March 31, 2014

අච්චු ගැසු කාමරය

රුපයේ දැක්වෙන අච්චු ගැසු කාමරය ත්‍රිමාණව අච්චු ගැසු ලොව පළමු ගොඩනැගිල්ල නොවේ. එහෙත් එය පරිගණක ප්‍රතිලේඛණයකින් සැලැසුම් කළ වර්ග මීටර 16 ක වර්ග ප්‍රමාණයක් සහ මීටර 3.2 ක් උසක් සහිත ත්‍රිමාණව මුද්‍රණය කළ ලොව ප්‍රථම ගොඩනැගිල්ල වනු ඇත. එහි විශාල මතුපිටක් සහිතය. සාමාන්‍යයෙන් ප්ලාස්ටික් වලින් කරන නිර්මාණය වෙනුවට මේ ත්‍රිමාණ මුද්‍රණය සඳහා සාමාන්‍ය ගොඩනැගිලි ද්‍රව්‍යයක් වන වැලි යොදා ගෙන තිබේ. වෙනත් කිසිම ත්‍රිමාණ මුද්‍රිත සැකිල්ලකට වඩා මෙම කාමරය ඉතා පුදුම සහගත ලෙස සාමාන්‍ය ආකාරයෙන් ඉදි කළ කාමරයක් වැනිය.
මෙය ටොන් 11 ක් බරැති, කිසිදු ආධාරකයක් මත නොරඳන ත්‍රිමාණව අච්චු ගැසු කාමරයක් බව ගෘහ නිර්මාණ ශිල්පි මයිකල් හැන්ස්වයර් සහ බෙන්ජිමින් ඩිලෙන්බර්ග් පවසති. තවද සංකිර්ණ මතුපිටක් සහිත එහි සම්පූර්ණ සැකිල්ලක් තිබේ.
පරිගණක ප්‍රතිලේඛණයක් මඟින් අහඹු ලෙස කාමරය සැලසුම් කර ඇති අතර සූරීච් නගරයේදී මුද්‍රණය කරන ලදි. පරිගණක නිර්මාණ සැලැස්ම සමඟ අච්චු ගැසීමේදී ගොඩනැගිලි ද්‍රව්‍ය ලෙස වැලි යොදා ගෙන තිබේ. එකිනෙක සම්බන්ධ කිරීමට ගම් වර්ග භාවිතා කර තිබේ. මීටර් 4 ක් පළල මීටර 2 ක් උස ලෙස සකසා මීටර 4 දක්වා වු උසකට කොටස් එක්කර ඇත. සම්පූර්ණ කාර්යයේ සැලැසුම් කරණයට වසරක් ගතවු අතර මුද්‍රණයට මාස 01 ක්ද සවිකිරීමට දින 01 ක්ද ගත විය.
දැනට මෙම කාමරයේ කිසිවෙකු පදිංචි නොවුනද මෙහි භාවිතය හා නිර්මාණයේදී ලද අත්දැකීම් මත වාසය සඳහා ගෘහයක් මුද්‍රණය කිරීමට (අච්චු ගැසීමට) නුදුරු අනාගතයේදී හැකිවනු ඇතැයි නිර්මාණකරුවෝ පවසති.  

උපුටා ගැනීම:-
Insanely complex 3-D Printed room - C.Lecher

0 comments:

Post a Comment