September 9, 2015

පෘථිවිය වටා ඇති උෂාලෝකයේ (අරුණළු වල/Aurora) වර්ණවත් රටාව

නාසා ආයතනයේ  ගගණගාමීන් පෘථීවියට ඉහල සිට පෙනෙන අරුණාලෝකයේ  වර්ණවත් රටා ආවරණ වූ  ඡායාරූප විවිධ අවස්ථාවලදී ප්‍රසිද්ධ කර තිබේ . ගගණගාමී ස්කොට්කෙලි විසින් ඉහත ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලදී. මෙම ඡායාරූප 2015 අගෝසතු 15 දින අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ලබා ගත් බවට ඇය ප්‍රකාශ කරන්නීය.

උෂාලෝකයේ ඇති රංගනයේ යෙදෙන ආලෝකය මනස්කාන්ත දසුනක් ඇති කරන අතර විද්‍යාඥයින් තුල එය කුතුහලයක්ද ඇති කරයි. සූර්යයාගෙන් ලැබෙන ශක්තිය හා අංශු පිළිබද අධ්‍යනයෙ යෙදෙන විද්‍යාඥයින්ගේ පරිකල්පන මෙමගින් ග්‍රහණය වන බව ප්‍රකාශ වේ. අරුණාලෝකය (AURORA) යනු එලෙස සූර්යයාගෙන් ලැබෙන බලශක්තිය සහිත අංශු වල එක් බලපෑමක් වේ. සූර්ය සුළං (Solar  Wind) නම් අඛණ්ඩ කදම්බයක් ලෙස හා Coronal Mass Ejection (CME) නම් යෝධ පැන නැගීම් ලෙස මෙම අංශු සූර්යයාගෙන් ඉවත් වේ. පෘථීවිය දෙසට ඒවායේ ගමනට දින 2 ක් හෝ 3 ක් ගත වේ. පෘථීවිය ආසන්නයේදී ග්‍රහනය වන අංශු නිදහස් වීම මෙම සූර්ය අංශු හා චුමබක ක්ෂෙත්‍ර නිසා සිදුවේ. ඒවිට ඉහල වායුගෝලයේ ප්‍රතික්‍රියාවක්‌ ප්‍රෙරණය වී ඔක්සිජන් හා නයිට්‍රජන් අණු ආලෝකයේ ප්‍රොටෝන නිදහස් කරයි. ප්‍රථීඵලය උත්තරාලෝකය සහ දක්ෂිණාලෝකය ලෙස දිස් වේ.

මෙවැනි  ඡායාරූපයක් ප්‍රසිද්ධ කරමින් යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ ගගණගාමී ඇලෙක්සැන්ඩර් ප්‍රෙස්ටි ප්‍රකාශ කළෙ උෂාලෝකය (අරුණලු) තුලින් පියඹා යාමේදී ඇතිවන හැගීම් හා දැනීම් වචන වලින් විස්තර කළ නොහැකි බවයි. “අඩුම වශයෙන් විස්තර කිරීම කොතැනින් ආරම්භ කළ යුතුදැයි නොදනිමි.” යයිද ඔහු ප්‍රකාශ කර තිබේ. 
 

 උපුටා ගැනීම :- Aurora’s Colorful veil over Earth.

https://www.youtube.com/watch?v=y6g_0V83_3Y

0 comments:

Post a Comment