September 30, 2015

කෝමාරිකා

කෝමාරිකා ශාකයේ නිජ බිම වන්නේ උතුරු අප්‍රිකාවයි.ඇමරිකාව,ඉන්දියාව,පකිස්ථානය,සහ ශ්‍රි ලංකාව වැනි රටවල උෂ්ණ කලාපිය ප්‍රදේශ ආශ්‍රිතව  වැඩෙන ශාක විශේෂයකි. කෝමාරිකා Liliaceae කුලයට අයත් ශාකයක් වන අතර Alove vera යන උද්භිත විද්‍යාත්මක නමින් හැදින්වේ.

උපරිමව අඩි 2ක් පමණ උසට වැඩෙන ශාකයකි. පත්‍ර වඩාත් ප්‍රකට වේ. වැඩුණු පත්‍ර අඩියක පමණ දිගින් යුක්ත වන අතර මාංසලය. පත්‍ර ඝනකම්ය. පාදයේ සිට අග්‍රය දක්වා ක්‍රමයෙන් පටුවී යයි. දාරය කටු සහිත වේ. පුෂ්ප කහ පාට වේ. ඵලය ස්ඵෝටිකාවකි.
මිනිස් සිරුරට අවශ්‍යය ඇමයිනෝ අම්ල විසි දෙකකින් විස්සක්ම කෝමාරිකාවල අඩංගුය.ශාරීරයට නිපදවාගත නොහැකි අත්‍යවශ්‍ය ඇමයිනෝ වර්ග හතක්ම ඵහි අඩංගුය.අධිකප්‍රෝටීන ප්‍රමාොණයකින් සමන්විත වේ.මෙහි විටමින් ඵ්, විටමින් ඊ, විටමින් සි, සහ විටමින් බි, අඩංගුය.පැරැන්න් විටමින් ඵ් ඌනතාවය නිසා ඇතිවන රාත්‍රි අන්ධභාවය සඳහා ඹෟෂධයක් ලෙසින් මෙය භාවිතා කර ඇත.සමහර පිළිකා,රුධිරය තුළ ඇතිවන ප්‍රෝටීන ඌනතාවය වැළැක්වීමට පිළියමක් ලෙස කෝමාරිකා යුෂ වලින් සාදන පානයක් භාවිතා කළේය.රෝගියකු දරුණු ආබාධිත තත්වයනට පත්ව ESR නමැති රුධිර පරීක්ෂණයේ ඉහල අගයක් ඇතිවිට ඵය ඉක්මනින් පහළ මට්ටමට ගෙන ඵ්මට කෝමාරිකා යුෂ භාවිතා කෙරේ.
Add caption

අක්ෂි රෝග ,පෝෂණ ඌනතා රෝග,රක්තහීනතාවය,දුර්වල ප්‍රතිශක්තියක් ඇතිවිට ඵය මර්ධනයට,ආමාශික තුවාල,අන්ත්‍රගත තුවාල,ගුදය මගින් රක්තවහනය වීමෙදි, අර්ශස්වලට සම්බන්ධ අන්ත්‍රගත පිළිකා,චර්ම පිළිකා,ලේ පිළිකා ආදියට,ඔසප් චක්‍රය ආශ්‍රිත විවිධ රෝග සඳහා,ආර්තව හරණය නිසා ඇතිවන රෝග,සුවනොවන තුවාල සුවකිරීමට,රූපලාවන්‍ය ප්‍රතිකාර,සම විකිරණ මඟින් ආරක්ෂාව,දියවැඩියා සහ උන්මාද රෝග ආදි විවිධ රෝග සඳහා ප්‍රතිඵලදායක ඖෂධයකි.

වර්තමානයේදී බොහොමයක් නිෂ්පාදන වෙනුවෙන් කෝමාරිකා භාවිතයට ගනී.විශේෂයෙන්ම වෙළදපලේ පවතින ඖෂධීය නිෂ්පාදන බොහොමයක කෝමාරිකා අඩංගුය.ෂැම්පු වර්ග,ක්‍රීම් වර්ග,ඖෂධ,පවුඩර් ,තෙල් වර්ග,බාම් වර්ග මෙන්ම විවිධ පානයන්ද බොහොමයක් වෙළදපලේ පවතී.ස්වභාවික ගුණය ඉහල නිසා භාවිතයට ගැනීමද ඉහල අගයක් ගනී.අතුරු ආබාධ අවමය.අඩු වියදමකින් ඖෂධ සකසා ගැනීමට මෙන්ම මිලදි ගැනීමටද හැකිය.මෙවන් වු වටිනා ඕෂධීය ශාකයන් බිහිවීමත් අපගේ වටිනා සම්පතකි.අමෘතයක්බදු වු ශාක පරිසරයේ නිර්මාණයවීම මිනිසාගේම වාසනාවකි.‍අපගේ ගෙවත්තේස මෙවන් වටිනා ඖෂධ සිටුවීමට උනන්දු වීම අපට ඔබට මෙන්ම මුළු රටටම කරනා සේවයකි. තවද ඖෂධීය ශාකයක් වශයෙන් මෙය වගාවක් ලෙස මහ පරිමාණයෙන් වගා කිරීමෙන් ඉතා විශාල ආර්ථික ප්‍රතිලාභ ලබා ගත හැකිවනු ඇත.
කෝමාරිකා සම්බන්ධ අන්තර්ජාල ලිපි ඇසුරින් සකස් කරන ලදී.

පී.ඩී.පී.ධනසේන
විද්‍යා හා තාක්ෂණ නිලධාරී අඹන්ගගකෝරළේ. 

2 comments:

how to create a komarika jues

how to create a komarika jues

Post a Comment