකිනම් රුපියල් බිලියනයක් ලබාදෙන බවට NASA  ආයතනයේ කොන්දේසියට අනුව ලේසර් මෝටිව් ආයතනය එම සම්පූර්ණ ත්‍යාගයම ජයග්‍රහණය කර ඇත.
ඉතිරි ත්‍යාග මුදල වන රුපියල් බිලියන 11/2 ක පමණ ත්‍යාග මුදල දිනාගැනීමට තත්පරයට මීටර 5 ක වේගයකින් අභ්‍යවකාශය දක්වා නැඟීම කළ යුතුය. එහෙත් එසේ කිරීමට මෙතෙක් කිසිවකු සමත් නොවු බැවින් එම ත්‍යාග මුදල එසේම පවතියි.

උපුටා ගැනිම :-   
Space elevator wins & 90,000 NASA prize -D. shiga , New scientist  

0 comments:

Post a Comment