March 11, 2014

මිනිසුන්ට විශේෂිත මොළයේ කොටස


මානවයින්ගේ ආසන්නම ඥාති සත්වයින්ට නොමැති මිනිසුන්ට පමණක් වි‍ශේෂිත වු කොටස සහිත මිනිස් මොළයේ ප්‍රදේශයක් විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබේ.මොළයේ නිශ්චිතහන් න මෙම කොටසින් ඉතාම දියුණු සංකීර්ණ සැලසුම් කිරීම් සහ තීරණ ගැනීම් ක්‍රියාවලි ක්‍රියාත්මක වේ. එය මනුෂ්‍ය වර්ගයා සඳහා විශේෂිත යැයිද එවැනි කොටසක් වෙනත් සත්ව වර්ගයන්ගේ මොළ තුල පිහිටා නොමැති බවද ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ පවසති.

අනාගතය පිළිබඳ සැලසුම් කිරීමට හැකිවීම, ක්‍රියාකාරීත්වයේදී නම්‍යශීලිවීමේ හැකියාව සහ අන් අයගෙන් ඉගෙනීම මිනිසුන්ට සුවිශේෂි වු  පරිණත ක්‍රියා ලෙස ඔවුන් සකා ඇත. මිනිස් මොළය තුල පමණක් විශේෂයෙන් පිහිටි මෙම කොට‍සේ ඉහත දැක්වු සහජ දක්ෂතා සඳහා ඇති සම්බන්ධතාවයන් හඳුනාගත් බව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා පර්යේෂණ දෙපාර්තමේන්තුව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මැතිව් රස්වර්ත් පවසයි.

MRI පර්යේෂණ මඟින් මිනිස් මොළයේ ventrolateral frontal cortex ප්‍රදේශයේ ප්‍රධාන අංග හඳුනා ගැනීමට වැඩිහිටියන් 25 ක් ස්වේච්ඡාවෙන් යොදවා ගෙන ඇත. එලෙසම මෙම කොටසේ අංග මොළයේ වෙනත් ප්‍රදේශ සමඟ කෙසේ ක්‍රියාකරන්නේදැයි පරීක්ෂා කරන ලදී. මෙම ප්‍රතිඵලය, මැකවු වඳුරන් 25 කගේ සමාන MRI තොරතුරු හා සන්සන්දනය කර තිබේ.
Ventrolateral frontal cortex ප්‍රදේශය සහජ දක්ෂතා සහ භාෂාව පිළිබඳ දෘෂ්ඨි සඳහා යෙදවේ. ස්නායු රෝග, ආඝාත (Strokes) මඟින් සිදුවු හානි නිසා මොළයේ වෙනත් කොටස් මඟින් ක්‍රියාත්මක වන භාෂා හැසිරවීමේ අපහසුතා ඇති වී තිබේ. වචන ශබ්ද කිරීම ඇතුළු ශබ්ද ඇති කිරීමේ මොළයේ කොටස් මනුෂ්‍යයන්ගේ Prefrontal Cortex හා හොඳින් සම්බන්ධ වී ඇති නමුත් මැකාවු වඳුරන්ගේ එම සම්බන්ධතාවය ඉතා සුළු විය. MRI දත්ත අනුව මිනිස් Ventrolateral frontal cortex ප්‍රදේශය කොටස් 12 කට විද්‍යාඥයින් විසින් වෙන් කර ඇත. එයින් එක් කොටසක් Prefrontal Cortex වේ. මේ සෑම කොටසක්ම මොළයේ අනෙක් කොටස් හා විවිධාකාරයෙන් සම්බන්ධ වේ.

උපුටා ගැනීම :-
 What makes us human?  Unique brain area linked to higher cognitive powers -Science daily

0 comments:

Post a Comment