September 10, 2015

විද්‍යා ප්‍රබන්ධ සත්‍යාපනය සහ ජෛව පිරිසැකසීමේ ආරම්භය

විද්‍යාව, විද්‍යා ප්‍රබන්ධ ජයගැනීමේ යෙදී සිටියි. සුසුම්නාවේ ඇති හිඩැසක් සෛල ප්‍රතිකාර මගින් පිරවීම නිසා අංශභාග රෝගියෙකු සුව වී ඇවිදීමට සමත් වීම පසුගිය වසරේ වාර්තා විය. ජෛව යාන්ත්‍රික ඇස් බද්ධ කිරීමෙන් මිනිසුන් බොහොමයකට නැවත පෙනීම ලැබී ඇත. අධෝරක්ත කිරණ හා පාරජම්බූල කිරණ දැකීම දක්වා මෙම ජෛව යාන්ත්‍රික ඇස් වර්ධනය කර තිබේ. අවයව අහිමි වූ පුද්ගලයින්ට බද්ධ කළ අවයව සිතුවිලි වලින් පමණක් පාලනය කළ හැකි තත්ත්වයට දියුණු වී ඇත.

මේ අතර අපි ශරීරයේ නොයෙකුත් අවයව/අංග ත්‍රිමාණව මුද්‍රණය කිරීමේ හැකියාව ද අත්පත් කර ගැනීමේ මාවතේ අති සාර්ථකව  ගමන් කරමින් සිටිමු. නව තාක්ෂණික උපකරණ වලින් නිර්මිත සායනවල  දර්ශන මගින් සායන නවීකරණය වන ආකාරය පැහැදිලිය. මෙම පරිවර්තන මගින් ඉංජිනේරු විද්‍යාවේ නව අභිජනනයක් මතු වී තිබේ. එක් පැත්තකින් ඉංජිනේරු විද්‍යාව ද අනික් පැත්තෙන් ජෛව විද්‍යාව ද අතර  ඇති පරතරය අඩු කිරීම මෙමගින් සිදුවේ.

ජෛව පිරිසැකැස්ම (Bio fabricator) වෙත ඇතුළු වන්න. ද්‍රව්‍ය විද්‍යාව, යාන්ත්‍රීකරණය හා ජීව විද්‍යාව සම්බන්ධව ඇති තාක්ෂණික හැකියාවන් සායන විද්‍යාවත් සමග සංකලනය මෙම නව ක්‍රියා පිළිවෙත වේ.

21 වන ශත වර්ෂයේදී ඔබට නව ශරීරාංගයක් අවශ්‍ය වූ විට එය නිර්මාණය කරදීම ජෛව පිරිසැකසුම් කරුවන්ගේ  කාර්යය වේ. මෙය නවීන සංකල්පයකි. එහි තාක්ෂණය සුවිශේෂී වේ. එහි කාර්යයන් තවමත් ගොඩ නගිමින් පවතී. දැනටමත් මෙම වෘත්තිය එක්සත් ජනපදයේ ආරම්භ වී තිබේ. අධ්‍යාපනයේ වඩාත් වටිනාතම විෂය පථ 15 අතරට මෙම ජෛව වෛද්‍ය ඉංජිනේරු විෂය හෙවත් ජෛව පිරිසැකැස්ම පවත්වනු ඇතැයි 2012 දී Forbes සඟරාව ප්‍රසිද්ධ කර තිබේ. තවද, CNN වැනි මාධ්‍ය ද ඇමරිකාවේ හොඳම රැකියා අවස්ථාව ලෙස ජෛව පිරිසැකසුම හදුන්වා දී ඇත.

උපුටාගැනීම :
From Science Fiction To Reality: The Dawn of Biofabricator by Gordon Wallace

https://www.youtube.com/watch?v=VDWRGBWARlw

0 comments:

Post a Comment