March 17, 2014

පෘථිවිය මිළඟ ග්‍රාහක ගැටුමට සුදානම්ද?

රුසියාවට මෑතකදී පතිත වු උල්කාපාතය මෙන් තවත් උල්කාපාත පෘථිවිය මත අනපේක්ෂිතව පතිත වනු ඇතිද? එවැන්නක් වළක්වා ගැනීමට හෝ කළින් හඳුනාගෙන සිදු වන හානි අවම කර ගැනීමට ක්‍රමයක් තිබේද? ග්‍රහවස්තු වලින් පෘථිවිය ආරක්ෂා විම සඳහා  අනතුරු හැඟවීමේ (අවධානම කලින් දැන්වීමේ) වැඩ පිළිවෙලක්  පිළිබඳ අධ්‍යනයක් මෑතකදී සිදු කර තිබේ. එහෙත් පසුගිය වසරේදී රුසියාවේ Chelyabinsk වෙත පැමිණි ප්‍රමාණයේ ග්‍රහ වස්තු / උල්කාපාත /අභ්‍යවකාශයේ පාෂාණ වලින් 50% ක පමණ ප්‍රමාණයක් මෙම අනතුරු හැඟවීමට හසුනොවනු ඇතැයි සඳහන් වේ.
 කෙසේවෙතත් එලෙස පෘථිවියට පතිත වන සියළු ග්‍රහවස්තු පිළිබඳව අනතුරු හැඟවීම ඵලදායි නොවේ. මෙවැනි උල්කාපාත ගැටීම් සිදුවනුයේ ශත වර්ෂයකට දෙකක් හෝ තුනක් පමණි. තවද බොහෝවිට ඒවා සයුර මත හෝ ජනශුන්‍ය ප්‍රදේශ වලට පතිතවීම සාමාන්‍යයෙන් සිදුවේ.
2013.02.15 වන දින පෘථිවි වායුගෝලයට ඇතුළු වී Chelyabinsk වෙත අනපේක්ෂිතව පතිත වු උල්කාපාතය මීටර 20 ක පමණ ප්‍රමාණයකින් යුක්තය. එය TNT කිලෝටොන් 600 ක බලයකින් පුපුරා ගියේය. ඒනිසා හටගත් කම්පන තරංග වලින් ජනෙල් වීදුරු බිඳි ගියේය. මිනිසුන් විවිධ අනතුරු වලට භාජනය විය. මෙම සිද්ධිය ග්‍රහ වස්තු/ උල්කාපාත පිළිබඳ අනතුරු ඇඟවීමේ ක්‍රමයක අවශ්‍යතාවය තදින් ඉස්මතු කළේය.
මිලියන ගණනින් කුඩා ග්‍රහ වස්තු පෘථිවියට ආසන්නයේ සුර්යයා වටේ නිරතුරුව භ්‍රමනය වේ. ඒවා ඉතා කුඩා ආලෝකයක් පරාවර්තනය කරන බැවින් හඳුනාගැනීම හා අධ්‍යයනය ඉතා අපහසුය. පෘථිවියට ආසන්න වු විට හඳුනාගත හැකි වුවත් ඒ අවස්ථාවේදී ඒවා හඳුනාගැනීමට පහසුවන ප්‍රදේශයක දුරේක්ෂ තිබීම සැමවිටම අපේක්ෂා කළ නොහැකිය.
පුළුල්-ක්ෂේත්‍ර දුරේක්ෂ (Wide–Field telescope) රාත්‍රියේදී කිහිපවරක්ම ආකාශය පුරා අවධානය යොමුකොට මෙවැනි ගැටිම් ඇතිකිරීමේ විභවයක් ඇති ග්‍රහවස්තු පිළිබඳ තොරතුරු සපයනු ලැබේ. 2015 අවසාන භාගයේ, හවායි සිට ක්‍රියාත්මක වීමට නියමිතය ATLAS telescope array (ඇට්ලස් දුරේක්ෂ පද්ධතිය ) මඟින් Chelyabinsk ප්‍රමාණයේ සහ ඊට විශාලවූ සහ පොළොව දෙසෙට ගමන් කරන ග්‍රහවස්තු පිළිබඳව සොයා බලනු ඇත. මෙම පද්ධතිය පෘථිවිය හා ගැටිය හැකි වඩා කුඩා ග්‍රහවස්තු පිළබඳව ගැටීමට දින දෙකකට කලින් අනතුරු හඟවනු ලබන බව ව්‍යාපෘති ප්‍රධානි හොකලලුනි හවායි විශ්ව විද්‍යාලයේ ජෝන්ටෝකි පවසයි. Chelyabinsk වෙත ග්‍රහවස්තුව පතිත වීමට ප්‍රථම මෙලෙස අනතුරු හැඟවීමක් මඟින් ජනතාවට ජනේල වලින් ඇත්ව සිටීමට දන්වන ලද්දේ නම් සිදුවු අනතුරුවලින් 90% ක් වළක්වා ගත හැකිව තිබේද?











මේ අතර, දෙගුණයක් විශාල ගෝලිය ව්‍යුහයක් මඟින් අනතුරු හැඟවීම දින කිහිපයකට පෙර ලබා දීමට හැකි ක්‍රමයක් යුරෝපීය අභ්‍යවකාශය ආයතනය සැලැසුම් කරයි. එහෙත් මෙම භූගත ක්‍රමයෙන් රාත්‍රි කාලයේ නිරීක්ෂණ හැකියාව පමණක් ඇති බැවින් අනපේක්ෂිතව ග්‍රහවස්තු ගැටීමේ අවධානම සම්පුර්ණයෙන් පහව නොයයි. විකල්පයක් ලෙස මේ සඳහා එකම ක්‍රමය අභ්‍යවකාශ යානා යොදා ගැනිම බව කණ්ඩායම් සාමාජික රොබට් ජෙඩ්ක් පවසයි. එහෙත් ඒ සඳහා රුපියල් ට්‍රිලියනයකට  වඩා වියදම් වේ. ඒනිසා වඩා අඩු මුදලකින්, ග්‍රහවස්තු ඉලක්ක කොට අභ්‍යවකා‍ශ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම දැනටමත් ආරම්භ කර තිබේ. සෙන්ටිනල් (Sentinel) නම් එවැනි පෞද්ගලික ව්‍යාපෘතියක් මඟින් සිකුරු මත දුරේක්ෂයක් සවි කිරීම සඳහා යෝජනා අපේක්ෂා කරයි. NEOCam නමැති තවත් දුරේක්ෂයක් පෘථිවියට ආසන්න අභ්‍යවකාශයේ රැඳවීමට NASA ආයතනය කටයුතු කරයි. මෙවැනි අභ්‍යවකාශ දුරේක්ෂ මඟින් පෘථිවිය හා ගැටෙන ග්‍රහවස්තු පිළිබඳ තොරතුරු ගැටීමට දස වසරකට පෙර ලබාදිමේ හැකියාව ඇති බව සඳහන් වේ.

·         උපුටගැනීම :
   The next asteroid strike - M. McKee

0 comments:

Post a Comment