September 17, 2015

අනාගතයට සුදුසු ගොඩනැගිලි හා යටිතල පහසුකම්

රටක යටිතල පහසුකම් වර්ධනය සඳහා කටයුතු කිරීම රජයේ මුලික වගකීමකි.ඒ සඳහා විශාල ලෙස මුදල් අයෝජනය කල යුතු අතර සුදුසු , අත්‍යාවශ්‍ය ,නිර්මාණශිලි, කාලින හා ඵලදායි ව්‍යාපෘති හඳුනා ගැනිම ඉතාම භාරදුර හා වගකිම් සහිත කාර්යයක්‌ වේ. කොතරම් දත්ත හා ව්‍යාපෘති තිබුණද ඒවා නිවැරදිව විශ්ලේෂණය කිරීමට හැකියාව සහිත පුද්ගලයින් හා යාන්ත්‍රණයන් අවශ්‍යයයි.

ලැව්ගිනි,ඉහල යන මුහුදු මට්ටම ,අඛණ්ඩව වර්ධනය වන නගර නිසා සහ ගරා වැටෙන මාර්ග, පාලම් සහ ප්‍රමාණය ඉක්මවා ගිය විදුලි රැහැන් සහිත පැරණි යටිතල පහසුකම් මත යැපීමට ඇමරිකානු වැසියන්ට සිදු වී තිබේ.පසු ගිය වසර කිහිපය තුල යටිතල පහසුකම් වර්ධනය කැපී පෙනෙන ලෙස සිදුවී නොමැත. එහෙත් වාසනාවකට දීප්තිමත්  හා කැපවීමෙන් වැඩ කිරීමට කැමති නිර්මාණශිලි බුද්ධිමත් මිනිසුන්ගෙන් සමන්විත එරට ජාතික විද්‍යා සභාවට මෙම තත්වය  වෙනස් කිරීමට දක්වන උනන්දුව සඳහා රජයේ අවධානය පමණක් නොව මුල්‍ය පහසුකම්ද ලබා ගැනීමට හැකියාව ලැබී තිබේ.

අනාතයේ ඇතිවිය හැකි කුමන හෝ අපදාවකට මුහුණ දිය හැකි ගොඩනැගිලි පාලම් හා යටිතල පහසුකම් සහිත නගර නිර්මාණය කිරීමට ධවල මන්දිරය හා එක්ව ජාතික විද්‍යා සභාව (National Science Foundation) ප්‍රථම වතාවට ස්මාට් නගර සතිය පසුගියදා ආරම්භ කරන ලදි. මේ සඳහා ඩොලර් මිලියන 20ක් වෙන් කර ඇති අතර අදාල යෝජනා හා ව්‍යාපෘති ජාතික විද්‍යා සභාව (NSF) විසින් පෞද්ගලික හා රාජ්‍ය අංශ වලින් කැදවන ලදි.එමගින්  අවධානම්,ප්‍රත්‍යස්ථ, අන්‍යෝන්‍ය සම්බන්ධ යටිතල පහසුකම් පද්ධති සහ  ක්‍රියාවලි ( CRISP) නම් ආරම්භක වැඩ සටහන සඳහා ව්‍යාපෘති 12ක් තොරා ගෙන තිබේ.

 මෙම CRISP වැඩ සටහන යටතේ වසර 3, 4 කාලයක් සඳහා පර්යේෂණ වෙනුවෙන් මුදල් වෙන් කර ඇත. තෝරාගත්  වාසානාවන්ත ව්‍යාපෘති 12 අතරට මුහුදු තිරය ඔස්සේ ඇතිවන ජලය ගොඩ ගැලීම් මධ්‍යයේ  වුවද ප්‍රවාහන හා පහසුකම් සැලසීය හැකි  ව්‍යාපෘතියද ඇතුලත්ය. අධික නියගයකදී වුවද රදාපවතින ලෙස ජල හා විදුලිබල පද්ධති සංවර්ධනය කිරීම තවත් ව්‍යාපෘතියක් වන අතර ත්‍රස්තවාදි ප්‍රහාර සයිබර් ප්‍රහාර වැනි මිනිසුන් විසින් ඇති කරන අපදා වලින් යටිතල පහසුකම් ආරකෂා කිරීමේ ව්‍යාපෘතියද මෙම තෝරාගත් ව්‍යාපෘති වලට ඇතුලත් වේ.
 
මෙවැනි ව්‍යාපෘති සර්ථක කර ගැනීමට විශ්ව විද්‍යාල සහ විශේෂඥ සමාගම් වල පර්යේෂණ, ස්වයංක්‍රිය නිරීකෂණ හා අළුත්වැඩියා කිරීමේ හැකියාව ඇති ගොඩනැගිලි නිර්මාණය කිරීම සදහා  මුලික අවධානය යොමු කර තිබේ.

උපුටාගැනීම :


https://www.youtube.com/watch?v=FkZ6YCOvG7E

0 comments:

Post a Comment