September 7, 2015

ජාන තාක්ෂණයෙන් වැඩිදියුණූ කළ ආහාර අපේ පැවැත්මට බාධාවක් ද?

ජානමය වශයෙන් වැඩිදියුණු කල ආහාර අද වන විට බාවිතයට ගැනෙමින් තිබේ. එවැනි ආහාර අප මෙතෙක් ලබාගත් සම්ප්‍රදායික අහාර වලට වඩා බොහෝ වෙනස්ය. ඇතැම් අය කියන්නේ සම්ප්‍රදායික අහාර මිස ජානමය වශයෙන් වැඩි දියුණූ කළ ආහාර ගැනීමෙන් මිනිසාට හොදක් සිදුනොවන බවකි. ජනගහනය වැඩිවත්ම ඊට සමානුපාතිකව අහාර නිෂ්පාදනයද වැඩි කල යුතුව ඇත. ජනගහනය වැඩි වුවත් මහ පොළවේ ප්‍රමානය වැඩිවන්නේ නැත. මේ නිසා ආහාර නිෂ්පාදනය සීමා සහිත තැනකට තල්ලුවීම නොවැලක්විය හැකි දෙයකි. උක්ත කාරණය පදනම් කර ගෙන ජානමය වශයෙන් වැඩිදියුණු කල ආහාර භාවිතා නොකර සිටින්නට බැරි තැනකට මිනිසා ඇද වැටී ඇති කියා කියන පිරිසකුත් සිටිති. ඔවුන් නගන තර්කය අර්ථ විරහිත එකක් නොවන බව මෙහිලා මතක් කර දිය යුතුව ඇත. ජානමය වශයෙන් වැඩිදියුණූ කර ආහාර භාවිතා කිරීම අනතුරු සහිතද යන ගැටුලුවට නිෂ්චිත පිළිතුරක් අද වන විටත් නැත. එයට හේතුව එකම බෝගය වුවත් විවිධ ජානමය වෙනස් කිරීම් වලට ලක් කර තිබෙනු දකින්නට පුළුවන් වීමයි. මේ විදියට විවිධ වෙනස්කම්වලට ලක් කල එකම බෝගයේ කුමන ස්වරූපය මිනිසාට හිතකර ද? කුමන ස්වරූපය මිනිසාට අහිතකරද? යන්න ගැන පුලුල් පර්යේෂණ පැවැත්විය යතුව  ඇත. මෙය ප්‍රායෝගිකව කරන්නට අසීරු කටයුක්තකි. අනෙක් අතට වෙළද සමාගම් නිකම්ම නිකන් සිටින්නේ නැත. හොඳ යයි කියා තහවුරු කල බෝගයක වුව තවත් වෙනස්කම් ඇති කරන්නට සමාගම් නැඹුරුවන්නට පුළුවන. වෙළඳපොලේදී බෝගයක් දෙස බැලූ පමණින්ම ඒ වෙනස්කම් පාරිභෝගිකායා‍ට හදුනාගන්නට ලැබෙන්නේ නැත. ඒ නිසා තමන් ආහාරයට ගන්නට සැරසෙන්නේ විද්වතුන් හොද යයි සනාථ කල ස්වරූපයමද යන ගැටලුව මතු වේ.
කිසියම් බෝගයක ජානයක් ඉවත් කල විට හෝ එයට අලුතින් ජානයක් හදුන්වාදුන් විට හෝ කිසිවෙකු අපේක්ෂා නොකරන විධියේ වෙනස් කම් බෝගය තුල ඇති වන්නේය යන්න දැනට පිළිගන්නා මතයයි. ඇමෙරිකාවේත් යුරෝපයේත් වෙසෙන ජනයා අතර ආහාර ආසාත්මිකතා දිනෙන් දින ඉහල යන්නේ ජානමය වශයෙන් වැඩි දියුණු කල ආහාර නිසා කියා මතයක්  පැනනැගී තිබේ.

ජානමය වශයෙන් වැඩිදියුණු කල අර්ථාපල් විශේෂයක්  මීයන්ට කන්නට දී පර්යේෂණයක් කෙරිණ. ජානමය වෙනස් කම් වලට ලක් නොකල අර්ථාපල් තවත් මීයන් සමූහයකට කෑමට දෙන ලදි. ජාන වෙනස් කළ අර්ථාපල් ආහාරයට ගත් මීයන්ගේ ප්‍රතිශක්තිකරණය අඩුවී තිබිණ. ඒ වගේම ඔවුන්ගේ අභ්‍යයන්තර ඉන්ද්‍රියන් කුඩා වී ඇති බවද නිරික්ෂණය කල හැකි විය. මේ පර්යේෂණය කලේ ස්කොට්ලන්තයේ ඇබඩීන්හි රොවෙට් පර්යෙෂණ ආයාතනයේ ආචාර්ය පුස්තායි නැමති විද්‍යාඥයෙකි. මේ පර්යේෂණ අනුව පෙනෙන්නේ ජාන තාක්ෂණයෙන් වැඩි දියුණූ කල ආහාර මිනිසාගේ කෑම පතට එකතු කරගන්නට තරම් නොවන බවක්ද? මෙයට තවමත් ස්ථීර පිළිතුරක් නැත.

1 comments:

ජාන වෙනස් කළ ආහාර පරිභෝජනයට සුදුසු හෝ නුසුදුසු බව විද්‍යාත්මකව සනාථ කළ පමණින් ඒ ආහාර ජනතාව අතරට අරන් යන්න බෑ.මොකද විද්‍යාත්මක සත්‍යයන්ට පිටින් පාරිභෝගිකයා තමන්ට ලැබෙන දැනීමේ හැටියට මිලදී ගැනීම තීරණය කරන නිසා.

Post a Comment