January 25, 2018

කෝමාරිකා පානය

ගෙවත්තට ඔසු පැළයක් කෝමාරිකා Liliaceae කුලයට අයත් Alo Indica නමැති උද්භිත නාමයෙන් හඳුන්වන කෝමාරිකා ශාකය කුමාරි, ගෘහ කන්‍යා, සෘතු කුමාරි, කුමාරිකා යන නම්වලින් ද හඳුන්වයි. කෝමාරිකා ශාකය ඇමරිකාව, අප්‍රිකාව, ඉන්දියාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව වැනි ඌෂ්ණ කලාපීය ප්‍රදේශ ආශ්‍රිතව ඉතා සරුවට වැඩෙන ශාකයකි.
කටු සහිත දික් හැඩැති ඝනකම් පත්‍ර ඇති මෙම ශාකය පඳුරු වශයෙන් දක්නට හැකිය.ඉතා වටිනාකමක් සහිත මෙම ඖෂධය සෑම ගෙවත්තකම තිබිය යුතු මෙන්ම ඉතා පහසුවෙන් වැවිය හැකි ශාකයක් ලෙස හඳුනාගෙන තිබේ.    

තවද අධික වශයෙන් ප්‍රෝටීන් බහුල ශාකයන් මෙන්ම පිළිකා නාශකයක් ලෙස ද හඳුනාගෙන තිබේ. අතීතයේ මිනිසුන් විටමින් ඌනතාව නිසා ඇති වන රාත්‍රී අන්ධභාවයට ඖෂධයක් ලෙස ද කොමාරිකා භාවිතාකොට තිබේ. කෝමාරිකා තුළ විටමින් A, C, D, සහ E හා Folic හා Nicin අම්ල කොපර් මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම්, සින්ක් හා යකඩ අඩංගුය. සමහර පිළිකා, රුධිරයේ ප්‍රෝටීන් ඌනතා වැළැක්වීමට මෙය කදිම ඖෂධයක්වේ .
අක්ෂි රෝග පෝෂණ ඌනතා, රක්තහීනතාව, දුර්වල ප්‍රතිශක්තිය ශක්තිමත් කිරීමට ,ආමාශයේ ඇතිවන තුවාල වලට ප්‍රතිකර්මයක් ලෙස, අන්ත්‍රගත තුවාල වලට ප්‍රතිකර්මයත් ලෙස, අර්ශස් අමාරුවට, දියවැඩියාවට, ආර්තව හරණයෙන් ඇතිවන රෝග සඳහා ද ඖෂධයක් ලෙස කෝමාරිකා යොදා යොදා ගනීවේ කෝමාරිකා මගින් ඉන්සියුලින් වල සවේදීතාවය වැඩි කරයි. දීර්ඝ කාලීනව දියවැඩියාව හෘද හා වකුගඩු රෝග වලට හේතුවේ. මාස කිහිපයක් කෝමාරිකා යුෂ පානයෙන් සැලකිය යුතු මට්ටමකින් රුධිර සීනි ප්‍රමාණය අඩුකර ගත හැක.
කෝමාරිකා ජෙලි තේ හැදි 02ක් දවසට පානය කිරීම මගින් සති 06ක කාලයක් තුලදී සීනි ප්‍රමාණය සැලකිය යුතු මට්ටමින් අඩු වන බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත.
කෝමාරිකා වල විස්මිත ගුණයක් වන්නේ ශරීරයේ මේද දහනය හා ක්‍රමවත් ආහාර ජීර්ණයක් සිදු කිරම මගින් ශරීර බර අඩු කිරීමට උපකාරී වේ.
අපේ ශරීරයේ එකතුවන විෂ වර්ග හා මුක්ත ඛණ්ඩක ආදිය සමග අපේ නිරෝගී සෛල සටන් කිරීම නිසා ප්‍රතිශක්තකරණය හානිකර පිළිකාමය තත්වයන් ඇති කල හැක. කෝමාරිකා වලට මෙම මුක්ත ඛණ්ඩක සමග සටන් කර ප්‍රතිශක්තීකරණ පද්ධතිය අළුත්වැඩියා කර හානිවූ සෛල යථා තත්වයට පත්කිරීමේ කාර්යාවලියේදී වැදගත් වේ.
කෝමාරිකා ජෙල් දත්මත ආලේපනයෙන් දත් මැලියම් ඉවත් කිරීමට උපකාරීවේ. එහි ඇති ප්‍රතිබැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව නිසා බැක්ටීරියා විනාශ කර මුඛය නැවුම්ව තබයි. එමගින් ඒ සමග ශරීරයේ ඇතිවන අනෙකුත් රෝගමය තත්වයන් ද අඩු කිරීමේ හැකියාව ඇත.මෙය මුඛ ශෝදන නිෂ්පාදනයේදී භාවිතා වේ.කෝමාරිකා වල විටමින් සී අධිකව අඩංගු වීම දන්ත රෝග වලින් මුඛය ආරක්ෂා කිරීමට වැදගත් වේ.
විටමින් B12 කෝමාරිකා වල අඩංගු වේ. එම නිසා හෘදය හා රුධිර සංසරණය හොද තත්වයේ පවත්වා ගනී. එමෙන්ම කැල්සියම් , සෝඩියම්, යකඩ, පොටෑසියම්, මැග්නීසියම්, විටමින් A,C,D,E Folic acid වැනි සංයෝග 200 පමණ මෙම ශාකයේ අඩංගු වේ. තවද මෙහි ඇති බීටා සිට්‍රෙස්ටෙරෝල් නිසා රූමටයිඩ්, ආතරයිටිස් වැනි හන්දි රෝග සමනය මෙන්ම මාංශ පිඩු හොදින් ක්‍රියා කිරීමේ හැකියාව ලබාදෙයි.

 කෝමාරිකා වල ඖෂධ ගුණය නිසා එය පලතුරැ යුෂ හෝ මී පැණි සමග මිශ්‍ර කර පානයක් පිලියෙල කර ගත හැක. අද වෙළද පලේ පවතින රසකාරක යෙදූ පැණි බීම වර්ග වෙනුවට පිපාසය සංසිදුවා ගැනීමට මෙවන් පානයයන් එක් කර ගැනීම කාලෝචිතය.


උපුටා ගැනීම - අන්තර්ජාලය 

0 comments:

Post a Comment