September 22, 2015

නාගරීක කරණයේදී සාමාජීය බලපෑම් අධ්‍යනයයේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 20ක් පමණවේ. මුළු ජනගහනයෙන් 50% ත් වඩා නාගරික ප්‍රදේශවල ජීවත්වේ. එයට ප්‍රධානතම හේතුව නම් රැකියා ස්ථාන පාසැල් නාගරික ප්‍රදේශවලට සීමාවීමයි. නාගරීක පරිසරය මිනිසුන්ගේ සෞඛ්‍ය තත්වයට අහිතකර ලෙස බලපායි. අධික ශබ්දය,සීමිත ඉඩකඩක  පිහිටි පාරවල්වල අධික තදබදය සහ නිවාස වලින් පිටකරණ දුම වායුගෝලය අධික ලෙස දූෂණය කරයි. පාරවල් වලින් පිටවන ක්ෂුද්‍ර අංශු ද, දූවිලි අංශු මගින්ද පරිසරය ඉතා දූෂණ වී ඇත. නාගරික ප්‍රදේශවල ජල මූලාශ්‍ර රසායනික කර්මාන්ත වලින් පිටවන රසායනික ද්‍රව්‍ය වලින් සේම භයානික ක්ෂුද්‍ර ජීවින් මගින් දූෂණය වී ඇත. අපද්‍රව්‍ය සහිත ජලය සහ අපද්‍රව්‍ය එනම් පොලිතීන් සහ ප්ලාස්ටික් පිළිස්සීම මඟින් පරිසරය දූෂණය උපරීම වී ඇත. අඩු ආදායම් මිනිසුන් , වයසක අය සහ කාන්තාවන් සහ ළමයි විශාල වශයෙන් මේ හේතුවෙන් අසනීප වලට ගොදුරු වේ. මේ හේතුව නිසා මිනිසුන් ඉතා අසහනකාරි තත්වයට මුහුණ දෙයි. එහි අවසාන ප්‍රතිඵලය වනුයේ ගැටුම්ය.

මෙය විසඳීම සඳහා සමාජීය බලපෑම් අධ්‍යනය ඉතා වැදගත්වේ.(Social Impact Assessment) මෙහිදී නාගරික ජනතාවට කර්මාන්ත වලින් ඇතිවන බලපෑම අධ්‍යනය කරයි. එමෙන්ම වෛද්‍ය වාර්තා, ද්වීතික දත්ත එකතු කරයි. ඒවා අධ්‍යනය සිදුකරයි.බලපෑම් පිළිබඳ ජනතාව දැනුවත් කරයි. ඔවුන්ගේ අදහස් හා යෝජනා මේ සඳහා ඉතා වැදගත් වේ. දැනුවත් කිරීම සහ නව දියුණූ තාක්ෂණයන් හඳුන්වාදීම මඟින් ඇතිවන ගැටළු අවම කළ හැකිය. සාමාජිය බලපෑම් අධ්‍යනය මගින් ශක්ති  පාලනය, ඉන්ධන දහනය සැලසුම් කිරීම සහ මැනිය හැකි ක්‍රම මඟින් ඉන්ධන මිල පාලනයක් හා රාජ්‍ය ප්‍රතිපත්ති සැලසුම් කළ හැකිය.

කර්මාන්ත ස්ථානගත කිරීමට පෙර සමාජයට ඇතිවන බලපෑම අධ්‍යයනය කිරිම මගින් ගැටළු අවමකර ගත හැකි බව අධ්‍යයන වලින් හෙළිවී ඇත. එබැවින් (Social Impact Assessment) ඉතා වැදගත් සමාජීය බලපෑමක් කළ හැකි එමෙන්ම ගැටළුවලට විසඳුම් ලබාදිය හැකි අධ්‍යයනයකි.

                                                                                                                                                            එස්.එම්.ටීකේ.සමරකෝන්
විද්‍යා හා තාක්ෂණ නිළධාරි
ගඟවට කෝරළය         

0 comments:

Post a Comment